එජාපය අද කොරෝනා රෝගියෙක්..

January 31, 2020 at 8:40 am | lanka C news
එජාපය අද කොරෝනා රෝගියෙක්..

අද වන විට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ස`දහා පවතින ගැටුම කොරෝනා වෛරසය වැලදී ඇති රෝගියෙක් මෙන් මෙන් ස්ථිර ප‍්‍රතිකර්මයක් නැති ගැට`ථවක් බවට පත්වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර පේ‍්‍රමලාල් ජයසේකර මහතා ඇහැලියගොඩ ශී‍්‍ර මදාර සිංහරාම විහාරස්ථානයේ පැවති ජනහමුවක් අමතමින් ප‍්‍රකාශ කරන ලදි.

අද වන විට එක්සත් ජාතික පක්ෂයේ එක්සත් යන වචනය හුදෙක්ම සිරිකොත පක්ෂ මුලස්ථානයේ නාම පුවරුවට පමනක් සීමාවී ඇති බවද මේ වන විට එක්සත් යන වචනය වෙනුවට බිදුන යන නම ආදේශවී බිදුන ජාතික පක්ෂය බවට මාරු විය යුතු බවද ප‍්‍රකාශ කර සිටියේය.

වැඩි දුරටත් මෙහිදී අදහස් පලකල මන්තී‍්‍ර වරයා කියා සිටියේ

අද දවස වන විට ශී‍්‍ර ලංකාවේ පමණක් නොව ලෝකයේම අවධානය කොරෝනා වෛරසය වෙත යොමුවී ඇති බවය. මෙය සු`ථ කොට නොගෙන අප මාතෘ භූමිය තුල පැතිරීම වලක්වා ගැනීම සිය`ථ දෙනාගේම වගකීමක් ලෙස සලකා ගත හැකි සිය`ථම පුර්ව ආරක්ෂන ක‍්‍රම පිලිපදින ලෙසටත් රෝගය වැලදී ඇතැයි සැක කරන අයෙකු හදුනා ගතහොත් ඉක්මනින්ම වෛද්‍ය ප‍්‍රතිකාර සහ උපදෙස් ලබා ගන්නා ලෙසත් එම උපදෙස් වලින් තොරව ඇතැම් අන්තර්ජාල මාධ්‍ය වල වගකීමක් නොමැතිව ප‍්‍රචාරනය කරන රෝගය වලක්වා ගැනීමේ ක‍්‍රම අනුගමනය නොකරන ලෙසත් සමස්ථ ශී‍්‍ර ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ මන්තී‍්‍ර වරයා ප‍්‍රකාශ කර සිටියේ

ශී‍්‍ර ලංකාව තුලත් ඉන් පිටතත් කි‍්‍රයාත්මක වන සමාජ මාධ්‍යජාල මෙම රෝගය සම්බන්ධයෙන් පලකරන මාධ්‍ය දැන්වීම් හුදෙක් ආර්ථිකමය ලාභ ඉපයීමේ පදනමින් බැහැරට ගොස් මෙය ජාතික යුතුකමක් වගකීමක් ලෙස සලකා සෑම විටම සත්‍ය නිවැරදි පුවත් පමණක් වාර්ථා කර මෙම අපදා තත්වය ඉක්මනින් අවසන් කිරීමට සහ සමාජය තුල අනිසි බියක් ඇති නොවන ආකාරයට වගකීමක් ඇතිව කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද ප‍්‍රකාශ කරන ලදි. තවද චිත‍්‍ර ඇදීමට රුල්ලක් ඇති කර පෙරමුණ ගත් අයුරින් මෙයින් මිදීම ස`දහා ආරක්ෂිත මුඛ ආවරන බෙදා දීම් වැනි කටයුතු අත් පති‍්‍රකා බෙදා දීම් වැනි ආකාරයේ ධනාත්මක වැඩ පිලිවෙලක් ස`දහා පෙරමුණ ගන්නා ලෙසද සමාජ මාධ්‍ය කි‍්‍රයාකාරීන්ලෙන් ඉල්ලා සිටින ලදි.

– හේමාල් පටබැදිගේ

32 views

One Comment to “එජාපය අද කොරෝනා රෝගියෙක්..”

  1. Saradiel says:

    කොරෝනා වෛරසය ට වඩා බයානකයි හඩපට

Main News