එජාපය විසින් ශ‍්‍රීලනිප සංවිධායකයක් මුදල් දී බා ගන්නවා.. ගෝටාට සහාය දීම ගැන ඇතැම් සංවිධායකයන් නොසතුටින්…- දයාසිරි

October 23, 2019 at 2:10 pm | lanka C news
එජාපය විසින් ශ‍්‍රීලනිප සංවිධායකයක් මුදල් දී බා ගන්නවා.. ගෝටාට සහාය දීම ගැන ඇතැම් සංවිධායකයන් නොසතුටින්…- දයාසිරි

එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධායකවරුන්ට මුදල් හා තනතුරු ලබාදෙමින් සහය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ජනාධිපතිවරණයේ දී ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගන්නා ලද්දේ අසීරු තීන්දුවක් බවද මහ ලේකම්වරයා පැවසීය.

එම තීන්දුව සම්බන්ධයෙන් ඇතැම් ප්‍රාදේශීය නායකයින් කලකිරීමක සිටින බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් තෝරාගත යුත්තේ සමාන අදහස් ඇති පක්ෂ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කළ බවද ඔහු තවදුරටත් පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

33,445 Viewers

6 Comments to “එජාපය විසින් ශ‍්‍රීලනිප සංවිධායකයක් මුදල් දී බා ගන්නවා.. ගෝටාට සහාය දීම ගැන ඇතැම් සංවිධායකයන් නොසතුටින්…- දයාසිරි”

  1. ariyadasa says:

    සජිත් ප්‍රේමදාස ගැන දැනගන්න හොඳ අත්දැකීමක් මට තියෙනවා 2003 විතර. ලංකාවම දන්නා නාවල විවෘත විශ්ව විද්‍යාලය පෙනෙන දුරින් තියෙන අකුරු දෙකකින් හඳුන්වන ප්‍රමුකතම කොන්ත්‍රාත් ආයතනයකින් ඔය කලේ කළා දික්වැල්ල – බෙලිඅත්ත – තංගල්ල ප්‍රධාන මාර්ගය. සජිත් එකේ වැඩට මෙලෝ දෙයක් බැරි මිනිස්සු සියගණනක් බලෙන් දැම්ම රියදුරන් , ඔපරේටර් වරුන්, පරීක්ෂකයන් වගේ තනතුරු වලට. පන අදින වාහන , මැෂින් වැඩට බලෙන් දැම්ම . බලෙන් පස් ගල් අදික මිලට දැම්ම . අන්තිමට ව්‍යාපෘතියෙන් පාඩුව මිලියන් 90 යි. අද නිවාස අදිකරියට 70ක් ඉන්න ඕන තැනට 1400 ක් දැමීම පුදුම නැහැ .

  2. බන්ඩා says:

    මම දන්න විදිහට ලොක්කො බක්කො හැරැනට බිම් මට්ටමේ ශ්‍රිලනිප සාමාජිකයන් සහ ශ්‍රිලනිප ට චන්දෙ දෙන අය 99% ක් චන්දෙ දෙන්නෙ ගෝඨා ටය්.

  3. මාතර සුනිල් says:

    එහෙව් ගොනා තමයි කියන්නේ නය දෙන රටවල් වලට කතා කරල නය අරගෙන මිනිසුන්ට බෙදල දෙනවා කියලා. ඔන්න මුගේ ආර්ථිකය ගැන තියෙන දැනුම. යකෝ බැංකු හොරා වුනත් රනිල මෙයිට වඩා හොදයි නේ.

  4. Sawumyapala says:

    Ay amaruwen tiranayakale wena yanta sudusu tanak tibunada?gonkata kiyanta epa manussayo. Samanya minissu oya kiyana nayakayo kiyana padeta natanna sudanam naha.

  5. charles says:

    People will decide who to vote. SLFPers will never vote for UNP. They will vote only for Pohotuwa. It does not matter what SLFP organisers think.

Main News