එජාපය දෙදරයි.. එජාප ඇමති ජනපති සමග එක්වී එජාප පිලටම බනී.. [Video]

October 17, 2016 at 12:01 am | lanka C news
එජාපය දෙදරයි.. එජාප ඇමති ජනපති සමග එක්වී එජාප පිලටම බනී.. [Video]

ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්දන විසින් ගාල්ලේ පැවති උත්සව සභාවකදී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය දැඩි ලෙස විවේචනය කලේය.

ඔහු එහිදී කියා සිටියේ පොලිස් ආඥාලනතින් රජයේ සේවකයින් පාලනය කල නොහැකි බවයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද FCID CID අල්ලස් කොමිසම ඇතුළු ආයතනවලට දැඩි විවේචදන එල්ල කර ඇති අවස්තාවක එජාප ඇමතිවරයාද මෙසේ එම ආයතනවලට විවේචන එල්ල කිරීම විශේෂ වන්නේ එසේ කල පළමු එජාප ඇමතිවරයා ඔහු වීම නිසාය.

19 views

19 Comments to “එජාපය දෙදරයි.. එජාප ඇමති ජනපති සමග එක්වී එජාප පිලටම බනී.. [Video]”

  1. Jerome says:

    Great Hon Minister Vajira Abeywardana, Well Said !

    • ග්‍රාම සේවක says:

      අදටත් පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආර් කේ රණවක මැගසින් හිරගෙදර……….

  2. somapala says:

    ඈ මට විශ්වාස කරන්න අමාරුයි මෙයා මෙහෙමකිව්ව කියල. මොන ගුන්ඩුවක්ද දන්නෑ දෙන්න හදන්නෙ

  3. tommy says:

    horakan koran ewun kohomath mewata bayai. jathi bedayen thorawa

  4. Lankan says:

    THIS IS PRETENDING, THERE IS NO CLASH BETWEEN UNP & SLFE or CLASH BETWEEN APPA SIRA OR RANIL.

    PLEASE DO NOT BELIEVE, THIS IS A TRICK TO FOCUSED PEOPLE ATTENTION.

  5. Sihala Yaka - සිහල යකා says:

    හරියටම හරි මෙතුමා කියන දෙ.
    රජයේ සේවකයො අද බයවෙලා නපුංසකයගෙ බොරු බිල්ලො ටිකකට​.
    නමුත් අද උන් ලොක්කො විසින් නීති විරෝධීව දීල තියෙන බලය අතට ගෙන කටයුතු කරන නිසා රාජ්‍ය නිළධාරියට කරන්න දෙයක් නෑ.
    මේ රජයේ මොලයක් තියෙන දේශපලකයෙක් ඉන්නව නම් ඔහු ගේ යුතුකම තමයි මේ නපුංසක යගෙ පොලිස් බල්ලො බැඳ දමන එක​.

  6. රාජ්‍ය සේවක says:

    අදටත් පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආර් කේ රණවක මැගසින් බන්ධනාගාරයේ ගිය රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා, පොඩ්ඩක් හොයලා බලන්න අපේ අනිත් රජයේ නිලධාරින් ටිකත් අමාරුවේ දාන්නේ නැතිව,

  7. Champa says:

    කෙලින් කතා කරන, කෙලින් වැඩ කරන දේශපාලකයන්ට මම නම් හරි කැමතියි. පක්ෂේ මට අදාළ නැහැ. වජිර වගේ ඇමතිවරු තව ඉන්නවද කියලා දැන ගන්න මම කැමතියි.

    මේ කතාව හරියටම හරි. යහපාලන එක ඇමති කෙනෙක් හරි අපක්ෂපාතී රජයේ නිලධාරීන්ට යුක්තිය ඉෂ්ඨ කිරීම ගැන සතුටුයි. දේශීය කටයුතු අමාත්‍යංශයේ විතරක් නෙමෙයි අනිත් අමාත්‍යංශ වල දේශපාලන පලි ගැනීම් වලට ලක්වූ රජයේ නිලධාරීන් ගැනත් හොයා බලන්න පුළුවන් නම් හොඳයි.

    අනිවාර්යයෙන්ම හපා කන පොලිස් බල්ලන් බැඳ තැබිය යුතුයි. හොඳට තිබුණු පොලීසිය දේශපාලනයට යොදා ගත්තේ රනිල්. පොලීසියට brainwash එකක් දීලා, රනිල්ට political-wash එකක් දෙන්න ඕනේ.

    රටේ ප්‍රධාන පෙලේ දේශපාලන නායකයන් සමගි වෙලා රට ගොඩ නගන්න උදව් කරන්න ඕනේ. පරණ දේවල් අමතක කරන්න කාලේ හරි. මහජනයා පැත්තේ ඉන්න අපිට පුළුවන් නම් රට වෙනුවෙන් අළුතින් හිතන්න, ඇයි දේශපාලකයන්ට බැරි? මට නම් මගේ ප්‍රතිපත්ති තියනවා. මම ඊයේ බලු බැනුම් බැනපු කාට හරි අද කරදරයක් වෙලා නම්, ඊයේ බැනපුවා මට මතක නැහැ, මම ඒ පුද්ගලයා වෙනුවෙන් වචනයක් දෙකක් ලියනවා. අපිට මාරවේශ වෙන දේවල් වෙනකොට, රට පාවාදීම් වෙනකොට අපි අපේ කේන්තිය පිට කරනවා. හැබැයි වෛරය ක්‍රෝධය කවදාවත් හිතේ තියා ගන්නේ නැහැ. අනිත් එක මට තේරුනොත් කාට හරි අසාධාරණයක් වෙනවා කියලා මම ස්වේච්චාවෙන් ඒ පුද්ගලයා වෙනුවෙන් පෙනී හිටිනවා. අනුන්ගේ අරමුණු මගේ වගේ කරගෙන, ඒවා සාර්ථක කර ගන්න මම මගේ සහයෝගය දෙනවා.

    කවුද මට ලියලා තිබුන මම Brutus කියලා. Caesar, Brutusට පිහියෙන් ඇන්න වගේ මම විමල්ට පිහියෙන් ඇන්නලු. මට ඒක ඒ වෙලාවේ තේරුනේ නැහැ. අපි වැඩ කරන්නේ එකම අරමුණක් වෙනුවෙන්. රටේ ස්වාධීනත්වය, රටේ ආරක්ෂාව, රටේ අභිවෘද්ධිය, රටේ දියුණුව, රටේ සමගිය දැකීම අපේ එකම ප්‍රාර්ථනාව. විමල් දන්නවා මම කවදාවත් එහෙම කරන්නේ නැහැ කියල. නොදන්නා අනිත් අයට කියන්නේ, මොන හේතුවක් නිසා හරි විමල්ට පිටිපැස්සෙන් පිහියෙන් අනින්න මට සිද්ධ වුනොත්, විමල්ට එහෙම කරන්නේ නැතුව ඒ පිහියෙන් මට ඇන ගන්න තරම් මගේ හිත හයියයි.

    මම හිතන්නේ ඔහොම හිතන්න හේතුව පහුගිය දවස් ටිකේ මගේ comments දැකලා වික්ෂිප්ත වෙලා වෙන්න ඕනේ. මම පක්ෂෙකට අයිති කෙනෙක් නෙමෙයි. මම ස්වාධීන තීරණ ගන්න, ස්වාධීන මත තියෙන, නිදහස් පුරවැසියෙක්. අනික මගේ තීරණ හරිම ක්‍ෂණිකයි. ඒ අතින් මම හරිම ruthless. මම තීරණ ගන්න බය නැහැ. මම වැනි වැනී ඉන්නෙත් නැහැ. මම මා ගැන ලොකු විශ්වාසයක් තියෙන කෙනෙක්. අවදානම්, අභියෝගාත්මක තීරණයක් වුනත් ගන්න මට යන්නේ තත්පර ගානයි. හැබැයි මම ගත්ත තීරණ කවදාවත් වැරදිලා නැහැ. වරදින්න මම ඉඩ දෙන්නෙත් නැහැ. මම තීරණයක් ගත්තොත් දන්නා සෙල්ලම් ඔක්කොම දාල ඒක සාර්ථක කරගන්නවා. එහෙම සාර්ථක කරගන්න විකල්ප මාර්ග මට තියෙනවා. අනිත් හැමෝම තමන්ගේ අරමුණු කරා යන්න එක පාරක් තෝරා ගත්තට මට අඩු ගානේ පාරවල් දෙකක් හෝ තුනක් තියෙනවා. සමහර වෙලාවට ඒ පාරවල් එකිනෙකට ප්‍රතිවිරුද්ධ වෙන්න පුළුවන්, හැබැයි අරමුණ එකයි.

    විමලුත් confuse වුනාද දන්නේ නැහැ. මම මේ පාර වෙනදා වගේ Editor ටත් note එකක් දැම්මේ නැහැ. වෙනදාට මම විමල්ට කලින් ලියනවා සමහර දේවල් ගැන අපි මුහුණ දෙන්න ඕනේ මෙහෙම නේද කියලා. හැබැයි මේ පාර මම එහෙම කලේ නැහැ. මට ඉක්මන් තීරණයක් ගන්න වුනා. මම Editor ට කිව්වා විමල්ට කියන්න කියලා මෙච්චර කල් මම එයා පස්සේ ආවා, දැන් විමල්ට මගේ පස්සේ එන්න කියන්න කියලා. ඒකෙන් අදහස් කලේ මම හැරිච්ච පාර වෙනස් කරන්නේ නැහැ කියන එක. මම යන පාර මොකක්ද කියලා දැන් විමල් දන්නවා.

    මම පහුගිය දවස් දෙකේ තුනේ ලීව්වා ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට එකතු වෙලා පාර්ලිමේන්තුවේ රනිල්ට තියෙන 2/3 නැති කරලා ඊට පස්සේ රනිල්ට විරුද්ධ, රටට ආදරේ කරන UNP මන්ත්‍රීවරු එකතු කරගෙන 2/3 හෝ 4/5 හදාගෙන අගමැති කම මහින්දට ඉල්ලන්න කියලා. විමල්ට පණිවුඩයක් තිබ්බ Editor අතේ. වජිර අබේවර්ධන ඇමතිතුමාගේ කතාව ඇහුවහම මට හිතුනා ඒ වගේ තව ඇමතිවරු ඇති කියලා. රනිල්ට රට පාලනය කරන්න බැරි බව දැන් UNP එක දන්නවා. රනිල්ගේ පාවාදීම් වලට කැමති නැති මන්ත්‍රීවරුත් ඉන්නවා කර කියා ගන්න දෙයක් නැතුව. පාර්ලිමේන්තුව ඇතුලේ සමගිය ගොඩනගා ගෙන රටේ සමගිය ගොඩ නගන්න පුළුවන්. සිංහලයන් සමගි වුනා නම් අද බැරෑරුම් ප්‍රශ්න බවට පත් වෙලා තියෙන හුගක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්.

    ඒකාබද්ධ විපක්ෂය මොනවා කරයිද මම දන්නේ නැහැ. සමහර විට මගේ තීරණයට අකමැති ඇති. අපි මොකොටද එයා කියන ඒවා කරන්නේ කියලා හිතනවා ඇති. මම මොකක් හරි යෝජනාවක් කලා නම් කලේ රට වෙනුවෙන්. මම දේශපාලකයෙක් නෙමෙයි නිසා මට hidden agenda නැහැ. කියන්න තියෙන දේ මම කෙලින් කියනවා. මම පහුගිය දවසක ලිව්වා රාජපක්ෂ පවුලේ හැමෝටම දේශපාලනය කරන්න පුළුවන් නම් ඇයි ගෝඨාභයට විතරක් බැරි කියලා. මම විමල් එක්ක ගිය අවුරුද්දේ එකතු වුනේ රට වෙනුවෙන්. හිටපු ජනාධිපතිතුමාට සාධාරණයක් කරන එක අපේ එක අරමුණක්. රට වෙනුවෙන් අපිට තව අරමුණු තියෙනවා. ඒකාබද්ධ විපක්ෂය සමගි වෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ. මහින්දව ගෙදර යවන්න කුමන්ත්‍රණය කල ඔබාමා ගෙදර යන්න ඉස්සෙල්ල ලොකු පණිවුඩයක් දෙන්න මට ආසයි. මට තව එක තුරුම්පුවක් තියෙනවා. හෙට අනිද්දට මම ඒක විමල්ට දැන ගන්න සලස්වනවා.

    එහෙම කරලත් සමගි වෙන්නේ නැත්නම්, සිරිසේන ජනාධිපතිතුමාට සහය දෙනවා රනිල් විනාශ කරපු රට ආපහු ගොඩ නගන්න. මිනිස්සු දුක් විඳින එක නතර කරන්න මට පුළුවන් දෙයක් මං කරනවා. පුළුවන් වුනොත් මම විමල්වත් මගේ පැත්තට ගන්නවා. විමල්ගේ හුගක් දක්ෂකම් තියෙනවා. විමල් නිවාස ඇමති කාලේ හදපු නිවාස ප්‍රතිපත්තිය ඉතාම හොඳයි කියලා සජිත් කියල තිබුනා. විමල් කරපු හුගක් හොඳ වැඩ මම පස්සේ දැක්ක. කවුරුත් එව්වා දන්නේ නැහැ. හේතුව දැවැන්ත දේශපාලන ප්‍රතිරූප වලට විමල්ව වැහිලා තිබීම. මම හරිම ආසයි විමල් ආපහු නිවාස ඇමති වෙලා, විමල් ජාතිවාදියෙක් කියලා කියපු උතුරටයි නැගෙනහිරටයි නිවාස හදලා දෙනවා නම්. ඒ පැති වලට ඕනේ eco-friendly (පරිසර හිතකාමී) නිවාස. එහෙම කියන කොට මට ගෝඨාභය මතක් වෙනවා. මේ දෙන්න එකතු වුනා නම් ලංකාවම ගොඩ ගන්න පුළුවන්. මට ඉතින් මගෙ රට ගැන මේ වගේ හීන ගොඩාක් තියෙනවා.

    • kaniya says:

      පල පලයන් නිකන් බයිලා නොකිය .අපි නොදන්න උඹ

    • boola says:

      එකට ඉදල පිටුපසින් පිහියෙන් අනින අයට විතරයි මෛත්‍රී -මහින්ද සමගියක් ගැන ලියන්න පුළුවන්. මහින්දටයි ඔහුගෙ පවුලටයි කරළ තියෙන අපහාසය මිහිපිට කිසි අයෙකුට අත් නොවේවා. බලයට කෑදර වෙච්ච මෛත්‍රීව ඇමට දාලා රනිල්-චන්ද්‍රිකා රටට කරන්න ඕන විනාශය කරළ ඉවරයි. අච්චරක් රටට සේවය කරපු ගෝඨාභයව කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ කූඩුවට දැම්ම. දැන් බබා වගේ කියනව අනේ මම දන්නෙ නෑ කියල. රාජපක්ෂවරැන්ව හිරේ දාන්න ගිහිල්ල බබක්කල ටිකට දැන් වැඩේ ඇනිල. දැන් එකා පිට එකා පැනල දුවනවා. දිලුරැක්ෂි ගැන කණගාටුයි. එයා ඕනවට වඩා රනිල්ට කඩේ ගියා.
      Champa ලියල තියෙනවා….කවුද මට ලියලා තිබුන මම Brutus කියලා. Caesar, Brutusට පිහියෙන් ඇන්න වගේ මම විමල්ට පිහියෙන් ඇන්නලු. මට ඒක ඒ වෙලාවේ තේරුනේ නැහැ. ඔය එන්නනෙ එළියට….ඒ වෙලාවේ විතරක් නෙවෙයි…දැනුත් තේරෙන්නේ නෑ…….

      • neela says:

        Champa බොගෙ අදහස් හොදයි. නමුත් ඉංග්‍රීසි දන්න පළියට හිතන ඔක්කොම හරි කියල හිතන්න එපා..හරියට ගෝමීන් දයා ශ්‍රී වගේ…

      • Champa says:

        Boola

        මට Brutus කියලා කියපු එක තේරුනේ නැහැ කිව්වෙ, අවුරුදු 2500කට විතර ඉස්සෙල්ල රෝම අධිරාජ්‍යයේ සිදුවෙච්ච ඇත්තම සිදුවීමේදී, Brutus, Caesar ට “පිහියෙන් ඇන්නේ නැති නිසා”

        ඒ දෙන්න හොඳ යාලුවෝ. මොකක් හරි කතාවක් ගිය වෙලාවක, Caesar තමන්ගේ කිරිච්චිය ඇදලා Brutus ට දුන්න එයා වැරදි නම් අනින්න කියලා. ඒත් Brutus එහෙම කලේ නැහැ. පස්සේ දෙන්න සමාදාන වුනා.

        Caesar ව Brutus ලවා මැරෙව්වේ Shakespeare. ඒක හදපු කතාවක්. හැබැයි ඒකෙදි වුනත් Shakespeare, Brutus ට අවස්ථාවක් දෙනවා තමන් කරපු දේ සාධාරණීය කරන්න.

        Brutus කියන්නේ රජ පෙළපතට විරුද්ධව, ආඥාදායකත්වයට විරුද්ධව, රෝමයේ සමූහාණ්ඩු ක්‍රමය ඇති කරන්න පරම්පරාවෙන් පරම්පරාවට මූලිකත්වය ගත්ත පරපුරකින් පැවතෙන් කෙනෙක්. Shakespeare වෙනස් කරපු කතාවේදී Brutus කියනවා Caesar ආපහු රාජ සම්ප්‍රදාය රෝමයට ගෙනෙයි කියන බයට සමූහාණ්ඩු ක්‍රමයට තමන්ගේ තියෙන පක්ෂපාතිත්වය, මිතුරු කමට වඩා වැඩියි කියල පෙන්නන්නයි පිහියෙන් අනින්නේ කියලා. කතාව වෙනස් කලේ Shakespeare. ඇත්ත ඉතිහාස කතාවේ එහෙම වුනේ නැහැ.

    • සුමනා says:

      චම්පා උබ නම් හරිම ගොන් අලියෙක් , පොලොවේ වෙන දෙය තේරෙන්නේ නැහ. බොරු සිහින ලෝකයේ ජිවත් වෙමින් ලස්සනට ලියනවා, එක දවසකට ගෝඨාභය රජ වෙනවා දිකිනවා, තව දවසක තව එක්කෙක් රජ වෙනවා දකිනවා , උබත් නිකම්ම නිකo මෛත්‍රීපාල සිරිසේන වගේ උදේට එකයි රෑට තව එකක්.

      • Champa says:

        සුමනා

        ආපහු ඉස්කෝලේ ගිහින් කියවා තේරුම් ගැනීම ගැන පාඩමක් ඉගෙන ගත්තනම් මම කියපු දේ වැටහෙයි.

        මම හොඳ පැහැදිලි සිංහලෙන් කිව්වේ පුළුවන් ඉක්මනට ගෝඨාභයව පාර්ලිමේන්තුවට අරගෙන, “උප ජනාධිපති” පදවියක් හදලා, ඒකට පත් කරලා, මොනවම හරි අවාසනාවන්ත සිදුවීමක් වෙලා (නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා) රනිල් වැඩ බලන ජනාධිපති වෙන එක නතර කරන්න ඕනේ කියලා.

        මම කලින් මේ ගැන කලිනුත් ලිව්වා. අනිත් මිනිස්සු වගේ නෙමෙයි මම එකම පාරේ යන්නේ නැහැ, මගේ අරමුණට යන්න මාර්ග දෙකක් හෝ තුනක් තියෙනවා. ඒවා සමහර විට එකකට එකක් ප්‍රතිවිරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි. අරමුණ එකයි. ඒ කියන්නේ රනිල්ගෙන් රට බේරා ගන්න එක. ඒක මහින්දගෙන් වෙන්නේ නැත්නම්, ගෝඨාභයගෙන් හරි සිරිසේනගෙන් හරි වෙන්න පුළුවන්. කරන්නේ කවුද කියන එක මට තවදුරටත් වැදගත් නැහැ.

    • Champa says:

      kaniya, Boo, neela

      ඔය කතාව අන්තිම අසාධාරණයි.

      මම ගිය අවුරුද්දේ පෙබරවාරි 18 ඉඳන් විමල් එක්ක ඉන්නවා. එදා ඉඳන් මම මහින්ද වෙනුවෙන් ලිව්වා. ඔය Boo ලා, kaniya ලා, neela ලා එදා හිටියේ නැහැ. අපි එදා කිව්වේ කෙක්කෙන් බැරිනම් කොක්කෙන් මහින්දට අගමැති කම අරන් දෙනවා කියලා. මහමැතිවරනේදී මහින්ද වෙනුවෙන් මෙතන විතරක් නෙමෙයි, මම වෙන තැන්වලටත් ගිහින් comment දැම්ම. ගිය අවුරුද්දේ මම ලිව්වේ ඉංග්‍රීසියෙන් විතරයි. මට ඕනේ වුනේ මහින්ද ගැන කියලා තිබුන බොරු බොරුයි කියල ඔප්පු කරන්න. මම හුඟක් දවස්වල විශේෂයෙන් මැතිවරණය ලං වෙච්ච කාලේ, මුළු රෑම ඇහැරිලා ඉඳගෙන, එක මොහොතක් ඇහැ පියා ගන්නේ නැතුව මහින්ද වෙනුවෙන් comments ලියලා පහුවෙනිදට වැඩටත් ගිහින් තියෙනවා. මම විමල් ගැනත් ලිව්වා. ඒත් LCN එක ඒවා දැම්මේ නැහැ.

      මහින්ද පැරදුනේ එදා අළුත් පක්ෂෙකින් ඉල්ලපු නැති නිසා. මහින්ද SLFP එකෙන් නාම යෝජනා අත්සන් කරපු දවසේ හුඟ දෙනෙක් disappoint වුනා. මම එදා විමල්ට ලිව්වා මහින්ද දිනුවත් අගමැතිකම හම්බ වෙන්නේ නැහැ කියලා. මහින්ද පැරදුනාට පස්සේ LCN එක පාලු වුනා. හැබැයි ඒත් මං දාලා ගියේ නැහැ. රනිල් දිනුවේ හොර චන්ද වලින් කියලා මම කීවා. පරාජයෙන් පාඩම් ඉගෙන ගෙන ඉස්සරහට යමු කියල මම කිව්වා. එදා මහින්දත් පැත්තකට වුනා. විමල් විතරක් මාධ්‍ය හමුවක් තියලා මිනිස්සුන්ට කතා කළා, විපක්ෂයේ ඉඳන් ආණ්ඩුව පරාජය කරන්න එකතු වෙන්න කිව්වා. මම දෙන්න පුළුවන් විදියට හැමෝටම ධෛර්යය දුන්න. පැරදුනා කියලා අත ඇරලා ගියේ නැහැ. ඊට පස්සේ ආපහු ටික ටික මිනිස්සු LCN එකට ලියන්න ගත්ත.

      ඉතුරු ටික කෙටියෙන් කියන්නම්.

      අපේ අරමුණු අතරින් ප්‍රධාන අරමුණ මොකක්ද? රනිල්ව අගමැති කමෙන් අයින් කරලා මහින්දව අගමැති කරන එක. ඒ වෙනුවෙන් අපි අවුරුදු දෙකක් වැඩ කරනවා. අපි කරන්න හිතුවේ මොකක්ද?

      පාර්ලිමේන්තුව ඇතුලේ ඔළු ගෙඩි මාරුවක් කරලා මහින්දට අගමැති කම අරන් දෙන එක. ඒකට UNP මන්ත්‍රීවරුත් එකතු කර ගන්නවා කිව්වා. අවුරුදු දෙකක් ගියා, ඒකාබද්ධ විපක්ෂයට බැරිවුනා එක ඔලු ගෙඩියක් මේ පැත්තට ගන්න. ඔය සටන විමල්ම කරගෙන ගියා නම් මෙලහට ඔය දේ සිද්ධ වෙලා.

      අද ස්වභාව ධර්මයාම අපිට අවස්ථාවක් දීලා තියෙනවා රනිල්ව අගමැතිකමෙන් අයින් කරලා මේ වෙන්න යන විනාශයෙන් රට බේරා ගන්න. ඒකාබද්ධ විපක්ෂයට තියෙන්නේ විරුද්ධ පැත්තේ ඉඳන් ආණ්ඩුව පැත්තට ඇවිල්ල ඉඳ ගන්න. ඒ කියන්නේ අවුරුදු දෙකක් තිස්සේ කෙක්කෙන් බැරි වෙච්ච දේ අද කොක්කෙන් කරන්න පුළුවන්. UPFA කොටසක් විරුද්ධ පැත්තේ ඉඳ ගත්තේ මහජන කැමැත්තට ඉඩ දීලා. ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුව පැත්තට ඇවිල්ල UNP මන්ත්‍රීවරුත් එකතු කරගෙන 2/3 හදා ගත්තහම, ඒක තවදුරටත් සිරිසේනගේ ආණ්ඩුවක් වෙන්නේ නැහැ. ඒක මහින්දගේ ආණ්ඩුව. (එහෙම කිව්වට මං බලාපොරොත්තු වෙනවා සමගියක්). මහින්දට එතකොට පාර්ලිමේන්තුවේ බහුතරය ලැබෙනවා. මහින්දට අගමැතිකම දෙන්නම වෙනවා. දුන්නැත්නම් 2/3 තියෙන නිසා රනිල්ව විශ්වාශ භංග යෝජනාවකින් පරද්දනවා. රට පාවාදෙන මෙහෙයුම නිකම්ම නතර වෙනවා.

      මේක කරන්නේ නැත්තේ ඇයි? ඡන්දයක් පේන තෙක් මානෙක නැති වෙලාවක, රනිල්ව අයින් කරලා රට බේරා ගන්න ලැබුණු මේ අතිශය විරල අවස්ථාවෙන් ඒකාබද්ධ විපක්ෂය ප්‍රයෝජන ගන්නේ නැත්තේ ඇයි? රනිල්ව එළවලා මහින්දව අගමැති කරන්න මටයි විමල්ටයි තියෙන උවමනාව ඒකාබද්ධ විපක්ෂයටයි, කනියටයි, බූටයි, නීලටයි නැත්තේ ඇයි? එකට එකතු වෙලා, සමගි වෙලා, අවුරුදු දෙකක් තිස්සේ දුක් විඳින මිනිස්සුන්ගේ දුක නැති කරන්න ලැබුණු මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ නැත්තේ ඇයි?

      මම කෙලින්ම කියනවා එහෙම නොකරනවා නම් නොකරන්නේ එක්කෝ රනිල්ව එලවන්න ඇත්තටම ඕනේ කමක් නැති නිසා එහෙම නැත්නම් ඒකාබද්ධ විපක්ෂය වැඩ කරන්නේ ඇත්තටම මහින්ද අගමැති කරන්න නෙමෙයි, රට ගැන නොහිතන, බලයට කෑදර, මහින්ද නොවෙන වෙන කෙනෙකුගේ ආත්මාර්ථකාමී චේතනාවක් වෙනුවෙන් කියන එක. ඒකාබද්ධ විපක්ෂය මිනිස්සුන්ව ride එකක් ගෙනියනවා කියන එක. සිංහල ජාතියේ සමගියට මේ වෙලාවේ විරුද්ධ වෙනවා නම් විරුද්ධ වෙන්නේ කුලියට කහින බත් බැලයෝයි, එවුන්ගේ බල ලෝභී හාම්පුතුනුයි විතරයි.

      අද මොකක්ද සිද්ධ වෙන්නේ? විමල්, දීවා රෑ නොබලා, දුක් මහන්සියෙන්, උගුර ලේ රහ වෙනතුරු කෑගගහා ගිය අවුරුද්දේ පෙබරවාරි 18 ගොඩ නගපු මහා ජන පවුර, “නව ජන බල වේගයක්” කියල අලුත් නමක් දාගෙන, අනුන් දුක් විඳලා ගොඩ නගපු බලවේගයක්, තමන්ගේ වගේ කර ගන්න එක. ඔන්න දිනේෂ් හරි, වාසු හරි ගම්මන්පිල හරි අයිතිවාසිකම් කිව්වා නම් තව සාධාරණයි.

      මේක අළුත් ජන බලවේගයක්ද? මේ විමල් ගොඩ නගපු ජන බල වේගය. විමල් හුඟක් දුක් වින්දා, අනන්ත කැපකිරීම් කළා, ආණ්ඩුවේ පීඩනයට අහු වුනා, මේ ජන බලවේගය ගොඩ නගපු නිසා. විමල් මේ ජන පවුර ගොඩ නැගුවේ තනිකරම තමන්ගේ තනි ශක්තියෙන්. මහින්දගේ උදව්වෙන් නෙමෙයි. මිනිස්සු ආවේ විමල් ගැන විශ්වාසයෙන්. මම ඕනේ ඔට්ටුවක් දාලා කියනවා විමල් ඔතනින් අයින් වුනොත් ඒකාබද්ධ විපක්ෂය ගැන මිනිසුන්ගේ තියෙන විශ්වාසය නැතිවෙලා, ඔය ජන පවුර දියාරු වෙලා යනවා. මම කිව්වේ අර “නව ජන බලවේගය”.

      මේවා ලියන්න හිතපුවා නෙමෙයි. ඒත් මට විරුද්ධව ලියපු එකට මම උත්තර දෙන්න ඕනේ.

      මම කිව්වොත් කිව්වා. ඒකාබද්ධ විපක්ෂය මේ වෙලාවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනිත් කණ්ඩායමත් එක්ක සමගි වෙලා, අපේ පොදු සතුරා, මුළු රටම විරුද්ධ, රට පාවා දීපු රනිල්ව අයින් කරලා රට බේරා ගත්තේ නැත්නම්, අද රනිල්ගේ අත්තනෝමතික, ඒකාධිපති පාලනයට විරුද්ධ වෙලා ඉන්න සිරිසේන ජනාධිපතිට රට ගොඩ නගන්න මම සහයෝගය දෙනවා, period.

      මම සිරිසේන ජනාධිපතිව තව මහින්ද කෙනෙක් කරලා තමයි නවතින්නේ. කොටි පරද්දන මෙහෙයුමක් දියත් කරලා රට බේරා ගෙන, කොලොඹ ලෝකේ ලස්සනම නගරය කරලා “ගෝඨාභය” කියන නම ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා වගේම, මිනිස්සුන්ට ජීවිත දානය දීල, මිනිස්සුන්ගේ කඳුළු පිහිදාලා, වැටුණු ජාතියක් නැගිටුවලා, රට සංවර්ධනය කරලා, රට අළුතින් ගොඩ නගලා “මහින්ද” කියන නම ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා වගේම, රනිල්ගේ රට පාවා දෙන, රට අනාගාමික කරන, රණවිරුවන් පාවා දෙන, රට ඉන්දියන් කොලනියක් කරන මෙහෙයුම නතර කරලා, අවසන් මොහෙතේ ජාතියක් විනාශ මුඛයට යන එක වලක්වා ගත්ත උදාර නායකයෙක් විදියට “මෛත්‍රී” කියන නමත් ඉතිහාස පොතේ රන් අකුරින් ලියවනවා.

      මම ආදරේ මගේ රටට. මම ආදරේ පිළිසරණක් නැති අසරණ දුප්පත් ජනතාවට, අහිංසක දරුවන්ට, දුක් විඳින කාන්තාවන්ට, රණවිරුවන්ට, රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් කතා කරන විමල්ට.

      මම හිතන විදිය හුඟක් වෙනස්. ජාතියක් සමගි කරන්න පුළුවන් වෙලාවක, මම පටු දේශපාලන අදහස් පස්සේ දුවන්නේ නැහැ. සර්ව සම්පූර්ණ මිනිස්සු ලෝකේ නැහැ. තමන්ගේ වැරදි හදා ගන්න හදන කෙනෙකුට මම ඕනේ සහයෝගයක් දෙනවා. මගේ හිතේ වෛරයක් නැහැ. මම මිනිස්සුන්ගේ අතීතය අවුස්සා අවුස්සා ඉන්නේ නැහැ. මම පුද්ගලයෝ දිහා බලන්නේ නැහැ. මම බලන්නේ රට වෙනුවෙන් කරන මෙහෙවර දිහා විතරයි. මේ අන්තිම තත්පරේ රනිල්ගෙන් රට බේරා ගන්නේ කවුද, ඒ තමයි ඉතිහාසයේ උදාරම නායකයා !!!

      • ඇත්ත says:

        බලය ගන්න කෙටි මං තෝරන්න එපා. මෙදා බලය ගන්න ඕන ලංකාවේ ඉන්න කලු සුද්දො ටිකට ආයෙත් නැගිටින්න දෙන්නෙ නැති වෙන විදිහට. එහෙම නැතිව කළවම් මැල්ලුමක් හදල තව දුරටත් සුද්දට රට විකුණන්න අපි සූදානම් නෑ….Champa හිතා ඉන්නෙ එයා විතරයි රෑ එළිවෙනකම් හිටියෙ කියලද? සියඹල ඇත්තේම නෑ එහෙනන්….වැඩකරල කියවන්නෙ නැති වීරයො රටේ තවමත් ඉන්නවා.
        පුළුවන් නම් මෛත්‍රීට කියන්න මේ ඊනියා ජාතික ආණ්ඩුව විසුරැවල රAනිල්ට තනිවම ආණ්ඩුව හදන්න කියලා..

        • Champa says:

          ඇත්ත

          අර උඩ ඉන්න සුමනට දීපු උත්තරෙමයි දෙන්න තියෙන්නේ. “ආපහු ඉස්කෝලේ ගිහින් කියවා තේරුම් ගැනීම ගැන පාඩමක් ඉගෙන ගත්තනම් මම කියපු දේ වැටහෙයි”.

          හරියට බැලුවා නම් තේරෙයි මම උත්තර දීලා තියෙන්නේ “කනියා, බූලා සහ නීලා” කියන කුක්කෝ තුන්දෙනාට කියලා. ඒ නිසා අනුන්ට වීසි කරපු තොප්පි තමන් දාගන්න මෝඩ වැඩේ මීට පස්සේ කරන්න එපා.

          බලය ගන්න අපි කෙටි මං තෝරන්නේ නැහැ. හැබැයි රට බේරා ගන්න නම් මම තෝරා ගන්නේ අන්තිම කෙටි මාර්ගය.

          Quote: “Champa හිතා ඉන්නෙ එයා විතරයි රෑ එළිවෙනකම් හිටියෙ කියලද? සියඹල ඇත්තේම නෑ එහෙනන්…. වැඩකරල කියවන්නෙ නැති වීරයො රටේ තවමත් ඉන්නවා”. Unquote:

          මම කොහෙවත් කියලා නැහැ, මම විතරයි කියලා. මම කිව්වේ මෙහෙම. “මේවා ලියන්න හිතපුවා නෙමෙයි. ඒත් මට විරුද්ධව ලියපු එකට මම උත්තර දෙන්න ඕනේ”.

          ඉස්සර හිටපු නැති කෙනෙක් මට ලියා තිබුන මෙහෙම “එකට ඉදල පිටුපසින් පිහියෙන් අනින අයට විතරයි මෛත්‍රී -මහින්ද සමගියක් ගැන ලියන්න පුළුවන්”. මගේ comment එක ඒකට දීපු උත්තරේ. කවුරු හරි සිංහල ජාතියේ සමගියක් ඇති කරන්න හදන කොට ඒකට විරුද්ධ වෙච්ච බූලල, කනියල, නීලල, ඇත්තලා අපේ ඉතිහාසයේ හැමදාම හිටියා.

          මහින්දට වැරදුනේ තමන් වෙනුවෙන් කතා නොකරපු හින්දා. මහින්ද විශ්වාසය තිබ්බේ අනුන් ගැන. මහින්දට දෙපාරම වැරදුනේ ඒකයි (ආයෙත් වරදින්න යනවද මම දන්නේ නැහැ). මම විශ්වාසය තියන්නේ මා ගැන. “තමන් හිසට තම අතමය හෙවනැල්ල”. මගේ ගැන කරන චෝදනාවලට මම අනිවාර්යයෙන්ම උත්තර දෙනවා. එහෙම උත්තර දෙනකොට මම වටේ තියෙන අනිත් ගහන්න ඕනේ ඒවටත් ගහනවා.

          මම විමල්ටත් කිව්වා. තමන් කරපු දේවල් ගැන කතා කරන්න කියලා. මොකොද කතාවක් තියෙනවනේ “ජයහග්‍රහණයට පියවරු හුඟාක් ඉන්නවා. හැබැයි පරාජය අනාථ දරුවෙක් කියලා”. විමල් කැපවීමෙන් මහන්සියෙන් උගුර ලේ රහ වෙනතුරු කෑගහලා, අපේ ඉතිහාස පොතේ අළුත්ම පිටුවක් පෙරලලා, ජාති, පාට, පක්ෂ භේද නැතුව මිනිස්සුන්ව අවදි කරගෙන, තමන් වගේම රටට ආදරය කරන මහා ජන පවුරක් හැදුවට පස්සේ, ඒ වෙනකම් පැත්ත පළාතේ නොසිට, පස්සේ ඇවිල්ල, කිසි ලජ්ජාවක් නැතුව අළුත් නමක් දාගෙන සමහරු ඒ ජන බලය තමන්ගේ කරගන්න හදනවා. පන්න පන්න ගහන සිරිතක් මගේ නැති වුනත්, ඒ වගේ මිනිස්සුන්ව expose කරන්න මම කවදාවත් පසුබට වෙන්නේ නැහැ.

          අනිත් එක “වැඩ කරලා නොකියවපු” නිසා තමයි රටට වැඩ කරපු වීරයන්ට ගෙදර යන්න වුනේ. අපේ රටේ මිනිසුන්ගේ හැටියට අනිවාර්යයෙන්ම “වැඩ කරලා කියවන්න” ඕනේ. එහෙම නැත්නම් මිනිස්සු ඒවා අමතක කරනවා නැත්නම් වෙන කවුරු හරි credit එක ගන්නවා. මමත් ඉස්සර හිතා හිට්යේ ඔහොම තමයි. හැබැයි ගිය අවුරුද්දේ ඉඳන් දේශපාලනය ගැන කතා කරන්න පටන් අර ගත්තට පස්සේ මම ඉගෙන ගත්ත අපේ රටේ මිනිස්සුන්ගේ හැටි. අනිත් එක වැඩ කරලා කියවන කොටත්, කිසි වැඩක් නොකරන සමහරු සමච්චල් කරනවා “වැඩ කරපු මිනිස්සු කරපු වැඩ ගැන කතා කරන්නේ නැහැ” කියලා. ඒක වෙන මොකොකට හරි ගියත් දේශපාලනයට හරි යන්නේ නැහැ.

          කතාවක් කියන්නම්. නිසඟ හැකියාවක් තියෙන, එක දක්ෂ, ඉතාම නිර්මාණශීලී, වැඩිය කතා නොකරන කූඹියෙක් ඉස් ඉස්සෙල්ලම ආයතනයක වැඩට ගියා. ඒ ආයතනයේ කූඹි හරිම කම්මැලියි. වැඩ කරන්නේ නැහැ. කතාව විතරයි. ඵලදායිත්වය ඉතාම පල්ලෙහා මට්ටමක තිබුනේ. කූඹියාට මේක බලා ඉන්න බැහැ. අනුන්ට කියා කියා ඉන්නේ නැතුව කූඹියා හුඟක් වේගයෙන් වැඩ කරන්න පටන් ගත්ත. කූඹියා කඩියා වගේ වැඩ කරනවා බලා හිටපු අනිත් කූඹියොත් වේගයෙන් වැඩ කරන්න පටන් ගත්ත. ඵලදායිත්වය වැඩි වුනා. නිෂ්පාදන ධාරිතාව බලා ඉන්දැද්දී ඉහල ගියා. ආයතනයේ ඉහල මටටමේ කූඹි මේක දැකලා අර කූඹියාට ප්‍රශංසා කළා. ඊට පස්සේ ඒ කූඹියව නිෂ්පාදන අංශයේ ප්‍රධානියා කළා. කූඹියා මේ ආයතනයට හරි ආදරෙයි. කූඹිය හිතුවා නිෂ්පාදනය වඩා කාර්යක්ෂම කරන්න කිසිම අධීක්ෂණයක් නැතුව, target එකකට වැඩ කරන්න කූඹින්ව පුහුණු කරන්න ඕනේ කියලා. ඒ ගැන වාර්තාවක් ඉහල කූඹින්ට දුන්න. ඊට පස්සේ ඒ වගේ පුහුණුවක් කූඹින්ට දුන්න. දැන් හැම කෙනෙක්ම තමන්ගේ target එකට වැඩ කරනවා. ආයතනය පුදුම විදියේ දියුණුවක් ලැබුවා. එක පිට එක සම්මාන ලැබුනා. හැමෝටම අර දක්ෂ කූඹියව අමතක වුනා. දවසක් ආයතනයේ ප්‍රධාන කූඹින් හිතුවා ආයතනයේ සේවකයන් වැඩියි ඒ නිසා අඩු කරන්න. කූඹි ඔක්කොම අධීක්ෂණයක් නැතුව වැඩ කරන නිසා ඒ අංශයට ප්‍රධානියෙක් අවශ්‍ය නැහැ කියලා හිතුවා. ඊට පස්සේ ඉස් ඉස්සෙල්ලම දොට්ට දැම්මේ ඒ ආයතනය මේ තරම් ඉහලට ගේන්න වැඩ කරපු දක්ෂ කූඹියව.

  8. Nareen says:

    Thavath kiyo kiyo inne mona magulakada? Illala as venava nam hondai.Eth bahane,Kutti nathiva yanavane.

  9. Nareen says:

    Comments kiyavanakota therenava,Kavda>Koheda inne>Monavada karanne kiyala.

Main News