එජාපය ආණ්ඩුවෙන් ඉවත්වීමට යයි.. ජනපතිට ශ‍්‍රීලනිපයට විරෝධය..

April 1, 2017 at 10:19 pm | lanka C news
එජාපය ආණ්ඩුවෙන් ඉවත්වීමට යයි.. ජනපතිට ශ‍්‍රීලනිපයට විරෝධය..

එක්සත් ජාතික පක්‍ෂයේ එකගතාවයකින් තොරව කැබිනට් සංශෝධනයක් සිදු කරන්නේ නම් වහාම සම්මුතිකාමී ආණ්ඩුවෙන් ඉවත්වීමට එජාපය තීරණය කල යුතු යයි එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමක් පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට යෝජනා කිරීමට සූදානමින් සිටී.

ශ‍්‍රීලනිපයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම මත මෙම කැබිනට් වෙනස සිදු කිරීමට ජනාධිපතිවරයා සැරසෙන බවද පෙන්වා දෙන එම මන්ත‍්‍රි පිරිස කැබිනට් මණ්ඩලය පත් කරනු ලැබුවේ එජාප-ශ‍්‍රීලනිප එකඟතාවක්‌ මත නිසා එය කඩකරමින් ශ්‍රීලනිපයට උවමනා පරිසි එජාප ඇමැති ඉවත් කලහොත් වහා ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවද කියා සිටිති.

25 views
Main News