එජාපය නැවත පත් කර මුහුදට පනින්න සැරසෙන්න…

November 7, 2019 at 4:40 pm | lanka C news
එජාපය නැවත පත් කර මුහුදට පනින්න සැරසෙන්න…

එක්සත් ජාතික පක්ෂයට නැවතත් වසර 5කට බලය ලබා දුනහොත් රටේ ජනතාවට අවසානයේ මුහුදට පැනීමට සිදුවනු ඇති බවත්, රාජ්‍ය සම්පත් ,රජයේ ඉඩම් විදේශිකයන්ට විකුණා එදා වේල සොයා ගන්නා මේ  ආණ්ඩුව ගෙදර යැවීමට  ජනතාව ඇඟිලි ගනිමින් සිටින බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.ඒ මහතා මෙම අදහස් පළකලේ පැල්මඩුල්ල රිල්හේන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

දැන් මේ ආණ්ඩුව රටටත් ජනතාවටත් අහිතකර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්න යන්නේ. ජාතික ආර්ථික සභාවේ නිරීක්ෂණයන් අනුව මෙම ගිවිසුම  රටට අවාසිදායකයි. රටේ ජනතාවට අහිතකරයි. ඒක නිසා කැබිනට් මණ්ඩලයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ ගිවිසුමට විරුද්ධ වෙල  තියෙනවා. නමුත් යටිකූට්ටු ආණ්ඩුව හොර රහසේ මේ ගිවිසුම අත්සන් කිරීමේ වෑයමක අද නිරත වෙමින් සිටිනවා. මේ ගිවිසුම මගින් කොළඹ වරායේ සිට ත්‍රිකුණාමලයේ වරායා දක්වා විහිදෙන  විශේෂ ආර්ථික කලාපයට අපේ රටේ ඉඩම් අක්කර ලක්ෂ 12ක් පමණ ප්‍රමාණයක් අයිතිවෙනවා.එම ඉඩම් ඉතා අඩු මිලකට විදේශිකයින් අතට යනවා. ලැබෙන මුදලත් එක්ක බැලුවහම පර්චසයක් රු 20,000කටත් අඩුයි .

මේ ගිවිසුමේ තියෙන බරපතලම කාරණය තමයි ඔවුන්ට  දින 30ක දැනුම් දීමකින් මේ ගිවිසුමෙන් ඉවත් විය හැකියි.නමුත් අපිට රටක් විදිහට මේ ගිවිසුමෙන් ඉවත්වීමේ ප්‍රතිපාදන නැහැ.ඒක බරපතල ලෙස රට අනතුරේ හෙලීමක්. මන්ත්‍රීවරයා මහතා පැවසීය.

තව දුරටත් අදහස් ප්‍රකාශ කරමින්,

මේ ආණ්ඩුව බලයට පත්වුණ දවසේ ඉඳන් මේ රට විනාශ කලා.බලයට පත්වුණු ගමන් මහ බැංකුව මංකොල්ල කෑවා.ඒ තුළින් සමස්ත පොලී ‍ අනුපාත ඉහල ගියා. මුල්‍යවිශ්වාසය බිඳවැටුනා.ඒක නිසා අපේ රටට ආයෝජකයෝ ආවේ නැහැ.ඊට පස්සේ රටට මහා සම්පතක්ව තිබු හම්බන්තොට වරාය කුණු කොල්ලෙට විකුණලා දැම්මා.‍මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කලා.එහෙම කරලා මත්තල ගුවන්තොටුපල විකුණන්න සෑහෙන්න උත්සාහ කලා.ත්‍රීකුණාමල වරාය ,තෙල් ටැංකි ටික විකුණන්න සැලසුම් සකස් කලා.පොහොර  සහනාධාරය කපා හැරියා.රජයේ අමාත්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් වියට්නාමයෙන් ගම්බිරිස් ආනයනය කරලා ගම්බිරිස්  ගොවියා නැත්තටම නැතිකලා.කසල තේ කලවම්කීරීමෙන් ලංකාවේ තේ වලට තිබුණු කීර්ති නාමය නැති කරලා දැම්මා. මෙහෙම විනාශයක් කරපු ආණ්ඩුවක් නැවතත් අවුරුදු පහකට බලය ඉල්ලනවා.බැරි වෙලාවක්වත් බලය ලැබුනොත් රටේ ඉතුරු සම්පත් ටිකත් කුණුකොල්ලෙට විකුණනවා.එහෙම උනොත් අනාගත පරම්පරාවට රටක් ඉතුරුවෙන්නෙ නෑ. සෙනෙවිරත්න මහතා පැවසීය.

– ධම්මික තිලකරත්න

23,993 Viewers

7 Comments to “එජාපය නැවත පත් කර මුහුදට පනින්න සැරසෙන්න…”

  1. කිරිමෙල් says:

    ඔය සියල්ල අැත්ත වුවත් 2005 ගොං කම් කරපු මීහරක් තේරුම්ගන්නෙත්නෑ, එවුන්ට තේරුම්ගන්නත් බෑ. පුංච් පෝක්ස්වාගන් එකෙන් යන්න බලාගෙන ඉන්නෙ.

  2. Politics says:

    Those who lived during his Farther’s regime would remember how unlikely we were to be the citizens of this country.

    We remind his farther when he start talking and feel the same.

    • සිරිපාල says:

      ඔබ හරි. මේ වගේ දේවල් වලදී අපි බැලිය යුත්තේ වඩාත් පරණ සිද්දිය මිසක් වඩාත් ආසන්න සිද්දිය නොවේ. විශේෂයෙන්ම දෙමව්පියන්ගේ වැරදි ළමයින්ගේ පිටින් යැවීම, කෙලින්ම වැරද්දක් කරපු කෙනාට ඇඟිලි දික් කිරීමට වඩා සුදුසුය. එහෙම හිතන්නේ නැති අයගේ ඇඟිලි වලට 17 වෙනිදායින් පස්සේ දෙය්යන්ගේම පිහිටයි

  3. Muhammadu thahir marikkar muhammadu anwer says:

    John tamuse merennath kale Hari. Emanisa boru begal kelinna nathiwa pinak dahamak karagena innawa oy.

  4. Jude says:

    We learn, in a Public Company (Country) Chairman (President) and CEO (Prime Minister) can not be the same person. (It’s unethical and agaist the good governance). But one for the world, its going to be happened in Sri Lanka? may be, may not be, based on your vote. We are not alone here, the whole world is looking at it. Do you think democracy can arise when President, Prime Minister, Speaker and Majority of ministries under one person? Think twice before you vote.

  5. Ishan says:

    John Hooo- kaemata niyamithayi!

Main News