UNP කඩා “UNNP” අලුත් පක්‍ෂය හදයි.. මැතිවරණ කොමසාරිස් පිලිගනී…

August 3, 2017 at 3:35 am | lanka C news
UNP කඩා “UNNP” අලුත් පක්‍ෂය හදයි.. මැතිවරණ කොමසාරිස් පිලිගනී…

ප්‍රජාතන්ත්‍රවාදී රටක් වුවද අප රටේ දේශපාලන පක්ෂ බොහෝමයක් සිය ප්‍රතිපත්ති සම්පාදනයේදී ජනතාවගේ අදහස් සැලකිල්ලට නොගන්නා බවත්, කිහිප දෙනෙකු විසින් සකස් කරන ප්‍රතිපත්ති ජනතාව මත බලෙන් පැටවීම සිදුවන බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණ කියා සිටියි.

රටේ ජනතාවගේ අදහස් යෝජනා සැලකිල්ලට ගනිමින් 2025 දක්වා බලපැවැත්වෙන වඩාත් අර්ථවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කිරීම පිළිබද සිය පක්ෂය අවදානය යොමුකර ඇති බවද එහි ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා සදහන් කරයි.

මැතිවරණවලදී ලක්ෂ තිහක (30) පමණ ජන්ද දායකයින් ජන්දය ප්‍රකාශ කිරීම වැලකීමෙන් සහ ලක්ෂ  හයක් (06 )  පමණ ජන්දය ප්‍රතික්ශේප කිරීමෙන් ලබාදී ඇති සමාජ පණිවිඩය තම දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදනයේදී දැඩි අවධානය යොමුකරන බව ද කියා සිටියි.

රටේ උගතුන්, බුද්ධිමතුන් සහ වෘත්තිකයින් බොහෝමයක් දේශපාලනයෙන් ඉවත්වීම රට ප්‍රපාතයට වැටීමට හේතුවී ඇති බවත්, ප්‍රධාන දේශපාලන පක්ෂ  විසින් රටේ උගතුන්ට,බුද්ධිමතුන්ට,වෘත්තිකයින්ට ප්‍රමාණවත් අවස්ථාවක් හා සැලකිල්ලක් ලබා නොදීම බරපතල ඛේදවාචකයක් බවත් පෙන්වා දෙයි.

එක්සත් ජාතික නිදහස් පෙරමුණ සිය දේශපාලන ප්‍රචාරක  කටයුතු සැප්තැම්බර් මාසයේ දී නිළ වශයෙන්  පුළුල් ලෙස ආරම්භ කරන බවත් මේ දිනවලදී පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්දයෙන් ජනතා අදහස් යෝජනා ලබාගැනීම සිදුකරන බවත් සදහන් කරයි.

ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන පුරවැසියන්ට සිය යෝජනා ප්‍රධාන ලේකම්, එක්සත් ජාතික නිදහස් පෙරමුණ,118,බාන්ස් පෙදෙස,කොළඹ 07 ලිපිනය වෙත හෝ gs.unff@gmail.com  විද්‍යුත් ලපිනයට අගොස්තු 20 වන දිනට පෙර යොමුකරන ලෙස ඉල්ලා සිටියි.

මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රධාන ලේකම්ධුරය හොබවන එක්සත් ජාතික නිදහස් පෙරමුණ  මැතිවරණ කොමිසම විසින් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගෙන ඇත. එක්සත්  ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නීතීඥ උපාලි අමරසිරි මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර, ජාතික සංවිධායක ලෙස හිටපු පළාත් සබා මන්ත්‍රීවරයකු වු ප්‍රියංකර ධීරසිංහ මහතා කටයුතු කරනු ලබයි.

– UNNP

184 views
Main News