එජාපය විනාශ කිරිමේ කුමන්ත්‍රණයක්.. මෛත්‍රී ජනාධිපතිගේ ක්‍රියාකලාපයට විරුද්ධව හරීන් ප්‍රනාන්දු ඇමති සටන අරඹයි..
August 9, 2017 at 10:00 am | lanka C news
මේ වනවිට අපේ දුරවලකම් නිසා අපිටම මේ ආණ්ඩුව පාරවලල්ලක් වී ඇති බවත් අපි මැරිලා ආණ්ඩුවක් පත්කරගෙන එයින් බැට කෑමට සිදු වී ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් එජාපයේ මන්ත්‍රී වර්තමාන ටෙලිකොම් සහ ඩ්ජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේය.
ජනාධිපති කොමිෂන් මගින් එජාපයේ නායකයන් වන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙන්ම මලික් සමරවික්‍රම, කබීර් හසීම් වැනි පක්ෂයේ ප්රබලයින්ට විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් ආරම්භ කොට ඇති බැවින් අද සිට ඊට විරුද්ධව සටන් කිරීමට තමන් ප්රමුඛව එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් පෙරමුණ ගන්නා බවද ඒ සඳහා තමන්ට සහයෝගය දෙන මන්ත්‍රීවරු මෙන්ම අමාත්‍යවරුන් ද සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.