එජාපය දිනවීම ජනපති මෛත‍්‍රිගේ කපටි රංගනයේ දෙවැනි අදියර ක‍්‍රියාත්මකයි.. නැගිටලා ගියේ මුත‍්‍රා කරන්නයි..

January 18, 2018 at 3:00 pm | lanka C news
එජාපය දිනවීම ජනපති මෛත‍්‍රිගේ කපටි රංගනයේ දෙවැනි අදියර ක‍්‍රියාත්මකයි.. නැගිටලා ගියේ මුත‍්‍රා කරන්නයි..

පසුගිය මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වළක්වා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා සිදුකළ කපටි රංගනයේ දෙවැනි අදියර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ද ක්‍රියාවට නංවා ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

කැබිනට් මණ්ඩලයෙන් නැගිට යාම, මැතිවරණ වේදිකාවල දී එ. ජා. පය විවේචනය කිරීම යනාදිය එම රංගනයේ උච්ඡතම අවස්ථා බව පෙන්වා දුන් රණතුංග මහතා ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමටත් වඩා එක්සත් ජාතික පක්ෂය දිනවා හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය කඩාකප්පල් කිරීම බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

‘මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ අවස්ථාවටත් සහභාගී වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමන්ගේ පක්ෂයත් අපේක්ෂකයාත් පාක්ෂිකයනුත් අතහැරලා ගිහින් එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ එල්ලිලා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා.

2015 ජනාධිපතිවරණයෙන් පස්සේ ජනාධිපති පුටුවේ ඉඳගත්තු සිරිසේන ජනාධිපතිවරයා තමන්ට හිතවත් ඇමැතිවරුන් ලවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඩැහැගත්තා. ඒ නිසා 2015 අගෝස්තු මාසේ පැවැති මහ මැතිවරණය වෙනකොට තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වදිනවද කියන ගැටලුව මහින්ද පාර්ශ්වයට තිබුණා.

නමුත් ඒ වෙලාවේ නිදහස් පක්ෂයේ සහ සන්ධානයේ කිහිපදෙනකුගේ වුවමනාවට මහින්ද මහත්තයාගේ පාර්ශ්වය  සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් වුණා. පක්ෂයේ නායකකම් ජනාධිපතිවරයා දැරුවත් මැතිවරණ ව්‍යාපාරය කේන්ද්‍ර වෙලා තිබුණේ මහින්ද මහත්තයා ඉලක්ක කරගෙනයි.

මැතිවරණ පැවැත්වෙන්න දින තුන හතරක් කිට්ටු වෙනකොට සියලු සමීක්ෂණ වාර්තා කියලා තිබුණේ මේ මැතිවරණයේ දි සන්ධානය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවයි. මේ වාර්තා දැක්ක ගමන් ජනාධිපතිවරයාට තරු විසිවුණා. එතුමා මුල ඉඳන් කල්පනා කළේ රනිල්ගේ අගමැතිකම සහ එ. ජා. ප ඇමැතිවරුන්ගේ ඇමැතිකම් ආරක්ෂා කර ගන්න හැටි මිසක් පක්ෂයේ ජයග්‍රහණය නොවෙයි.

ඒ නිසා අපේ අතේ තිබුණු ජයග්‍රහණය උදුර ගන්න ජනාධිපතිවරයා නොයෙකුත් බාල වැඩ කළා. සන්ධානය දිනුවත් මහින්දට අගමැතිකම දෙ‍න්නේ නැහැ කියලා ජනාධිපතිවරයා ප්‍රසිද්ධියෙම කිව්වා. ඊළඟට ඡන්දයට ඔන්න මෙන්න තියලා සන්ධානයේ සහ නිදහස් පක්ෂයේ ලේකම්වරුන් දෙදෙනා අයින් කරලා දැම්මා.

එහෙම කරලා සන්ධානයේ පාක්ෂිකයන් අධෛර්යමත් කරලා තමයි ආයෙමත් වතාවක් රනිල් වික්‍රමසිංහට අගමැති වෙන්න අවස්ථාව සලසලා දුන්නේ. දැන් මේ මැතිවරණයේදිත් ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ මහ මැතිවරණයේ දී කරපු කුමන්ත්‍රණයේ දෙවෙනි කොටස කරන්නයි. ජනාධිපතිවරයා ඉන්නේ රටට මොනා වුණත් කමක් නැහැ එ.ජා.ප. ආරක්ෂා කරන්න ඕනේ කියන මතයෙයි.

ඒ හින්දානේ කියන්නේ බැඳුම්කර කොමිසම ගෙනාවේ එක්සත් ජාතික පක්ෂයට ගහන්න නෙමෙයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ඉන්නේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්නද? ඕකද ඔය මහ ලොකුවට ස්ටේජ්වල ගිරිය කඩන් කෑගහන බණ්ඩාරනායක ප්‍රතිපත්තිය. ඕක බණ්ඩාරනායක ප්‍රතිපත්තිය නෙමෙයි චන්ද්‍රිකාගේ ප්‍රතිපත්තිය.

අද වෙනකොට පැහැදිලිව ‍පේන්න තියෙන දේ තමයි පොහොට්ටුවට මේ මැතිවරණයේ දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන බව. අපේ ජයග්‍රහණය දැන් තහවුරු වෙලා ඉවරයි. අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට වගේම ජනාධිපතිවරයා ප්‍රමුඛ නිදහස් පක්ෂයටත් අපේ මේ ජයග්‍රහණය ඉවසා ගන්න බැරිව ගිහින් තියෙනවා.

මේ දෙගොල්ලොම හොඳටම දන්නවා මේ ඡන්දෙන් පස්සේ ආණ්ඩුවට ඇඩ්‍රස් නැතිව යන බව. දැන් බලන්නේ හොඳින් හෝ නරකින් අපේ ජයග්‍රහණය වළක්වන්නයි. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් නැගිට යාමත් ඒ කූට වැඩපිළිවෙළේ එක් අදියරක් විතරයි. ජනාධිපතිවරයා මේ රඟපාන මේ නාට්‍ය අගමැතිවරයා විසින් පිටපත ලියලා අධ්‍යක්ෂණය කරපු එකක්.

ජනාධිපතිවරයාට ඕනේ වෙලා තියෙන්නේ තමා එක්සත් ජාතික පක්ෂය සමග ඇයි හොඳයියක් නැහැ කියලා පෙන්නලා ඡන්ද ගොඩ වැඩි කරගන්න විතරයි. ඒ හින්දා තමයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී බොරු සිංහ වෙස් අරගෙන කෑගහන්නේ. ඕවට ජනතාවට රැවටුණු කාලේ ගියා.

ජනාධිපතිවරයා ඇවිත් කියනවා කැබිනට් එකේදි එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ට බැන්නා කියලා. හැබැයි ජනාධිපතිගේ අගසව්වා වෙච්ච රාජිත කියනවා. ජනාධිපති නැගිටලා ගියේ මුත්‍රා කරන්න කියලා. රාජිත හිතන් ඉන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන් මෝඩයෝ කියලා වෙන්නැති.

අනෙක් පැත්තෙන් අගමැතිවරයා තව නාඩගමක් නටනවා. තමන්ගේ පක්ෂයේ ඉන්න බිලි බෝයිලා ටික දාලා ජනාධිපතිවරයාට අපහාස කරවනවා. අපහාස කරවන්න කලින් ජනාධිපතිවරයාට කියනවා ගණන් ගන්න එපා අපි ටිකක් බනිනවා කියලා. මිනිස්සු බොරුවට අප්පුඩි ගහනවා අපේ මන්ත්‍රීවරුන් දැන් ජනාධිපතිටත් බනිනවා කියලා.

මේ වගේ බොළඳ රගපෑම්වලින් ජනතාව රවට්ටන්න ජනාධිපතිවරයාටවත් අගමැතිවරයාටවත් පුළුවන්කමක් නැහැ. මේ රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක් බව පෙබරවාරි 10 වැනි දා තියෙන මැතිවරණ ප්‍රතිඵලයෙන් ලෝකෙටම ඔප්පු වෙනවා. එදාට මේ ආණ්ඩුවට අකුලගෙන යන්න වෙනවා.

මිනිස්සු මෝඩයාට අන්දන්න හදන රාජිතලා ඇතුළු සියලු දේශපාලනඥයන්ට සිද්ධ වෙන්නේ උසාවි ගානේ රස්තියාදු වෙන්න තමයි. මොන සෙල්ලම් නැටුවත් ලබන අවුරුද්දෙන් මේ ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉවරයි. මේ මැතිවරණයෙන් පටන් ගන්න විජයග්‍රාහී රැල්ල අපි 2019 ජනාධිපතිවරණයේ දී අවසන් කරන්නේ ජනතාවාදී ජනාධිපතිවරයකු පත්කරලයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

0 views

7 Comments to “එජාපය දිනවීම ජනපති මෛත‍්‍රිගේ කපටි රංගනයේ දෙවැනි අදියර ක‍්‍රියාත්මකයි.. නැගිටලා ගියේ මුත‍්‍රා කරන්නයි..”

  1. සුදේශ් says:

    අද රෑට සිරිසේන රනිල් අතිවිශිෂ්ට පස්වන මණ්ඩලයේ රග පෑමක් බලාගන්න පුළුවන් .
    දැන් තඹ හොරා ,ඩිජිටල් කාරයා මරික්කාර් එක පැත්තක ඉඳන් ජනාදිපති ව විවේචනය කරනවා අනික් පැත්තෙන් ගොන්ජා ජනාදිපති වෙනුවෙන් කතා කරනවා සිරිසේන ඔය අතර ගිහිල්ල එජාපයට පලු යන්න බනිනවා රවියා මේ පැත්තෙන් ශ්‍රීලනිපයට බනිනවා දෙගොල්ලන්ගේම කට්ටිය හිතන්නේ අනේ හොඳයි මුන්ව එලෝලා අපේ තනි ආණ්ඩුවක් හදාගන්න අපි අපේ පක්ෂයට චන්දෙ දෙන්න ඕනා කියල නමුත් අන්තිමේ සිරිසේන රනිල් එකතුවෙලා බටහිර උපදෙස් අනුව රට බෙදන වියාවස්තව ගෙනවා අන්න එක තමයි මේ දවස්වල දෙමල සන්දානය ,මුස්ලිම් පක්ෂ නිහඬ උන් දන්නවා වැඩිය කෑගහල වැඩේ අවුල් කරගන්න හොඳ නෑ කියල .
    අපි නම් චන්දය දෙන්නේ පොදු ජන පෙරමුණට

    • Alapaluwa says:

      *****නොඑන්නැයි සිතා සිටියේ නැවතත් මොකද මොලයේ හැඩයක්වත් වත් නොදත් හරක් රැළකට කොතරම් ඇඟිලි පුරුක් ගෙවන්තෙක් ලියුවත් ඒ හැඩයක් නැති මොළවලට තේරුම් කරදෙන්න බැරිනිසායි.නමුත් දැන් දැන් වෙනදේවල් දිහා බැලුවම සමහර දේවල් නොලියම බැරිය. ඒ මොකක්වත් නිසා නොවේ නියම සිංහල ලේ ඇති දේශමාමක ලංකාපුත්‍රයන්ට කන්ඩුපුල් ආසනය උණුවෙනවා වගේ අපේ ඇඟේ ලේත් දානවා වෙන දේවල් දුටුවම ඇසුනම. එවිට මොන හරුපයක් හරි ලියන්නමයි සිතෙන්නේ******.

      දැන් සිටින ජනතාව එතරම්ම මන්ධබුද්ධිකයන් නොවේ බැට කාලා බැට කාළා හොඳටම හෙම්බත් වි සිටින්නේ. එමනිසා ඔය මොන දහන්ගැට ගැසුවත් සහොදර සහෝදරයෙනි අපි පාටක්, පක්ෂයක්, වර්ණයක්, නොබලා රට ගැන, ජාතිය ගැන, ආගම ගැන, සිංහල කියන නියම නාමය ගැන සිතා සිංහල සිංහපුත්‍රයන් වශයෙන් සර්ව සාදාරණ තීරණයක් ගෙන ලබන (10) වෙනිදාට මේ හරක් ගාල කඩා වල්වැදී සිටින මිහරකුන්ව පන්නා දමන්න දායක වන්න. රටබෙරගත් මහතෘභුමියට හිතෙෂි මහින්ද නාමයෙන් පොහොට්ටුව දිනවන්න පෙළගැසෙන්න.එයින් අපේ අතරමග නැවතුනු සංවර්ධනය නැවතත් රටට උදාකරදී අපේ පරම් පරාගත දේවල් සුරකින්න දැඩිව එකම ඉස්තාවරයක සිටින්න පෙළ ගැසෙන්න මෙයයි මගේ අභියාචනය ඔබලාට කරණ!!!!!

    • kamalasirikuruwita says:

      මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

  2. Well said, Prasanna Ranatunga Sir !

  3. Aurora says:

    සිරිසේන ජනාධිපති වුනෙත් බොරුවෙන්, පහුගිය අවරුදු 3 ගතකලෙත් බොරුවෙන්, බොරුවෙන්ම තනතුරෙන් තොලොන්චිවෙලා යනවා. ස්ටේජ් වල මොන තරම් ගාථා දෙසාබෑවත් මුසාවාදා සිල් පදය රැකගන්න බැරි එකා අනෙක් පද 4 ට කරන්නේ මොකක්ද කියල දන්නේ යමරජ්ජුරුවෝ විතරයි.

  4. rathne says:

    Beautiful and attractive analogy Prasanne.

  5. john the baptice says:

    මින් ඉදිරියට 8 පාස් නැති අය ජනාදිපති දුරයට නොගත යුතුය

Main News