එජාපය සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවන්න..- චන්ද්‍රිකා ශ්රීලනිපය අල්ලයි..
December 31, 2018 at 12:00 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත්කිරීමට විරෝධය පළකර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇයගේ මතයේ සිටින නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග එක්ව පක්ෂයේ බලය ඇල්ලීමට සූදානම්ව සිටියි.
එහි ඉදිරි පියවරක් ලෙස ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සන්ධානයකින් මැතිවරණයට තරග කිරීමට ද මෙම කණ්ඩායම විරෝධය පළ කර ඇති අතර ඊට එරෙහිව කටයුතු කිරීමට සැලසුම් කර ඇත.
පසුගිය සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය කාරක සභාවේදී පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ආසන සංවිධායකයින්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් පවසා ඇත්තේ පක්ෂය කැඩීමට කටයුතු කරන කල්ලි කණ්ඩායම්වලට සහාය ලබාදෙන ආසන සංවිධායකවරුන් ඉවත් කරන බවයි. එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ කණ්ඩායම, බණ්ඩාරනායක කණ්ඩායම ආදී නම්වලින් එක් එක් කණ්ඩායම් සකස් කර පක්ෂයේ බලය අල්ලන්නට සහාය ලබාදෙන සංවිධායකවරුන් සම්බන්ධයෙන් තමා දන්නා බව පවසා තිබේ. ඒ අනුව වාර්තා වන අන්දමට ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් ආසන සංවිධායකයින් ඉවත් කර ඒ වෙනුවට සම ආසන සංවිධායක ධුර ඇති කිරීමටද සැලසුම් කර ඇත. කෙසේ වෙතත් රැස්වීම අතරතුර ජනාධිපතිවරයා විදෙස් ගතවීම සඳහා ඉන් ඉවත්ව ගිය පසු රැස්වීමේ සිටි මධ්‍යම කාරක සභිකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාට සහ එස්.බී. දිසානායක සහ දයාසිරි ජයසේකරට දෝෂාරෝපණය කර ඇති බවද වාර්තා වේ.
මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින චන්ද්‍රිකා පාර්ශ්වයේ කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අත්පත් කර ගැනීමේ සැලසුමක් සම්බන්ධයෙන් වාර්තා වීමත් සමග වාර්ෂික නිවාඩුවක් සේ සලකා එහි සේවකයින්ට නිවාඩු ලබාදී මූලස්ථානය වසා දැමීමට පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළේය. මීට පෙර කිසිම අවස්ථාවක එහි සේවය කරන සේවකයින්ට මේ ආකාරයෙන් වාර්ෂික නිවාඩුවක් ලබාදී නොමැත.
කෙසේ වෙතත් මෙම කණ්ඩායම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙහෙයවන බවට මේ වන විට ජනාධිපතිවරයා වෙත තොරතුරු වාර්තා වී තිබේ.
ඒ අනුව දැනට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්ව සිටින පියසේන ගමගේ, ඒ.එච්.එම්. ෆවුසි, විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, මනූෂ නානායක්කාර යන අය සමග දැනට විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 23 දෙනාගේ කණ්ඩායමේ ඉතිරි මන්ත්‍රීවරු මේ සඳහා නායකත්වය දෙමින් සිටින බවද වාර්තා වේ. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, ලසන්ත අලගියවන්න, මොහාන්ලාල් ග්‍රේරු ඇතුළු පිරිසක් එක්වන බවට වාර්තා වේ.
‘‘මෙම පිරිසේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අත්පත් කරගෙන යළිත් එක්සත් ජාතික පක්ෂ පෙරමුණ හවුල් ආණ්ඩුවක් කරගෙන යාමටයි. එහිදී මෙම පිරිසට ඇමැති ධුර ලබාගැනීම මෙහි අරමුණ වී ඇත. එහෙත් ජනාධිපතිවරයාගේ දැඩි ස්ථාවරය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන කිසිවකුට ඇමැති ධුර ලබා නොදීමටයි. කෙසේ වෙතත් එය අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම පිරිස පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට සැලසුම් කර ඇත.
චමින්ද සේනාරත්න
– aruna.lk
අගමැති සුමතිරන් වුවහොත් ඔබලාට සිතාගත හැකිද රටට කුමක් වේද කියා? එයින් කිසිම දෙයක් නොවේ යැයි සිතන ඔබට වන්නේ ඔබගේ දුදරුවන් සහෝදර සහෝදරියන් වහලුන් සේ සුළු ජාතියක් වි ගුලුවී සිටීමටයි.මෙයට උඩගෙඩි දෙන ගණයොත් අපාගත වන්න ඕනේ.
අපේ රටේ ම මිනිසුන් ද්‍රෝහීන් ලෙස අපට සැළකිය හැකි ද?
රටේම සිටිමින් රටට ද්‍රෝහී වන්නේ යැයි කියන පිරිසක් ද මේ අතර වෙති. උන් විදේශ ආයෝජන මෙහි එනවාට කැමති ය. විදේශ දැනුම මෙහි එනවාට පක්ෂපාතී ය. විදේශ අදහස් හා ගති පැවතුම් මෙහි එනවාට මනාප ය. උන් කැමතිව සිටින්නේ මේ රට ද විදේශයක් කර ගැනීමට ය.
මෙ කාලකන්නි හැත්ත තරහෙන් හා ක්‍රෝධයෙන් පිරුණු පව්කාරයෝ. එය ඔවුන්ගේ මුසල මුනුවලින්ම පේනවා. එහෙම එවුන් කොහොමද රටක් හදන්නේ ? ජනතා වීමුක්ති පෙරමුණේ කාලකන්නිත් දැන් වැඩකරනවා පෙනෙන්නේ ලංකාවේ හතුරු බලවේග සමග බව ඔවුන් කියන කතාවලින් තේරෙනවා.
බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තු ආසන හයක් දිනාගත් ජනතා වීමුක්ති පෙරමුණේ බිමල් රත්නායක කියන කාලකන්නියෙක් ලන්ඩන් නුවරට ගිහිල්ල කියනවා ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ බහුපාක්ෂික රටක් කියලා. ජනතා වීමුක්ති පෙරමුණ 20වන ව්‍යවස්ථා සංශෝධනයක් කියලා එකක් ගේනවා ජනාධිපති ගේ විධායක බලතල අග්‍රාමාත්‍ය ප්‍රධාන කැබිනෙට් මණ්ඩලයට පැවරිය යුතුයි කියලා.
ඒ සංශෝධන්ම ඔවුන් යෝජනා කරනවා ජනාධිපති තොරා පත් කර ගතයුත්තේ ජනතා චන්දයෙන් නොවේ නමුත් පාරලිමේන්තුවෙන් කියල. මේ මොන විගඩමක්ද මුන් ජාතියේ හතුරන් නේද? මුන් වැඩකරන්නේ කාගේ උවමනවන්වලටද ? ජනතාව ජනතා වීමුක්ති පෙරමුණ සම්පුර්ණයෙන්ම ප්රතික්සේපකලයුතුයි.
මුන් මේ හතරබීරි කතා කියද්දී අපේ ලංකාව තවතවත් පිරිහෙනවා. රට පාලනය කරන්න මොනම හැකියාවක් නැතිබව සක්සුදක්සේ පෙනෙද්දී මුන් තවතවත් යහපාලනයේ රැදී සිටීමටයි ලකලෑස්තිවෙන්නේ. මුන් අර මීතොටමුල්ලේ කුනුකන්දට යටවෙලා විනාශවෙවා.
මේ ලංකාවට අහිතකර පව්කාර රනිල් පාලනය පන්නා දැමීමේ වැඩපිළිවෙලක් වහාම සකස්කළයුතුව ඇත.
එය සිංහල බෞද්ධ ජනතාවගේ පරම යුතුකමයි. ඒ සඳහා ලංකාවේ සියලුම බෞද්ධයින් දේශපාලන වෙනස්කම් අභිභාවා රටවෙනුවෙන් එකමුතු වියයුතුය.
I wonder why Sri Lanka wants dead wood to Govern. Chandrika is a spent comodity and had no use for Sri Lanka in the past or present. Just trying to fill her coffers through third party and goons who follows her for economical gains should be shamed and kicked out. Pathetic politicians…Ayyo Theviyoo…
unp eke aya innawanneda wena aya ona ne