එජාපය පුද්ගලික සමාගමක් වෙයි.. ප‍්‍රධාන විධායක නිලධාරියෙකු පත් කරයි..

May 11, 2018 at 12:00 pm | lanka C news
එජාපය පුද්ගලික සමාගමක් වෙයි.. ප‍්‍රධාන විධායක නිලධාරියෙකු පත් කරයි..

එක්සත් ජාතික පක්‍ෂය සදහා ප‍්‍රධාන විධායක නිලධාරීවරයෙකු පත් කිරීමට එම පක්‍ෂයේ අවධානය යොමුව තිබේ.

එජාප ප‍්‍රතිසංවිධානය සම්බන්දයෙන් වූ රුවන් විජයවර්ධන කමිටු යෝජනා අනුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇත.

ප‍්‍රධාන විධායක නිලධාරියාගේ ප‍්‍රමුඛ කාර්ය වන්නේ මහ ලේකම්වරයාගේ පරිපාලන කටයුතු සදහා දායකත්වය ලබා දීමයි.

කෙසේ වෙතත් මෙම නව තනතුර සම්බන්දයෙන් එජාප ප‍්‍රබලයෙකුට සම්බන්ද වෙබ් අඩවියක් සදහන් කර ඇත්තේ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරු ඇත්තේ දේශපාලන පක්‍ෂවල නොව පුද්ගලික සමාගම්වල බවයි.

18 views

6 Comments to “එජාපය පුද්ගලික සමාගමක් වෙයි.. ප‍්‍රධාන විධායක නිලධාරියෙකු පත් කරයි..”

  1. Saradiel says:

    රට විකුණන දොන් ජූවන් ට පක්ෂය විකිණීම සුලු දෙයක්

    • සුප්පා says:

      දොන් ජුවන් කොහොමත් unp එක IDU හෙවත් අන්තරජාතික පජාතන්ත්රවදින්ගේ හවුලේ ලියාපදිංචි කලේ මිට අවුරුදු පහළොවකටත් ඉස්සරවෙලා idu කියන්නේ බටහිර ජාතීන්ගෙන් සැදුම්ලත් දක්ෂිනාංශ ක්‍රිස්තියානි සංවිධානයක් ලැජ්ජාව කියන්නේ ඔය සංවිදානයේ ආසියාතික රටකට ඉන්නේ අපි විතරයි අනික් රටවල් ඔක්කොම බටහිර රටවල් .යුද්දේ තියෙන කාලේ වික්‍රමසිංහ යුද්දේ නවත්තන්න නිතරම රට ගියා මතකද ඒ ගියෝ ඔය බටහිර රටවල idu’එකේ නායකයෝ හම්බුවෙලා ගතු කියලා යුද්දේ නවත්තන්න අන්න ඒ ප්‍රයත්නයේ ප්‍රතිපලයක් හැටියට තමයි එදා යුදෙ අන්තිම දවස්වල එංගලන්තය ,ප්‍රංශය ,කැනඩාව ,ජර්මනිය කියන රටවල විදේශ ඇමතියෝ ලංකාවට ගොඩ බැස්සේ මහින්දට යුද්දේ නවත්තන්න බලකරන්න අර උන්ව මහා අවුවේ ඇඹිලිපිටියට ගෙන්න ගත්තේ සාකච්චාවට අන්තිමේ උන් නොන්ඩි වෙලා ගියේ මතකද ?

  2. අලි C.E.O. says:

    එම තනතුර සඳහා සාගල පත් කෙරෙනවා ඇත. සාගල දේශපාලනයට එන්න කලින්, HSBC එකේ manager කෙනෙක්.

    head office එකේ credit operations manager

  3. Kadiya says:

    ප්‍රධාන විධායක නිලධාරියෙක් නෙවෙයි හිට්ලර්ගේ වගේ චාන්සලර් කෙනෙක් පත්කර ගත්තත් අපට කමක් නැත. අගමැති කම රටට ආදරේ මිනිහෙකුට දීල. මීළඟ චන්දෙන් ඒක අපි ගන්නවා. රට බේරලා UNP එකට ඕනෑම මල දානයක් කරගනිව්.

  4. සුරාජ් says:

    එජාපය කොහොමත් සමාගමක් තමයි .හෙඩ ක්වාටර්ස් එක ඇමරිකාවේ පෙන්ටගන් එකේ .තව කොටසක් තියෙන්නේ EU රටවල .රනිල් රවී කියන්නේ ලංකාවේ වෙළඳ නියෝජිතයා .ඒ නියෝජිතයෝ පත්කරන්නේ හෙඩ් කාව්ටර්ස් එකේ නියෝග අනුව .අන්න නෙඉසා තමයි අපේ ජනපතිතුමත් කිව්වේ ෆොන්සේකාට ඒ රටවලින් අකමැතියි ඇමතිකම දෙනවට කියල .එතුමත් ඒ සමාගමේ ප්‍රධාන නිලධාරියෙක් තමයි හැබැයි වැඩි බලතල තියෙන්නේ රනිල්ට .චන්ද්‍රිකා ලා ප්‍රධාන මවු සමාගමේ අධීක්ෂණ නිලධාරියෝ .කොහේ හරි මොනවහරි වැරද්දක් උනාම ටක් ගාල ඇවිල්ල විසඳලා ආයේ හරි ට්‍රැක් එකට දානවා .අර පහුගියදා චන්ද්‍රිකා විගහට අරලියගහ මන්දිරේට දිව්වේ අන්න එකයි .
    ජයවේවා එජාපය ලාභ ලබන ඇමෙරිකන් සමාගමක් කරමු ලංකාවේ මහජනතාව හෙවත් පාරිබෝගිකයා අන්දමු

  5. Aurora says:

    UNP යනු මහම වංචාකාරයන්ගේ පක්ෂයයි. මුන්ගේ පක්ෂේ චන්ද ලකුණම බොරුවක්. ලංකාවේ කොහෙද අලින්ට දළ තියෙන්නේ, දළ තියෙන්නේ ඇතුන්ට පමණයි. ශ්‍රී ලංකාවේ ලොකුම පක්ෂය කිව්වට අද වෙනකොට ලොකුම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. මී ළඟ චන්දෙදි නැවත ඔප්පු කරන්න පුළුවන්. තව ටික දිනකින් (PVT) Ltd අයින් කරලා Partnership තත්වයට බහිනවා.

Main News