‘එජාපය ආර්ථිකය කෑවා’ කී ජනපතිගේ ප‍්‍රකාශයට එරෙහිව අගමැතිගෙන් ප‍්‍රහාරයක්..

January 22, 2018 at 10:40 am | lanka C news
‘එජාපය ආර්ථිකය කෑවා’ කී ජනපතිගේ ප‍්‍රකාශයට එරෙහිව අගමැතිගෙන් ප‍්‍රහාරයක්..

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ විනාශ කරන ලද ආර්ථිකය ගොඩ ගැනීමට එක්සත් ජාතික පක්‍ෂයට පසුගිය කාලය තුල හැකි වූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

හම්බන්තො හිස් වරායක් තමනට බාර දුන් බවත් දැන් නැවු එන බවත් ඒ මහතා කීය.

ගම හදන්න නම් එන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට තනි බලයක් ලබා දෙන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

නිකවැරටියේ සතිපොල භූමියේදී පැවති එජාප පාක්‍ෂික ජනහමුවක් අමතමින් අගමැතියරයා මේ බව කීය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මීට දින දෙකකට කලින් කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂය පසුගිය වසර තුන තුලදී රටේ ආර්ථිකය වනසා දමා ජනතාව අමාරුවේ දැමූ බවත් එනිසා තමන් විසින් මේ වසරේ සිට ආර්ථිකය පාලනය අතට ගන්නා බවත්ය.

45 views

16 Comments to “‘එජාපය ආර්ථිකය කෑවා’ කී ජනපතිගේ ප‍්‍රකාශයට එරෙහිව අගමැතිගෙන් ප‍්‍රහාරයක්..”

  1. යෙනුර says:

    මේ රටේ සෑම ආන්ඩුවක්ම පත්වන විට ආර්ථිකය කඩාවැටී තිබී ඇත. එය එම ආන්ඩුව විසින් දියුණු කර ඇත. එසේනම් පසුව එන ආන්ඩුව කඩාවැටුණු ආර්ථිකයක් බාරගන්නේ කෙසේද? මෙය සත්‍ය නම් අතරමැද ජන්ද කාලය තුල මෙම කඩාවැටීම සිදුව ඇත.

    • kamalasirikuruwita says:

      මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

      • ජනක says:

        දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන්ට නීති විරෝදී උපදෙස් දීම අණ දීම නැවත්වීමට :::::::

        1)රාජ්‍ය සේවකයෙක්ට ඔවුන්ගේ නිතියානුකුල රාජකාරි පරාසයෙන් පිට යම්කිසි දෙයක් යම් දේශපාලකයෙක් කරන්න කිවොත් ඒ අණ ඉටුකිරීමට පෙර විපක්ෂයෙන් සහ රටේ අනෙකුත් සුළු පක්ෂ වලින් සහ රටේ පිළිගත් බුද්දිමත් උගතුන්ගෙන් සැදුම්ලත් කමිටුවකට එම නියෝගය පිලිබඳ ලිකිතව දැනුම් දෙන්න බැරිද ? ..

        2)එවිට එම නීති විරෝදී අණ පිලිබඳ කටයුතු කිරීම වඩා විවුර්තව කල හැකි සේම රාජ්‍ය නිලදාරීන් මේ දේශපාලුවන්ගේ නීති විරෝදී අණ ඉෂ්ට කිරීම නිසා අමාරුවේ වැටීම නවතීවි එසේම දේශපාලුවන් රාජ්‍ය සේවයට කරන අත පෙවීමත් නවතීවි .

        3)මේ ආකාරයේ වගන්තියක් ආයතන සංග්‍රහයට ඇතුල් කිරීමට බල කරන්න බැරිද සමස්ත රාජ්‍ය සේවකයෝම එක්වෙලා

        සුපිරිසිදු යහපාලන නායකයන් දොහොත්මුදුන් දී මේ අදහස ක්‍රියාත්මක කරාවි කියල සිතමි

        • kdtv says:

          ඒක හරියන්නෑ.
          මේක විසදුම් තියෙද්දී ඒවා පෙනි පෙනී විදවන මිනිසුන් ඉන්න රටක්.උබට ඔන්නනම් උබ පලයන් වෙනරටකට.අපිට හුරු මෙහෙම අපිට විදවන්න දීලා. අපි කැපුවත් කොල, කැපුවත් නිල්.

          • samuvel says:

            මචන් kdtv, ඕක තමයි අපේ උන්ට තේරෙන්නේ නැත්තේ. කැපුවත් කොල, කැපුවත් නිල …මොන වැරදි කලත් අපිට කන්න දෙනව නම්, බොන්න දෙනව නම් ( රැස්වීම් සන්විදාන වලදී) ……මොන කෙන්ගෙඩියද……තව ඕන කියන්නේ.

      • Alapaluwa says:

        සහෝදරවරුණේ මුළා නොවන්න පෙන්වන්න අපි තණකොළ නොබුදින බව උන් කෑවට.මෙය අන්තිම තුරුම්පුවක් මුන් දෙදෙනා ගසන.මොකද බලනවා මෙයින්වත් චන්ද කඩන්න එයින් නැවත බුරුපිටියේ රජකරන්න.මුන්දෙදේනාගෙන් එකෙක් හෝ අවොත් මුන් දන්නවා දෙදෙනාම නැවත දිනුම් කියා අනේ අපේ රටට,ජාතියට ආගමට,නියම සංවර්ධනයට ඔබලා කැමතිනම් මේ කපටි උගුලට නොරැවටෙන්න. අවශ්‍යයි නම් ඔබලා කියන තැනකට මම වඳින්නම් වඳින්නම් මුළානම් නොවෙන්න.මේ කපටි දේපොළට කොහෙත්ම රැවටෙන්න එපා.එපා.එපා.

  2. Sam says:

    Are they really fighting like cat and dogs now or all these despots trying to hodwink the people again. If they’re fighting it is a clear case of deva saapa.

  3. Upali says:

    මහින්ද ජනපති තුමා 2005 දී බාර ගත්තේද හිස් බාන්ඩාගරයකි. එතුමා එයට අවලාද කරමින් සිටියේ නැත. සහන නය ගෙන , විපක්ශ එජාපේ අකුල් හෙලීම් මැද යුද්දයට සාර්තක නායකත්වයක් දී එය ජයග්‍රහනය කලේය. අති විශාල සන්වර්දනයක් කලේය. 2015 බාරදෙන විට 30% ක් නය ගෙවා තිබුනි. සෑම විටම පසු ගිය රජයට බොරු අවලාද කරමින්, තවත් නය ගනිමින්, වන්චා දූශන වලට ඉඩ හරිමින්, දේශීය සහල් ගබඩා කිරිමට වත් ඉඩ නොමති විට මහින්ද මහතාට සමච්චල් කිරීමට සිත එවා ගුවන් තොටු පලේ ගබඩා කර පසුව අඩු මිලට විකුනා රටට පාඩු කරමින්, රටින් සහල්, අල, ලූනූ සහ පොල් පවා ගෙන්වමින්,අලුතින් වැඩ නොකර මහින්ද නිමකල දේවලින් නිසි ප්‍රයෝජනය නැනීමට ඒවා කලමනා නොකර විකුනා දමමින් මේ කරන්නේ ආර්ටිකය බිම හෙලීම නොවේද.

  4. padma says:

    Nobody should vote for UNP until Ranil is the leader. He is a bluff master, liar and a classic rouge. MY 3 should get rid of this rouge asap and make a reality.

  5. Saradiel says:

    අයියෝ අයියෝ අපේ රට

    එජාප රජයක් බලයට ආපු හැම අවස්ථාවකම රටේ සම්පත් විකුණුවා, ප්‍රාග්ධනය හොයන්ඩ. නමුත් එහෙම විකුනල හොයපු ප්‍රාග්ධනයෙන් වැඩක් ගන්ඩ සමත් කමක් එජාපෙට කවදාවත් තිබිල නැහැ. ආණ්ඩුවේ ධූර කාලය ඇතුලෙම ඔවුන් ඒ සල්ලි කබාසීනියා කරලා දැම්මා. ඒකට මූලික හේතුව නායකයින්ගේ අසමත්කම. සාමාන්‍යයෙන් එජාප ආණ්ඩුවක තීරණ ගැනීමේ බලය තියෙන දෙතුන් දෙනා කොළඹ නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබීම පමණක් සුදුසුකම කරගත් අදක්‍ෂයින්. මේ රටේ මෙවැනි පුද්ගලයින්ට වැඩ කාරයෝ හැටියට ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්ඩ අපහසු නෑ. නමුත් ඇත්තටම මේ අයට වැඩ බෑ. රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක සියයට 80ක් අවුරුදු 198කට විදේශ රටකට බදු දෙන්ඩ දක්‍ෂයෙක් වෙන්ඩ ඕනෙද?

    • adrian says:

      Saradiel, they used the public money to buy properties overseas and to buy ships for themselves
      Money was NEVER USED TO BENEFIT PUBLIC

  6. Dr. Ching Pedro says:

    PERSON, WHO CAN NOT MAKE A BABY, HOW IS GOING TO MAKE A COUNTRY. REAL STUPID

  7. indunil says:

    waxavagan vikunalada?

  8. SUNIMAL says:

    “ලොක්‌කන් යෑයි කියන මේ කාමුක හැත්ත

    දුක්‌ මිස අපට සැප නො යොදන බව ඇත්ත”

    “පුළුවන්කාරයන් හමුවේ දනින් වැටී

    සුළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී

    බලුකම්වලින් අන්තිම බලු කමේ හැටී

    බැලුමට කැමති නම් මුන් දෙස බලනු වටී”

  9. ACTING-APPAYA says:

    ACTING, ACTING, ACTING nothing that that

  10. samuvel says:

    අගමැති තුමෝ, ඔබතුමා මේ දුරයේ හෝ ජනපති කමට හෝ පත් ඌවත් අපට කමක් නැත. කරුනාකරලා කියන්න මේ රට කොටි ත්‍රශ්තයෙන්ගෙන් බේරාගත් මහින් ද ජනපති තුමාට වැඩියෙන් ඔබ තුමා අපේ රටට කරල තියන මෙහෙය කියන්න. මේ අවුරුදු තුනේදී හෝ මොනව හරි රටේ ආර්ටිකය දියුනු කරන්න ඔබ තුමා ගත් පියවරක් කියන්න.

Main News