‘එජාපය අතහරින්න අපට බෑ..’ වෙනම ඉල්ලන්න යන සජිත් පිලට විරෝධය පා පළුවක් රනිල් ලගට..

September 7, 2019 at 2:10 pm | lanka C news
‘එජාපය අතහරින්න අපට බෑ..’ වෙනම ඉල්ලන්න යන සජිත් පිලට විරෝධය පා පළුවක් රනිල් ලගට..

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් තරඟ වදින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීමත් සමඟ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමේ සිටි මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුම සිය ස්ථාවරය වෙනස් කර ඇති බව වාර්තාවෙයි.

වික්‍රමසිංහ මහතාට හිතවාදී ප්‍රබල ඇමතිවරයකු විසින් මෙහෙයවන වෙබ් අඩවියක සඳහන් කර ඇත්තේ ඊයේ පස්වරුවේ හා අද පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මැති ඇමැතිවරුන් කිහිපදෙනකුම රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන බවට මුණගැසී සහ දුරකථනයෙන් අමතා පවසා ඇති බවයි.

වෙනම පක්‍ෂයකින් ජනාධිපතිවරණයට පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කරවීමට එම කණ්ඩායමේ සූදානමක් ඇතත් එජාපය දෙකඩ කරන කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගන්නා බවද එම පිරිස් සදහන් කර ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

මෙම තත්ත්වය මත දැනටමත් සජිත් ප්‍රේමදාස මහතාගේ හිතවාදී පාර්ශවය ක්‍රමයෙන් අඩුවෙමින් යන බවද වැඩි දුරටත් සදහන්ය.

45 views

6 Comments to “‘එජාපය අතහරින්න අපට බෑ..’ වෙනම ඉල්ලන්න යන සජිත් පිලට විරෝධය පා පළුවක් රනිල් ලගට..”

  1. gamarala says:

    මහබැංකු හොරකමෙන් පසු යු එන් පියට මහජන සහයක් නැත ඒකයි තිත්ත ඇත්ත

  2. Amigo says:

    කවුද මේ බොරු කියන්නෙ දන්නවා වගේ කියන්නේ.බයියෝ බයවෙලා.අපේ කමෙන්ට්සුත් දාන්න

  3. 77 UNP says:

    UNP යට චන්දෙ දෙන කණ්ඩායම පක්ෂයට මිසක් පුද්ගලයන්ට චන්දෙ දෙන්නේ නැහැ. ඒ වගේම සජිත්ට රට පාලනය කරන්න තරම් දැක්මක් නැහැ, ප්‍රතිපත්තියකුත් නැහැ. ඔහු වටේ ඉන්න සජිත් වගේම අපතයෝ හිතා ඉන්නේ දිනුවත් පැරදුනත් සජිත් ලොක්ක වුණාම තමුන්ට පක්‍ෂයේ උඩටම එන්න පුළුවන් කියල. හැමදෙනාටම sorry.com තමයි කියන්න තියෙන්නේ. සජිත් සිරිසේන සමඟ එකතුවෙලා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජනාධිපතිවරනෙට ඉදිරිපත්වීමට ඉඩ කඩක් තිබේ. UPFA සහ SLFP වල බලය තහවුරුකරගන්න ගිහින් පක්ෂය මිස ජනබලය නැති සිරිසේන තමුන්ගේ පක්‍ෂ විනාශකිරීමේ ක්‍රියාවලිය මෙවර UNP කෙරෙහි යොමුකරන බව පෙනේ.

  4. Bold Citizen says:

    (සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මැති ඇමැතිවරුන් කිහිපදෙනකුම රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන බවට පවසා ඇත.) Even if they go behind Ranil they will have to end up in the opposition without any privileges after the certain defeat of Ranil (in case he contests without the support of Sajith)..

  5. පොරමෝලා says:

    සජිත් ගෙ හඬ සිරා ගෙ අත

  6. charles says:

    Sajith will not leave the party. He knows that is the end of leadership aspiration. There are few people eyeing for UNP leadership.

Main News