එජාපය තීරණාත්ම තීන්දුවකට සූදානම්.. කරූ ජනාධිපති.. රනිල් අගමැති හා දිගටම එජාප නායක.. සජිත් කැපෙයි..

July 19, 2019 at 11:20 am | lanka C news
එජාපය තීරණාත්ම තීන්දුවකට සූදානම්.. කරූ ජනාධිපති.. රනිල් අගමැති හා දිගටම එජාප නායක.. සජිත් කැපෙයි..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස වර්තමාන කථානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීම සඳහා එම පක්ෂයේ ජේෂ්ඨයින් පිරිසක් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

මෙම යෝජනාව සඳහා පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද යම් මට්ටමක සාධනීය ප‍්‍රතිචාර දක්වා ඇති බවද ආරංචි මාර්ග කියයි.

කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා ලබා ගැනීම සඳහා කිසිදු කැමැත්තක් නැති වීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි ද වාර්තා වෙයි.

ඒ අනුව බොහෝ දුරට ඉදිරි ජනාධිපතිවරණයේදී කරු ජයසූරිය මහතා එජාපය ප්‍රමුඛ පෙරමුණක ජනාධිපති අපේක්ෂකයා වනු ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ මහ මැතිවරණයේ අගමැති අපේක්ෂකයා වනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේය.

එමෙන්ම තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම දරුණු ඇති බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය සඳහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ධුරය භාර ගනු ඇත්තේ පක්ෂ නායකත්වයද ලබාදුනහොත් පමණක් බවයි.

68,125 Viewers

21 Comments to “එජාපය තීරණාත්ම තීන්දුවකට සූදානම්.. කරූ ජනාධිපති.. රනිල් අගමැති හා දිගටම එජාප නායක.. සජිත් කැපෙයි..”

  1. ගන්ජ බන්ඩා says:

    හුරා, හුරා. අපේ ලොල්ලා අපට හොඳා. O/L නැති උන් අවුට්. රට ඉවරය් අපි යූඑන්පී අපි ගොඩ.

  2. රාහුල කොලුවා says:

    රනිල්ට හැන්ඩ්ල් කරන්න පුළුවන් කෙනෙක් තමයි කොහොමත් එන්නේ..

  3. Asaranaya says:

    BREAKING NEWS !!! Sajith will join My3 and form a new alliance. Sajith will be the president, My3 will be the next PM. ඔබට සතුටුයිද දැන්??

  4. piyumi says:

    Very prudent decision. Thanks to Leadership of UNP.

  5. raju says:

    Mehemath mala perethayo tikak. wala payai goda payai tiyan rata kanna dagalana uda panilla, thuk

  6. Karu says:

    රනිල් අංකූරා.ජනාධිපති නිකම්ම නිකම් පඹයෙක් කර ගන්න ව්‍යවස්ථා වෙනස් කර ගනියි.නැත්නම් චංදෙට කලින් ඔය තනතුර ඉවර කර ගනියි.
    කරු නියම අවස්ථාවාදියා.ඕනෑම දේකට හා කියල එයි.නොම්මර එකේ කපටියා.
    සජිත් අවොත් ඔය දෙන්නටත් ඉහළින් වඩා පරදිනවා.

  7. Ruwan says:

    This is a great decision if It is true.
    Timely requirement.

  8. kamal says:

    you know who am I, But I am not getting chance. Very pathetic and unfair situation. if I selected all who knows Kamal is Diyesena. But Karu is Diyesena against auspicious time and Thiru pathi. Well don Karu Ban new year. I support you.

  9. Patholaya says:

    Thamange aasanaye chanden tele niliyakatath paraada wuna nayakayekuta rata dinanna thibena sudusukama kumakdai janathaawa prashna karamin siti!

  10. P. Chang Hutang says:

    ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට ආත්ම ශක්තියක් නැති, සැමවිටම ඇහින්දාස් කෙනෙකු ඉදිරියට තල්ලු කර පරාජයේ අපකීර්තියෙන් වසං වී පාක්ෂිකයන් මුලා කරන පුද්ගලයෙකු නායකත්වය දරන පක්ෂයකට පැවැත්මක් නොමැත. කිසිදු රටක් නැගී සිටිනු නොරුස්සන ඉන්දියාව, යුරෝපය හා ඇමරිකානු බලවතුන්ගේ අසම්මත මැදිහත් වීමත්, දේශ ද්‍රෝහී N G O ඩොලර් කාක්කන් හා නොයෙකුත් සිවිල් සංවිධාන 50කට ආසන්න පර්මානයක් විසින් චන්දදායකයා නොමග යැවීමත් නිසා, ගිය වර තමන්ගේ පක්ෂයත්, නායකයාවත් පාවා දුන් පුද්ගලයෙකු ජයග්‍රහණය කෙරෙවුවත් වර්තමානයේ එහි ආදීනව මැනවින් තේරුම්ගෙන සිටින චන්ද දායකයන් එවැනි රැවටිමකට හසුවේයැයි සිතිය නොහැක. වික්‍රමසිංහත් සිරිසේනත් දේශපාලනයෙන් සමු ගන්නේ ඒ ජා පයත් ශ්‍රී ල නි පයත් නැත්තටම නැති කර අවසන් කිරීමෙන් පසුව බව සක්සුදක් සේ පැහැදිලිය.

  11. UD says:

    ඔය කවුරුවත් ‌ෙනෙවෙයි යූඑන්පියෙන් ඉස්සරහට එන්නේ… යූඑන්පියෙන් ඉස්සරහට එන්නේ පාඨලී චම්පික රණවකයි…
    ගෝටත් එක්ක තමයි තරගය තියෙන්නේ… නාගානන්ද කියලා හාදයෙකුත් ඡන්ද ටිකක් කඩාගන්නවා…
    අන්තිමට ජනාධිපති ‌වෙන්නේ ‌ගෝටාභය මහත්මායි….

  12. රංගජීව​ says:

    සජිත් හොරෙන් MY3 එක්ක වැඩ කරපු එක UNP එකේ හැමෝම දන්න රහසක්.

  13. Sun says:

    He is looking for some one to keep under his foot run a puppet show if possible. He lost his credibility from the bank robbery but keeping his shaking head under the theme democracy. Heart is shaking due to collected load of kamma during his long life in politics. There is nothing to carry forward for the sake of remember the long journey in politics.

  14. sathya says:

    Karu Jayasooriya is not Honest. He left UNP and joined SLFP long time ago. His history is not good.

  15. හැකහැක says:

    අම්මට හුඩු!

    කථානායක කරූමයා මේ රටේ ජනාධිපති වුනොත්

    පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 225ම පන්නල, ඒ තනතුරුවලට මේ රටේ සේවය කරන බටහිර තානාපතිවරු

    පත්කර ගනියි.

  16. UNP GAL IBBA says:

    kuru da spatial kamon gear up get ready lets go 123?????

  17. jagath says:

    Karu awa kiyanne ranil awa wage thmai, karuwa ru kadayak wage natawai… wala payai goda payai tiyan bala tanhawa nisa , rata winasa karanna hadanawa lajawak nathuwa pinak kara gena retire wela inna one kale

Main News