එජාපය බෝම්බ පුපුරුවා පොහොට්ටුවට පැටවීමේ තැතක්..

November 9, 2019 at 6:28 am | lanka C news
එජාපය බෝම්බ පුපුරුවා පොහොට්ටුවට පැටවීමේ තැතක්..

පොලොන්නරුව බැඳිවැව පාරෝ ලේක් හොටෙල් හි පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

2019 නොවැම්බර් 6 දින එරාන් වික්‍රමරත්න ඇමතිතුමා මැතිවරණ කොමිසමට හදිසි ලිපියක් යවනවා. එතුමාගේ මව්බස වන ඉංග්‍රිසි බසින් ඒ ලිපිය ලියා තිබෙන්නේ. ඒක අපේ මව්බසට පෙරලා ගමු. ඒ ලිපියෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරි සතියේ දී බෝම්බයක් පිපිරවීමට සැලසුම් කරන බවට තමන්ට විශ්වාසනීය ප්‍රවෘත්තියක් ලැබුණු බැවින් වහාම ජාතික ආරක්ෂක සභාව කැඳවීමට එජාපය කටයුතු කළ යුතු බවට තමන්ට ට්විටර් පණිවිඩයක් ලැබුණු බවයි.

බෝම්බ පිපිරවීමක් සම්බන්ධයෙන් බැවින් හරි නම් එතුමා මේ ලිපිය යැවිය යුත්තේ පොලිස්පතිතුමාට මිස මැතිවරණ කොමිසමට නොවේ. ඒකෙන් පේන්නේ ජාතික ආරක්ෂාවට වඩා දේශපාලන වාසිය තමන්ට වැදගත් බව මන්ත්‍රිතුමා සිතන බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ මාස ගණනාවක් අනතුරු ඇඟවීම් කරලා තිබිය දී කිසිම පියවරක් නොගෙන තමන්ගේ ජීවිත විතරක් බේරා ගන්න එදා පල්ලි නොගිය හරින් ප්‍රනාන්දු සහ එරාන් වික්‍රමරත්න වැනි ඇමතිවරු මෙදා පාර කඩිමුඩියේ ප්‍රතිචාර දක්වන්නේ ඇයි? මෙතැන බෝම්බ බියක් තිබෙන නිසා නොවේ. එහි වගකීම “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ” ට පටවා තිබුණු නිසා. ජනාධිපතිවරණයේ තම ප්‍රතිවාදියාගේ පක්ෂය මේකට ගාවලා තිබෙන නිසා.

රණවිරුවන් මුදලට අරගෙන බොරු වීඩියෝ හදපු පාස්කු ප්‍රහාරය ගෝඨාභය මැතිතුමා මත පටවන්න බොරු වීඩියෝ හදපු එජාපය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි සතියේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න හදන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්නේ. ඒ නිසා එජාපය විසින් බෝම්බයක් පුපුරුවලා ඒ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මත පැටවීමේ වෑයමක් තිබෙනවා කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා. එරාන් වික්‍රමරත්න අමාත්‍යතුමා පොලිසියට පැමිණිලි නොකළත් අපි මේ ගැන පොලිසියට පැමිණිලි කරනවා. මොකද පොදුජන පෙරමුණ බෝම්බ පිපිරවීමට සිටින කතාව පට්ටපල් බොරුවක් බව ඉතාම වගකීමෙන් දැඩිව අවධාරණය කරනවා.

සාමාන්‍යයෙන් ට්විටර් පණිවිඩයක මුලින්ම සටහන් වෙන්නේ පණිවිඩය එවූ අයගේ ට්විටර් නාමයයි. නමුත් එරාන් ඇමතිතුමා සිතා මතා ඒක යටපත් කරලා තිබෙනවා. එතුමාට ලැබුණු පණිවිඩය විශ්වාසනීය නිසානෙ එතුමා ඒක මැතිවරණ කොමිසමට යොමු කරලා මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලබා දෙන්නේ. ප්‍රවෘත්තිය විශ්වාසනීය බවට ඒ පණිවිඩයේ සඳහන් වෙනවානෙ. එරාන් ඇමතිතුමාට තොරතුර ලබා දුන් පුද්ගලයාව එතුමා විසින් පොලිසියට හෙලි කළ යුතුයි. ඔහුට ලැබුණු තොරතුරු විශ්වාසනීය බැවින් මේ බෝම්බකරුවන්ව ඔහු දන්නවා. මේ බෝම්බ කතාව ඇත්තක් ද? බොරුවක් ද? ඇත්තක් නම් ඒ පිටුපස සිටින්නේ කවුද යනාදිය දැන ගත හැක්කේ එවිටයි.

එරාන් ඇමතිතුමා මේ තොරතුරු හෙලි නොකරනවා නම් ජාතික ආරක්ෂාවට වැදගත් තොරතුරක් හෙලි නොකිරීම පිළිබඳ ඔහුව වහාම අත්අඩංගුවට ගත යුතුයි.

– අරවින්ද අතුකෝරල

26,924 Viewers

13 Comments to “එජාපය බෝම්බ පුපුරුවා පොහොට්ටුවට පැටවීමේ තැතක්..”

  1. OMG says:

    අල් ගෝඨාභි තමා සහරාන්ලාට හොරෙන් පඩි ගෙවලා තව්හිද් ජමාත් කාර්යයාලයට කොළඹින් ඉඩමකුත් දෙන්නේ.අල් ගෝඨාභි අප්‍රේල් 12 ලංකාවට එනවා අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සිදු වෙනවා.ඊට පස්සේ මැයි 08 රොබර්ට් බ්ලේක් කියනවා මේවා නතර කරන්න නම් Al Gotabi ට රට බාරදෙන්න වෙනවා කියලා (බළලා මල්ලෙන් පැනීම)Former US Ambassador to Sri Lanka Robert O. Blake Jr, at an event organized by the Pathfinder Foundation, had claimed that the incumbent government should have established a high-level group of technocrats similar to the one that existed during the time of former Secretary to the Ministry of Defence Gotabaya Rajapaksa, in order to prevent terror attacks in the country ,08 May 2019.ඉන් නොනැවතී අගෝස්තු 11 උදෑසනම මහින්දව මුණ ගැසෙන ඇමෙරිකන් රාජ්‍යතාන්ත්‍රිකයන් එදින සවස අල් ගෝඨාභිට ජනාධිපති අපේක්ෂකත්වය දිය යුතු බව අඟවා සිටී

    • rattar says:

      උඹට ලැජ්ජා නැද්ද omg.
      තවත් unp සුද්ද කර කර හිටපන්..
      හරීන්ගේ තාත්තා ට කවුද එකෙක් කියල තිබිබ
      ගෝට බෝම්බ දානව කියල,
      ඇයි උඹට කිවිවේ නැද්ද omg???

    • Pal says:

      OMG ,,,,

      Ask your rulers to file a case against these without barking to the moon.

      Thopita Padayak Giyath ,Balanne Ekata Gota Allanna …

      Now those 6.2 millions of misled citizens has come dawn to 4.2 millions..

      • වයිෆයි says:

        OMG ගේ කමෙන්ට් එකේ හැම වාක්‍යයක්ම ඇත්ත.පරණ නිව්ස් අරන් බලන්න.
        ඇත්ත නිව්ස් ටිකක් එක පේලියට ලියලා තියනවා දින පිලිවෙලට එචචරයි.

      • වයිෆයි says:

        OMG ගේ කමෙන්ට් එකේ හැම වාක්‍යයක්ම ඇත්ත.පරණ නිව්ස් අරන් බලන්න.
        ඇත්ත නිව්ස් ටිකක් එක පේලියට ලියලා තියනවා දින පිලිවෙලට එචචරයි.

    • Real Man says:

      Mama ada Sita Dawas 7 k … Muuta Katharagama Devalaye Pol gahanawa..

      OMG Kiyana Muusalayata Hena Gahanna kiyala..

      Gota kiyanne Udde Iwarakarapu Ape Weerayek.

    • Jay says:

      O = Onna
      M = Magen
      G = Guuuuuuuuuuuuuuuuuuu

  2. MD says:

    Tikak hari hodai kiyala hitan inna UNP mantri Iran wickrama lath me wage tuppahi wada karanawanam tawath mona katada.Megollo salli walata unp eke tiyaganna bath baloyo kiwwoth niwaradi kiyalai mama hitanne.Gotata jayawewa!

  3. ciminal says:

    මුහුදෙ ගිලෙන්න යනකොට පිදුරු ගහෙත් එල්ලෙනවා…

  4. Sawumyapala says:

    Janadipatiwaranayata dinakho dinakipayak tibiyadi bombayak pupurawagena ehi anukampawa labaganta wagey salasuma. Araksaka ansa buddi ansa wahs pariksana arambiya yutuy. Natnam eyat niladarin kipadenek hireta yawanta hetuwak karagani.

  5. kamal says:

    යාපන දිස්ත්‍රිකයේ චන්ද ප්‍රතිඵල
    සිවාජිලංගම් 106000
    ගෝටා 86000
    සජිත් හා අනුර පළමු මනාපය විතරක් 403000
    දෙවනි මනාපයත් එක්ක 1යි ඒ සිවාජිලංගම්. එකෙන් තෙරෙනවා සිවාජලිංගම් දෙමල ජනතාවගේ වැරදි කපටි පවිටු අපේක්ෂා ඉදිරිපත් කරන දෝහියෙක් කියා

  6. ajith says:

    ගියපාර අපි හැමෝම ඡන්ද දුන්නේ පංචවිද ක්‍රමයෙන්. රට සංවර්ධනය වුනාම කාර් එකක් ගන්න. මේ පාර එජාපයේ පන්චවිධ ක්‍රමය තියෙනවද නැද්ද කියල දන්නා කෙනෙක් කියනවද?

  7. praba says:

    ඉහත comment එකේ OMG කියන පුද්ගලයාට මම කියන්නේ නොදන්න දේවල් කතාකරන් එපා. මේ පිළිබඳව නිවැරදි තොරතුරු දන්නවානම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන්න. රට බේරාගන්න මිනිස්සුන්ට අපහාස කරන්න එපා. මේ වගේ දේවල් කරන කොට හෙන වදිනවා. සත්තයි. හෙනම ගහපං

Leave a Comment

Main News