එජාපය බිංදුවටම අකුලාගනී.. ශ‍්‍රීලනිප ඇමතිලාට එරෙහි විශ්වාස භංගය ඉල්ලා අස්කර ගනී..

April 7, 2018 at 12:02 am | lanka C news
එජාපය බිංදුවටම අකුලාගනී.. ශ‍්‍රීලනිප ඇමතිලාට එරෙහි විශ්වාස භංගය ඉල්ලා අස්කර ගනී..

එක්සත් ජාතික පක්‍සයේ පසුපෙල මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් ශ්‍රීලනිප ඇමති පිරිසකට එරෙහිව කතානායකවරයාට බාර දෙන ලද විශ්වාස භංග යෝජනාව වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා සදහන් කර ඇත්තේ අදාල විශ්වාසභංග යෝජනාව එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ මතයක් පමණක් මිස එජපවය විසින් එවන් තීරණයක් ගෙන නැති බවයි.

ඒ අනුව එජාප නායකයා ලෙස වහාම යෝජනාව ඉල්ලා අස්කර ගන්නැයි මන්ත්‍රීන්ට දැනුම් දී තිබේ.

මෙවැන් තීරණ ගත යුත්තේ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි කණ්ඩායම විසින් යයිද අගමැතිවරයා සදහන් කලේ යයි නිවේදනයේ දැක්වෙයි.

මේ අතර ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටියේ විශ්වාස භංග යෝජනාව ඉල්ලා අස්කර නොගන්නේ නම් ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රීලනිපය ඉවත් වන්නේ යයි ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට දැන්වූ බවයි.

4 views

One Comment to “එජාපය බිංදුවටම අකුලාගනී.. ශ‍්‍රීලනිප ඇමතිලාට එරෙහි විශ්වාස භංගය ඉල්ලා අස්කර ගනී..”

  1. ඇත්ත says:

    බැදුම්කර වංචාව යට ගැසීමට කරන දෙවන මෙහෙයුම…….රනිල්…අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු අයට එල්ලවී ඇති බැදුම්කර වංචාව සම්බන්ධව චෝදනා ජනතාවගේ මතකයෙන් ඈත්කිරීම සදහා විශ්වාසභංගය පිට විශ්වාසභංගය ගෙන එයි…ජනතාව ඇන්දවීමෙන් පසු ඉල්ලා අස්කර ගනී…

Main News