එජාපය නන්නත්තාර වූනේ කරූ-නවීන් පාවාදීමෙන්.. මාමා-බෑණා බල්ටිකාරයන්.. රාවය කරූ-නවීන්-චම්පික පතුරු අරී..

February 3, 2019 at 10:00 am | lanka C news
එජාපය නන්නත්තාර වූනේ කරූ-නවීන් පාවාදීමෙන්.. මාමා-බෑණා බල්ටිකාරයන්.. රාවය කරූ-නවීන්-චම්පික පතුරු අරී..

එජාපය නන්නත්තාර වූයේ කරූ ලේ පාවාදීම නිසා බවත් කරු මාමා නවීන් බෑණා දෙපලම එජාපයෙන් බල්ටි ගැසූ බල්ටිකාරයෝ බවත් රාවය පුවත්පත වාර්තාවක් පල කර ඇත.

එහි මෙසේද දැක්වෙයි

දැන් දැන් රනිල්ට වඩා කරූ මාධ්‍යට කිට්ටුය. ඔහු මාධ්‍යට ඇම දැමීමට සූරයෙකි. ඔක්තෝම්බර් 26 විගඩම ජයගත්තේ කථානායක භූමිකාව නිසා හෙයින් තමා ඕනෑම මොහොතක රටේ නායකත්වයට වුවද සුදුසු බව ඔහු සමග ඔහු වටා සිටින අයද එකතුව ඔහුව අන්දවා ඇත.

දැන් එජාපයේ අපේක්ෂකයා කරූ යැයි කියන තැනට සමහර කැක්කෝ ඉක්මන් වී සිටිති. නවීන් දිසානායක ද මේ නායකත්වය පිළිබදව මහඉහළින් කතා කරමින් සිටි. කරූ නැත්නම් ඔහු ඉන්නා බවද ඔහුම කියමින් යයි.

මෙම මාමා බෑණා දෙපලම එජාපයෙන් බල්ටි ගැසූ බල්ටිකාරයෝය. දැන් අමුතු සුදනෝ වී සිටිති.

එජාපය නන්නත්තාර වූයේ කරූ කළ පාවාදීම නිසාය. නවීන් බෑණාද ඊට හවුල් විය. දැන් මාමා සහ බෑණා අමුතු පොටකට අර අදිමින් සිටි.

මෙවන් නිකමුන් පිරි එජාපයේ වැඞ්ඩා වන්නට ද`ගලනුයේ චම්පික රණවකය. ඔහු එජාප බෞද්ධයාය. බදුල්ලේ ළමා උද්‍යානයක් විවෘත කරන චම්පික ළමයි වඩා ගන්නටත් උත්සාහ කරනු දැකිය හැකිය.

සැබැවින්ම මෙම සැම උමතු වී ඇත. එජාපයේ සැවොම නායකයෝය. එයද දැන් ප‍්‍රශ්නයක් වී ඇත.

– රාවය

30,263 Viewers

6 Comments to “එජාපය නන්නත්තාර වූනේ කරූ-නවීන් පාවාදීමෙන්.. මාමා-බෑණා බල්ටිකාරයන්.. රාවය කරූ-නවීන්-චම්පික පතුරු අරී..”

  1. gaps says:

    Thana Ashaaaa….

  2. සිංහල බන්ඩා says:

    ‘රාවය’ විප්ලවය සඳහා බොම්ඹ හදා අතේ පත්තු කර ගත් නමුත් පසුව ප්‍රජාතන්ත්‍රවාදී ඔස්තාර් කෙනෙක් වූ සිංහල බෞද්ධ විරෝධී අය්වාගේ පත්තර කඩමාල්ල බව ජාතිකවාදී සියලු දෙනාම තේරැම් ගත යුතුය. අය්වා ගේ වීරයා සජිත් නොව පෘතුගීසි රනිලාය.

  3. Janaka from Matara says:

    Karu will win the presidency if he contests from UNP.

  4. Kiriwadda says:

    Mr. Champika, please show us by treating your own child.

  5. හැකහැක says:

    රනිලා මහ බැංකු බැඳුම්කර හොරා.

    සජිය නිදන් හොරා.

    එබැයි උන් දෙන්නට වැඩිය නම් නවීය හොඳා!

  6. THILAK says:

    ALL ARE NI 1 THIEF

Main News