එජාපයේ දෙවෙනි පිපිරීම අතේ දුරින්.. රනිල් පන්නන විශ්වාස භංගයට තරුණ මන්ත‍්‍රීන්ගෙන් අත්සන්..

February 27, 2018 at 12:02 am | lanka C news
එජාපයේ දෙවෙනි පිපිරීම අතේ දුරින්.. රනිල් පන්නන විශ්වාස භංගයට තරුණ මන්ත‍්‍රීන්ගෙන් අත්සන්..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

ඡන්දය කාලයේ දී අගමැතිතුමාට බැංකු හොරා කිව්වා.  දැන් එතුමාට හොරු අල්ලන පොලීසිය භාර දීලා තිබෙනවා.  නරියාට කුකුල්ලු භාර දුන්නා නම් මීට හොඳයි. ඡන්දය කාලේ බැඳුම්කර වංචාව ගැන ආණ්ඩුවේ නායකයන් කවර කතා කිව්වත් බැඳුම්කර වංචාව ගැන යුක්තිය ඉටුවීම නම් ඊයෙන් අවසන් කියන එක අපි රටට කියන්න අවශ්‍යයි. මොකද මේ වංචාව සම්බන්දයෙන් ප්‍රශලම චෝදනා ලද අගමැතිවරයා යටතට පොලීිසය පත්කල පසු අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමක්වත්, චෝදනා ලද අන් අයට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග නිසි ආකාරයට සිදු වේවියැයි විශ්වාශයක්වත් මේ රටේ  ජනතාවට  තව දුරටත් නෑ.

වැඩ බැරි ඇමතිවරුන්ට මොන වැඩේ බාර දුන්නත් බෑම තමයි.  කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ වගේම අමාත්‍යාංශය මාරු වුණාට හොරකම බැරිකම මාරු වෙන්නේ නෑ.  ඒවා පරන අමාත්‍යාංශයේ සිට අළුත් අමාත්‍යාංශයට එනවා අර අමාත්‍යවරයා අරන් එනවා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමන් වරක් පැවසූ පරිදි අද අවශ්‍ය හිසේ කැක්කුමට කොට්ට මාරු කිරීමක්  නොවෙයි. අද ජනතාව ඉල්ලන්නේ  කොට්ටෙ මාරුකරන එක නතර කරලා තිබෙන ඇඳ වෙනුවට අළුත් ඇඳක් ගැනීමයි.  ඒ නිසා අපි පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලලා මාර්තු 7 වෙනිදා ජනතාව සමගින් පාරට බහින්න තීරණය කරල තියෙනවා.

එජාපයේ දර දිය ඇදලා තමන්ට නියෝජ්‍ය අමාත්‍යධූරවත් ලැබේවි කියලා බලාපොරෝත්තු වූ තරුණ මන්ත්‍රීවරුන් තමන්ට නියෝජ්‍ය අමාත්‍යධූර නොලැබීම නිසා ඉතාම අසහනයට පත්වී සිටිනවා. මේ නිසා එජාපයේ දෙවෙනි පිපිරීම අතලගයි. ඒ වගේම අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය යෝජනාව යලි කරළියට  ගෙන ආ යුතුයි එහෙම ගෙන එනවානම් අපි අත්සන් කරන්න ලෑස්තියි කියණ පණිවිඩය මෙතෙක් අගමැතිතුමන් රැකගැනීම සදහා කටයුතු කරමින් සිටි එජාපයේ තරුණ මන්ත්‍රීවරුන්ගෙන් අපට ලැබෙනවා.

– අරවින්ද අතුකෝරල

4 views

13 Comments to “එජාපයේ දෙවෙනි පිපිරීම අතේ දුරින්.. රනිල් පන්නන විශ්වාස භංගයට තරුණ මන්ත‍්‍රීන්ගෙන් අත්සන්..”

  1. නැවුම් මාවත says:

    එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙනයාමට අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම අත්‍යාවශ්‍යයි එතුමා ප්‍රබුද්ධ නායකයෙක් වගේම ඉදිරි දැක්මක් තිබෙන ලෝකයේ ප්‍රවණතා හඳුනන ලෝක ආර්ථිකය ගැන අවබෝදයක් තිබෙන නායකයෙක් .එක්සත්ජාතික පක්ෂය සමාජිකත්වයේ තිබෙන ප්‍රශ්න විශේෂයෙන්ම රටේ ජනතාව සමග සම්බන්දතාවයට පක්ෂ නායකයන්ගේ තිබෙන දුර්වලතව හඳුනාගත් නායකයෙක් ජනවාරි 8 විප්ලවයේ බල හුවමාරුව සිදුවුනේ එතුමාගේ රාමුවෙන් පිටත සිතීමේ හැකියාව නිසයි .එතුමා රාමුවෙන් පිටතට දැක පක්ෂය සවිමත් කරන්න හැකියාව ඇති අති දක්ෂ චරිත පක්ෂයට අවශෝෂණය කරගත්ත .එදා ජනවාරි 8 විපල්වය සිදුවූයේද එනිසයි ලෝකයට නව දේශපාලන මොඩලයක් එතුමා හඳුන්වා දුන්නා .එතුමාගේ එසේ පක්ෂයට දක්ෂ චරිත එකතුකරගැනීමට විරුද්ද එසේම හැකියාව නැති නමුත් තමුන් නායකයන් සහ පක්ෂයේ උරුමක්කාරයන් යයි සිතන කිසිපදෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්දව මෙසේ කටයුතු කරන්නේ .
    අද එක්සත්ජාතික පක්ෂයේ ඉදිරිගමන සාර්ථක වන්නේ රනිල්වික්‍රමසිංහ මහතා වෙනුවට නව අගමැති කෙනෙක් පත්කරගනිමෙන් හෝ එතුමා පක්ෂයෙන් ඈත් කිරීමෙන් නොවේ අවශ්‍ය එතුමා ගේ නායකත්වය යටතේ දක්ෂයන් පක්ෂයට එක්කර ගැනීමෙන් හා එවැනි අති දක්ෂ ප්‍රබුද්ධ දේශප්‍රේමී චරිත එක්සත්ජාතික පක්ෂයේ නියෝජය නායකත්වයට පත්කර ගැනීමෙන් .
    ඩොනල්ඩ් ට්‍රම්ප් යනු දෙමොක්රටික් පක්ෂයේ සිටි අයෙක් ඔහු දිගටම දේශපාලනයේ සිටි අයෙක් ද නොවේ ඇමරිකානු ජනාදිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයට අහසින් පාත්වූ කෙනෙක් නමුත් ඔහුගේ දක්ෂතාව නිසා රිපබ්ලිකන් පක්ෂය ඇමෙරිකාවේ බලය නැවත තහවුරු කරගත්ත .පක්ෂයේ නොවන නමුත් ප්‍රසිද්ද මුහුණු වැදගත් අන්න එනිසයි

    • nimal says:

      මෙහෙම දැක්මක් තමා unp මෝඩයන්ට තියෙන්නේ, මේක ට තමා කියන්නේ දෙන දෙවියෝ ගෙදරටම ගෙනත් දෙනවා කියල, මහින්දට ලස්සනට පාර කැපෙනවා මෙහෙම unp මෝඩයෝ ඉන්න තුරා

    • මල්මාමා says:

      මොන හොඳ තිබ්බත් වැඩක් නැහැ ..කාලේ හරියනකොට අනික් ආණ්ඩුවේ සේවකයෝ වගේ හැටෙන් පැන්ෂන් යන්න ඕනා..පක්ෂේ හදන්න ඕනා අද නායකයා මැරුණත් පක්ෂේ ඉස්සරහට යන්න පුළුවන් විදියට …මේක අනික් පක්ෂවලටත් අදාලයි . ප්‍රධාන පක්ෂවල නායක පට්ටන් වලට අරක් අරන් ඉන්නේ හැට පැන්න ඩෑල් ..ලෝකේ නැති බින්න බබා මල් පෝච්චි තිබ්බ වගේ හෙල්ලෙන්නේ නැහැ .

      • චින්තන says:

        එක්සත් ජාතික පක්ෂයේ උපනායක කමට දේශප්‍රේමී බුද්දිමත් උගත් පාටලී චම්පික පත් කරන්න

    • ඇත්ත says:

      එසේම එතුමා අති දක්ෂ ජාත්‍යන්තර බැංකු කටයුතු
      පිළිබඳ විශේෂඥයකුවන සිංගප්පූරු ජාතික මහේන්ද්‍රන්
      නමැත්තෙක් ශ්‍රී ලංකා මහ බැංකුවට හඳුන්වාදීම තුලින්
      මාසයක් ඇතුලත ශ්‍රී ලංකාවේ ආර්ථිකය නොසිතූ, නොපැතූ
      ආකාරයෙන් වර්ධනයවී ශ්‍රී ලාංකිකයන් සුඛිත, මුදිත ජාතියක්
      බවට පත්වුනා.

    • තෙපානිස් says:

      උඹ ඔය පක්ෂයේ උරුමක්කාරයෝ කියල හිතන් ඉන්න
      කියල වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නෙ වසන්ත
      සේනානායකට නේද?

    • තට්ට වීයන්ගොඩ says:

      පක්ෂයේ නොවන නමුත් ප්‍රසිද්ද මුහුණු වැදගත් නම්
      ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකයකු වන නමුත් පලාත්
      පාලන මැතිවරයේදී එජාප වේදිකාවේ දක්ෂ කතිකයකුගේ
      කාර්ය භාරය ඉටුකල දඹර අමිල හිමිට එජාප
      නියෝජ්‍ය නායකකම දෙමු.

    • Kings says:

      ඉතින් මනුස්සයො මෙච්චර දක්ෂ නායකයෙක්නම් මේ අවුරුදු 03 ට මේ රට අගාදයට ගියේ කොහොමද? ඔයා කොල පාටින් අන්ද වෙලා. මේ නායකය දක්ෂයයි රට විකුනල සල්ලි ගේන්නයි, බැංකු හොරකම් කරන්නයි. මෙයාගෙ ඉදිරි දැක්ම තමයි රටයි, සිංහල බෞද්ධයයි නැත්තටම නැති කරල ඉන්දියාවෙ කොලනියක් කරන එක.

  2. Pal says:

    All Sinhalese the 74% majority…

    The so called regime changers had put our beautiful country in a mess.
    Please get together under POHOTTUWA to save our country. They need to make our country weak by bringing weak masters…
    Please be mindful of this.

  3. Jay says:

    All Sinhalese the 74% majority…

    The so called regime changers had put our beautiful country in a mess.
    Please get together under POHOTTUWA to save our country. They need to make our country weak by bringing weak masters…
    Please be mindful of this.

  4. Bamuna says:

    All Sinhalese the 74% majority…

    The so called regime changers had put our beautiful country in a mess.
    Please get together under POHOTTUWA to save our country. They need to make our country weak by bringing weak masters…
    Please be mindful of this.

Main News