එජාපයේ ‘හැරවුම් ලක්ෂය’ නාගනී..
December 30, 2018 at 4:40 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ හැරවුම් ලක්ෂය කියපු රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා මෙහම නානවා අපි ඉතිහාසයේ දැක්කේ නෑ. එහෙත් නාලා මෙහෙත් නාන්න තමා මේ දවස්වල ප්‍රකාශ නිකුත් කරන්නේ. අපි රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමාට කියන්න කැමතියි දැන්වත් ඔබතුමාලගේ නායකයෝ ගැන තේරුම් අරගෙන නාගන්නේ නැතුව ඉන්න බලන්න යැයි කුරුණෑගල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන සංවිධායක හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ අද ඒ මහතාගේ නිවසේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසනයේ කාන්තා බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,
අද එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට බයේ ඉන්නේ. ඒ අය දන්නවා මැතිවරණයක් තිබ්බොත් එයාලා අන්ත පරාජයකට ලක්වෙනවා කියලා. ඒ නිසා මැතිවරණ කල් දැමීමේ සුදානමකට තමයි එයාලා කටයුතු කරමින් ඉන්නේ. අපි කියන්න කැමතියි ලොකුවට ප්රජාතන්ත්රවාදය ගැන කතාකරන එක්සත් ජාතික පක්ෂයට නීත්‍යානුකූලව කටයුතු කරන්න කියලා.
ඉදිරියේදී මැතිවරණ තුනක් එන්න තියනවා. පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණය. තව අව්රුද්දකින් ඒ කියන්නේ 2019 ඉවර වෙනකොට ජනාධිපතිවරණය තියන්න ඕනේ. දැන් පළාත් සභා හයක් විසුරුවලා ලොකු කාලයක් ගතවෙලා ඉවරයි. ඒ නිසා අපි කියනවා මේ අංග විකල එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිතුමාත් එක්ක සීතල වැඩ කරන්නේ නැතුව ජනමතයට ඉඩදෙන්න අවස්ථාව සලසන්න කියලා. ජනාධිපතිතුමානම් නැවත එක්සත් ජාතික පක්ෂයේ සීතල වැඩවලට උදව් දෙන්නේ නෑ. ඒ කෙසේ වෙතත් මැතිවරණ නොපවත්වන එකෙන් රටේ ස්ථීරත්වය සහ පැවැත්ම නැතිවෙනවා.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,
අද අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල ආසනයේ කාන්තා බලමණ්ඩලය පිහිටුවනවා. කාන්තාවන්ට පුළුවන් තමන්ගේ ශක්තිය රට වෙනුවෙන් වැය කරන්න. ඉතිහාසයේ ඉඳන් අපි දැකලා තියනවා ලාංකීය දේශපාලනය තුළ ජව සම්පන්න කාන්තාවෝ හිටියා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එක්ක අපි මේ යන ගමනේ කාන්තාවන්ගේ ශක්තිය ඉතා වැදගත් වෙනවා. හැම කටයුතුත්තකටම වයඹ පළාත, කුරුණෑගල දිස්ත්‍රික්කය පෙරමුණ ගන්නවා වගේ කුරුණෑගල කාන්තාවන් මහින්ද මහත්මයා සහ අපේ ඉදිරි දේශපාලන ගමන වෙනුවෙන් නොපසුබටව කටයුතු කරයි කියලා අපිට විශ්වාසයි.
එක්සත් ජාතික පක්ෂය වගේ නාගන්න දේශපාලඥයෝ ඉන්න පක්ෂයක් මේ කාන්තාවට අභියෝගයක් වෙන්නේ නෑ. හොඳම උදාහරණය තමයි එක්සත් ජාතික පක්ෂයේ හැරවුම් ලක්ෂය කියපු රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා. මෙහම නානවා අපි ඉතිහාසයේ දැක්කේ නෑ. එහෙත් නාලා මෙහෙත් නාන්න තමා මේ දවස්වල ප්‍රකාශ නිකුත් කරන්නේ. අපි රංගේ බණ්ඩාර මන්ත්‍රීතුමාට කියන්න කැමතියි දැන්වත් ඔබතුමාලගේ නායකයෝ ගැන තේරුම් අරගෙන නාගන්නේ නැතුව ඉන්න. මොකද ඕක තමයි එක්සත් ජාතික පක්ෂයේ ස්වභාවය. ඒ නිසා ඒ වගේ නාගන්න කණ්ඩායමක් එක්ක දේශපාලන තරඟ කරන එක අපිට අභියෝගයක් නෙමෙයි.
මෙම අවස්ථාවට කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ සභාපති අචල නිමන්ත, කුරුණෑගල නාගරික මන්ත්‍රී ගාමිණී පෙරමුණගේ, කුරුණෑගල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩල සභාපතිනි පේෂලා හේරත්, හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය, බස්නාහිර පළාත්සභා මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන, රණවිරු සේවා අධිකාරියේ හිටපු සභාපතිනි පද්මා වෑත්තෑව, නීතීඥ ජෙනට් ජයවර්ධන ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
ජයරත්න හේරත්
මාධ්‍ය ඒකකය
රටට මේ විනාසය කරන්න තම උපරිම උත්සාහය දමා සහය දුන්නු ජඩ බල්ලන් පිරිසට සහ උන්ගේ පවුල් විනාශ වෙලා යත්වා .තොපිට ඇස පනාපිටම මේ ශාපය වැදෙවා
Ade kantha bala mandale apita kiwweth nene.
රංගේ බණ්ඩාරට එන මැත්වරණයේදී ඇපත් නැහැ
අපෝ රන්ගෙට ඕනෑ තරම් සල්ලි තියනවා. අර තබ්බෝව වැවේ වේල්ල කඩලා ගත්ත නිධානයෙන් කොච්චර සම්පතක් හම්බ උනාද. රන්ගෙට සල්ලි තියනවා.
රංගේ බණ්ඩාර පුත්තලමේ චන්ඩියා. වැඩිය සද්ද දාන්න එපා . ලුණු වලින් ගහලා එලවයි.