එජාපය මුදුනෙන්ම සටනට බහී.. මාධ්‍ය හමුවක් කැදවයි.. ජනපතිට එරෙහිව යුද ප්‍රකාශ කරන්නට යයි..
October 13, 2016 at 3:50 pm | lanka C news
ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේ සිදු කරනලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පල කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය විසින් හදිසි මාධ්‍ය හමුවක් කැදවා කරැණු පැහැදිලි කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
එහිදී ජනාධිපතිවරයාගේ අදාල ප්‍රකාශය හා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කිරීම සිදුවනු ඇතැයිද සදහන්ය.
ඉදිරි ආසන්න දිනකදී පවත්වන මෙම මාධ්‍ය හමුව සදහා එජාපයේ ඉදිරිපෙල නායකයන් කිහිප දෙනෙකුම සහභාගී වීමට නියමිතය.