එජාපය බේරාගත හැක්කේ ඔබට පමණයි.. ඇත් රජකු සේ පෙරට එන්න..- මල්වත්තෙන් කරූට සුබ පැතුම්

September 2, 2020 at 1:20 pm | lanka C news
එජාපය බේරාගත හැක්කේ ඔබට පමණයි.. ඇත් රජකු සේ පෙරට එන්න..- මල්වත්තෙන් කරූට සුබ පැතුම්

මල්වතු මහා විහාරයේ දී අනුනාහිමියන් බැහැ දුටු හිටපු කථානායකවරයා කෙරෙහි විශ්වාසය පළකල උන් වහන්සේ වැදගත් ඉතිහාසයක් සහිත එක්සත් ජාතික පක්ෂය පත්ව ඇති ඛේදජනක ඉරණම පිළිබදව තමන් වහන්සේ බෙහෙවින් කණගාටු වන බවද පැවසුහ.

මෙම හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ අනුනායක හිමිපාණන් වහන්සේ

එක්සත් ජාතික පක්ෂයට උණු විපත්තිය හිතාගන්නත් අමාරුයි ඩී.එස් සේනානායක මැතිතුමා ඇතුළු මුස්ලිම්, හින්දු, සිංහල, ක්‍රිස්තියානි ඔක්කොම එකතු වෙලා හදපු පක්ෂය ඒකනෙ එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නෙ. මේක කොච්චර කාලයක් ආණ්ඩු බලය තියාගෙන රට පාලනය කරාද. ඩී.එස්.සේනානායක මහත්තයා මොනතරම් විශිෂ්ඨ සේවයක් කරලා තියනවද ජනවාස වල පදිංචි කරන්න එතුමානෙ කටයුතු කළේ. එහෙම පක්ෂයක් අන්තිමටම බින්දුවටම වැටුණා. ඒක අනිත් පක්ෂ වලටත් හොද ආදර්ශයක්.

ඔබතුමා මේ කටයුත්තට සුදුස්සෙක්, දීර්ඝ පළපුරුද්දක් ඔබතුමාට තියනවා. හමුදාවල ඉදලා, ව්‍යාපාර ක්ෂේත්‍රවල ඉදලා, කොළඹ නගර සභාවෙ නගරාධිපති වෙලා ඉදලා, මන්ත්‍රී වෙලා ඉදලා, ඇමති කෙනෙක් වෙලා ඉදලා, ඊ ළගට පාර්ලිමේන්තුවෙ ප්‍රධානියා බවට පත් වුණා දීර්ඝ කාළයක්. ඒ වගේම ඔබතුමාට ගල්,මුල්,මිරිස්කුඩු ප්‍රහාර ආවද, ඒවාට නොබියව අර යුද්ධයේ දී ඇතාට විදින ඊතල ඇතා ඉවසනවා වගේ ඔබතුමත් ඒ සියළු දේ ඉවසලා ඒ කටයුතු කළා එහෙම ඉවසීමේ ශක්තියක්,

ඒ වගේම බුද්ධිමත් භාවයක්, කාර්යශුරත්වයක්, ඒ ඔක්කොම තියනවා ඒ වගේම ඔබතුමාට ධන බලයත්, පිරිස් බලයත් තියනවා. ඔබතුමා කථානායක අසුනෙ ඉන්දැද්දි මේ ජාතින් එකතු කරන්න අපිත් එකතු කරගෙන ගිහිල්ලා තැන් තැන් වල රැස්වීම් තියලා සිංහල, දෙමල, මුස්ලිම්, හින්දු, කතෝලික, මේ සියළු දෙනා එකතු කරගෙන, මේවා සත්පුරුෂයන්ගෙ ලක්ෂණ

– repoter

13,686 views

16 Comments to “එජාපය බේරාගත හැක්කේ ඔබට පමණයි.. ඇත් රජකු සේ පෙරට එන්න..- මල්වත්තෙන් කරූට සුබ පැතුම්”

  1. මීක් හක්බෙල්ලාව says:

    චීනෙට වරායේ බටහිර පර්යන්තය ද, ජෝන් කීල්ස් සමාගම ට වරායෙන් අක්කර ගණනාවක්. විකිණීමට දා කරු ජයසූරිය සහ මිලින්ද මොරගොඩට දූෂණ චෝදනා නැගුනා නේද? කෝප් කමිටුව පවා විමර්ශනය කලේ නැහැ ඒවා.

  2. 77 UNP says:

    UNP ය දිගින් දිගටම මැතිවරණ වලින් පරාජය වෙන්නේ රනිල්ගේ වරදකින් කියනඑක මහා මිථ්‍යාවක්. 94 UNP ය පරාජය වුනාට පස්සේ චන්දෙ දමන්න ජාතික හැඳුනුම්පත අනිවාර්ය කළා. හැමදාම UNP දිනුවේ හොර චන්දවලින්. දැන් හොරචන්ද දමන්න බැරි නිසා චන්දවලින් පරදිනවා. ඕකට රනිල්ට ගහලා ගොදදමන්න පුළුවන් දෙයක් නොවේ. ඒක හරියට “කුඹුර හරක් කෑවට ගෙදර ගෝන හමට තඩිබානවා වගේ” වැඩක්. මේ හොරා ආවත් ඔච්චර තමයි.

  3. Janaka from Matara says:

    ..ලංකාවේ දේසපාලනයට අවශ්‍ය සිංහ රජවරු, කොටි ව්‍යාග්‍රයො, නාග රාජයෝ, ඇත් රජවරු නෙවෙයි.
    අපිට අවස්‍යය homo sapien, post-COVID19 හෙල නායකයෙක්.
    ඒ ටික තේරුං ගන්න බැරි නං ඔහේලා ගමට ගිහිල්ලා ගොවිතැනක් බතක් කරගෙන ඉන්න​.

  4. Kevin says:

    කරූ නෙමෙයි පබා දැම්මත් මෝඩ රනිලා කාපු පක්ශය ගොඩගන්න බෑ. දැන් තියෙන්නේ සිරිකොත කෞතුකාගාරය කියලා බෝඩ් එකක් ගහන්න.

  5. රට වැසිය says:

    දේසපාලන පක්ෂ බේරගන්න කලින් රතනලගෙන් සාසනේ බේරගත්තොත් හොදනැද්ද..