එජාපය තුනට කැඩෙයි…!!

November 22, 2018 at 9:20 am | lanka C news
එජාපය තුනට කැඩෙයි…!!

උද්ගතවී ඇති පාර්ලිමේන්තුවේ අගමැති අර්බුදය හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂය කොටස් තුනකට බෙදී ඇතැයි අනාවරණය වෙයි.

පක්‍ෂයේ එක් පාර්ශ්වයක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබාදිය යුතු බවට මත පළ කරද්දී ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබාදීමට කිසිසේත් සූදානම් නැති බව කියයි.

ඒ නිසා පක්‍ෂයේ බහුතර කැමැත්තක් ඇති එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධුරය ලබාදිය යුතු බවට තව පිරිසක් අවධාරණය කරති.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ රැක ගැනීමට කැපවී ක්‍රියාකරන කරු ජයසූරිය මහතාට අගමැති ධුරය ලබාදිය යුතු යැයි තවත් පාර්ශ්වයක් පෙන්වා දෙයි.

මේ ආකාරයට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රින් අතර පමණක් නොව එජාප පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන්ද පාර්ශ්ව තුනකට බෙදී ඇතැයි වාර්තා වෙයි.

– mawbima

66 views

23 Comments to “එජාපය තුනට කැඩෙයි…!!”

  1. Saradiel says:

    බැඳුම්කර වංචාව නිසා එජාපයේ අයට ගමට යන්න බැහැ එන මැතිවරණයේදී අන්ත පරාජයක්

  2. කොතනත් තුන තමයි තලෙන්නේ...කැඩෙන්නේ ..ඒ උනාට ඔහේ එල්ලිලා තියේවි.... says:

    කොතනත් තුන තමයි තලෙන්නේ…කැඩෙන්නේ ..ඒ උනාට ඔහේ එල්ලිලා තියේවි…බලා ඉදපල්ලා එළුවාගේ වගේ වටෙනකන් නරියනේ…

  3. karuvala jayasuriya says:

    මේ මුහුණු තුන මේ විලසින්ම යොදා 2019 අපායේ කැලැන්ඩරය නිර්මාණය කරන්නට යමරජු තීරණය කර ඇත​.එහි එක් එක් පිටුව සඳහා අරලිය ගහ මැදුරේ නේවාසිකව ඉන්නා බහිරව පැටවුන්ගේ ඡායාරූප හා රතු අලි පැටවුන්ගේ ඡායාරූපද අතිරේකව යෙදීමට යමරජුගේ කැබිනට්ටුව අදහස් කර ඇත​.

  4. මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

    “එජාපය තුනට කැඩෙයි…!!”එතකොට තුනෙන් දෙක කාටද?මේ තුන් දෙනාම හරින් ගාව දෙකට නැමෙන්න වෙනව තුනෙන් දෙක ඉල්ලගන්න​.

  5. චිචී says:

    අනුන්ගෙ ඇහේ පොල් කෙඳි පේනවා, තමුන්ගෙ ඇහේ පොල් පරාලෙ පේන්නෙ නෑ. මලබද්දෙ එවුන්ට හරියට ශ්‍රිලංකා කාරයො ටිකවත් එකතුකරගන්න බැරුව අනුන්ගෙ පක්ෂ ගැන කියනවා. පහුගිය දවස් තුනේම ඔය කෑගහපු පිරිස 73යි. ඔය කියන ඉලක්කම් අනුව ඉන්නවා කියන 98 සම්පූර්ණ වෙන්නවත් ඉතිරිඋන් කෝ? අනුන්ගෙ රෙද්ද හොය හොය ඉන්නැතුව බහුතරය ගොඩදාගන්න බලනවා.

Main News