එජාපය කඩාගෙන සජිත්ගේ අලුත් පක්‍ෂය සූදානම්.. කොළඹ නායක සුජීව, ගම්පහ හරීන්, කළුතර අජිත්පී.. ජාතික සංවිධායක සජින් වාස්..

January 12, 2020 at 10:00 am | lanka C news
එජාපය කඩාගෙන සජිත්ගේ අලුත් පක්‍ෂය සූදානම්.. කොළඹ නායක සුජීව, ගම්පහ හරීන්, කළුතර අජිත්පී.. ජාතික සංවිධායක සජින් වාස්..

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණක් බිහි කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙම සතිය අවසාන වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදුනහොත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සමග එක්ව වෙනම දේශපාලන පෙරමුණක් බිහි කිරීමට ඔවුන් සූදානම් වී සිටී.

මෙම නව පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වය සුජීව සේනසිංහ මහතාටද, හරීන් ප්‍රනාන්දු මහතා ගම්පහ දිස්ත‍්‍රික් නායකත්වයටද, අජිත් පී පෙරේරා කළුතර නායකත්වයටද පත්කිරීමට සූදානමක් ඇතැයි ද වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයට හිතවාදී මාධ්‍ය වාර්තා කරන්නේ මෙම නව පෙරමුණේ ජාතික සංවිධායක ලෙස සජින් වාස් ගුණවර්ධන මහතා පත්කිරීමට සූදානමක් ඇති බවයි.

191 views

14 Comments to “එජාපය කඩාගෙන සජිත්ගේ අලුත් පක්‍ෂය සූදානම්.. කොළඹ නායක සුජීව, ගම්පහ හරීන්, කළුතර අජිත්පී.. ජාතික සංවිධායක සජින් වාස්..”

  1. සරා says:

    සජිත් කියන්නේ අදබාලයන් ටිකක් වටකරගත් ‌ෙගොනෙක්.‌ෙමේකා ‌ෙහොදයි 1980ගනන්වල ‌ෙදේශපාලනයට.

  2. 77 UNP says:

    UNP එකේ බුද්ධිමත් ස්ථරය පක්ෂෙන් එලියට දැම්මේ ම-රණසිංහ පේමදාස විසින්. UNP එකේ මන්දබුද්ධික ස්ථරය පක්ෂෙන් එලියට දැම්මේ කාර්ය කරන්නේ සජිත් පේමදාස විසින්. එතකොට UNP නම ඉවරයි, ඒකට රනිල්ගෙන් කැපුන මෝඩ රැල උදව්කරනවා.
    ගොන්නුනේ මොළේ තියන උගත් තරුණ නායකයෙක් හොයාගනිල්ල නායකත්වයට. අඩුගානේ හර්ෂ ද සිල්වා වත් ගනිල්ලා, යහපාලනේ කරපු එකම එක හොඳ වැඩේ ඇම්බියුලන්ස් දාපු මිනිහා.

Main News