එජාපය-ශ‍්‍රීලනිපය එක ලයිස්තුවෙන් පුංචි ඡන්දෙට තරග වදින බව කැබිනට් හමුවේදී නිල වශයෙන් කියයි..

November 1, 2017 at 3:00 pm | lanka C news
එජාපය-ශ‍්‍රීලනිපය එක ලයිස්තුවෙන් පුංචි ඡන්දෙට තරග වදින බව කැබිනට් හමුවේදී නිල වශයෙන් කියයි..

අමාත්‍ය මණ්ඩල තීරණයන් දැනුම් දීමේ සතියේ නිල මාධ්‍ය හමුව අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්විනි.

මේ සඳහා සම කැබිනට් ප්‍රකාශකය වන අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් සහභාගි විය,

එහිදි ඉදිරි පලාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන්ම ලබන වසරේ ජනවාරි අග භාගයේ පැවත්වෙන බව අමාත්‍යවරුන් ප්‍රකාශ කලහ.

ඒ අතර එම පලාත් පාලන මැතිවරණය සඳහා මේ වනවිට එජාපෙ සහ ශ්‍රිලනිප පොදු ලැයිස්තුවක් හරහා බේරුවල ප්‍රාදේශිය සභාව සහ නගර සභාව මැතිවරණයට ඉදිරිපත් විමට අවශ්‍ය කටයුතු සංවිධානය කොට ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කලේ ය.

මේ අනුව ඉදිරියේදී පොහොට්ටුව සමඟ තරග කිරිමට සෑම ප්‍රදේශයකටම එජාපෙ සහ ශ්‍රිලනිප පොදු ලැයිස්තුවක් ඉදිරිපත් කිරිමට හැකියාවක් ඇති බවටත් අමාත්‍යවරයා ඉගි පලකලේ ය.

එහෙත් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ඒ සම්බන්ධව අවසාන එකඟතාවයට තවම පැමිණ නැති බවයි.

13 views

6 Comments to “එජාපය-ශ‍්‍රීලනිපය එක ලයිස්තුවෙන් පුංචි ඡන්දෙට තරග වදින බව කැබිනට් හමුවේදී නිල වශයෙන් කියයි..”

  1. daham says:

    oya nodath dosthara kelinnema pacha.

  2. asaranaya says:

    දැන් ටික ටික ඇඳිවත තෙමනවා වගේනේද හිටන්!

  3. sarath says:

    Rajitha waren thota dennum chande !!!!!!

  4. Alfi says:

    Rajitha is dreaming, He gave many accusations agenst to Hon. Mahinda Rajapakhsa but he couldn’t capture anything. He is layer and layer.

  5. Sri Lanka Freedom Party says:

    එලබෙන පලාත් පාලන මැතිවරණය සදහා අප එජාපය සමග එක්ව තරග වැදීමට සියලු කටයුතු සූදානම් අතර එමගින් 2015 ජනාධිපතිවරණයදී එජාපය ලැබූ 62 ලක්ශය හා අප ශ්‍රීලනිප ය ලැබූ 58 ලක්ශය එක්වී අප පොදු සන්ධානය චන්ද 120 ලක්ශයක් ගෙන සියලුම පලාත් පාලන ආයතන වල 3න් දෙකක බලයක් හිමි කරගනු ඇත.
    අනතුරුව නගරාධිපති ,සභාපති තනතුරු සියල්ල 5 ට 4 අනුපාතයට බෙදා ගැනීමට තීරණය කර ඇත.
    ශ්‍රීලනිප පාක්ශිකයෙනි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග එක මිටට හරි අතට එක්වන්න

  6. කපිල says:

    චන්දෙ තියල බලමු මොනවද වෙන්නෙ කියල

Main News