එජාපයේ නව සන්ධාන යෝජනාව කෘත්‍යාධිකාරියේදී 35-07න් සම්මතයි.. සජිත් ඡන්දය දීලාවත් නෑ… ලේකම්කමත් සජිත් ඉල්ලලා..

August 1, 2019 at 10:18 pm | lanka C news
එජාපයේ නව සන්ධාන යෝජනාව කෘත්‍යාධිකාරියේදී 35-07න් සම්මතයි.. සජිත් ඡන්දය දීලාවත් නෑ… ලේකම්කමත් සජිත් ඉල්ලලා..

එක්සත් ජාතික පක්‍ෂ මූලිකත්වයෙන් නව සන්ධානයක් ගොඩ නැගීමට අද දිනයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත වූ බව ඇමති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

නමුත් නව සන්ධානයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එකඟතාවක් පල නොවුනු බවද ඔහු පැවසීය.

මේ අතර එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ නව සන්ධානයක් බිහි කිරීම පිළිබඳ වූ යෝජනාව සඳහා පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි.

එම ඡන්ද විමසේමේදී අදාළ නව සන්ධානයක් ඇති කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 35ක් හා ලැබෙද්දී විරුද්දව ලැබුනේ ඡන්ද 7ක් පමණක් බවත් නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස ඡන්දය දිමෙන් වැලකී සිටි බවත් ඔහු කීය.

මේ අතර වාර්තා වන්නේ නව සන්ධානයේ ලේකම් ධුරය වෙනත් පක්‍ෂයකට ලබා දිය යුතු නැතැයි කියමින් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා එය බාර ගැනීමට සූදානම් බව කියූ බවයි.

35 views

8 Comments to “එජාපයේ නව සන්ධාන යෝජනාව කෘත්‍යාධිකාරියේදී 35-07න් සම්මතයි.. සජිත් ඡන්දය දීලාවත් නෑ… ලේකම්කමත් සජිත් ඉල්ලලා..”

  1. සිංහලයා says:

    එතකොට දැන් ආර්යාවට මොකද වෙන්නේ.පව් අප්පා

    • Amda says:

      ඇයි ආර්‍රයාව වෙන්ඩ බුර්කාව දාගත්තු රවිගේ නෝන ඉන්නේ.

    • 77 UNP says:

      අනේ දෙවියනේ මට උන වියෝයා
      මගේ ගෑණි ආර්යාව වුනෝයා
      ඒක දැකපු උන් මට කෙලියෝයා
      ජනපති පුටුව මට නැති බව පෙනේයා

  2. Godaya says:

    Yes opisara Nona wenwa😂😂😂😂

  3. gamarala says:

    සජිත් දැන්වත් කලු සුද්දන්ගෙන් වෙන්විය යුතුය

  4. දේවක says:

    මන්ඩලේ කචල්ද?

  5. kawinda says:

    ane deviyane mata una viyoya…!

  6. nihal says:

    curse of treasurer hunting and destroying history of Sinhala budhists.

Main News