එජාපය විවේචනය කරන ශ්‍රිලනිප මැති ඇමතින්ට වැඩ වරදි.. බැරිනම් එලියට යනු..-රවි සමඟ එජාප පසුපෙළ මන්ත්‍රී සංසදය

August 26, 2017 at 3:24 am | lanka C news
එජාපය විවේචනය කරන ශ්‍රිලනිප මැති ඇමතින්ට වැඩ වරදි.. බැරිනම් එලියට යනු..-රවි සමඟ එජාප පසුපෙළ මන්ත්‍රී සංසදය

රවි කරුණානායක අමාත්‍යවරයා ඉවත්කිරිම හරහා යම්කිසි දේශපාලන වාසියක් ගැනීමට ශ්‍රිලනිප අමාත්‍යවරු ඇතුළු ජනාධිපතිවරයා ගත් උත්සහය රවි කරුණානායක පසුපෙල මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගත් දා සිටම ව්‍යර්ථ කිරීමට මේ වනවිට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් සමත් වී ඇති බැව් පැහැදිලිව මාධ්‍ය මගින් දැකගත හැකිය.

විදේශ ඇමති ඉවත් කිරිම හරහා ශ්‍රිලනිප පාර්ශවය ලබාගත් ඉතා සුලු වාසිය පවා අහිමි කරමින් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධූරයන් දෙකෙන්ම නෙරපීම හරහා අගමැතිවරයා ප්‍රමුඛව එජාපයේ ආණ්ඩුව තම ප්‍රතිරූපය ඉහළ නංවා ගතහ, ඒ අතර බැදුම්කර කොමිසමේ ඉදිරි වැඩකටයුතු පවා ක්‍රමානුකූලව යටපත් වීමේ ප්‍රවනතාවක් නිර්මාණය කිරීමට එම මන්ත්‍රී කණ්ඩායම මේ වනවිට සමත් වී ඇත.

එජාපයේ ආණ්ඩුවේ ඇමතිකම් ගෙන එම ආණ්ඩුව විවේචනය කිරීමට ශ්‍රිලනිප අමාත්‍යවරු නිතරම සිදු කල අතර ඉදිරියේදී එසේ සිදු නොවන බවට ජනාධිපතිවරයා හරහා ම යම්කිසි සහතියක් ලබා ගැනීමට මීට දින කිහිපයකට පෙර ජනාධිපති කාර්යාලයේදි ජනාධිපතිවරයා මුණගැසුනු එජාපයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සමත් වූ බව එයට සහභාගි වූ මන්ත්‍රීවරුන්ගෙන් අනාවරනය වි ඇත.

ඒ අනුව ආණ්ඩුවේ ඇමතිකම් ගෙන ආණ්ඩුව නිතරම විවේචනය කරන ඩිලාන් පෙරේරා ඇතුළු ශ්‍රිලනිප කණ්ඩායමට නැවත ආණ්ඩුව විවේචනය කලොත් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා ලවා ආණ්ඩුවේ මැති ඇමතිකම් වලින් නෙරපීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, ඒවාට ක්ෂණිකව ප්‍රතිඋත්තර දීමටත් එජාපයේ පසුපෙළ මන්ත්‍රී සංසදය ක්‍රියාත්මක වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම මෙම කණ්ඩායමට නව ජීවයක් ලැබීමට ප්‍රධාන හේතුව එජාපයේ නියෝජ්‍ය සභාපතිවරයෙකු මෙන්ම හිටපු ජේෂඨ අමාත්‍යවරයෙකු වූ රවි කරුණානායක මහතා එක්වීම බව සමාජ ජාලා අතර කතා බහට ලක්වෙමින් පවති .

15 views

One Comment to “එජාපය විවේචනය කරන ශ්‍රිලනිප මැති ඇමතින්ට වැඩ වරදි.. බැරිනම් එලියට යනු..-රවි සමඟ එජාප පසුපෙළ මන්ත්‍රී සංසදය”

  1. john the baptice says:

    හිට්ලර් නැවත ඉපදිලා

Main News