එජාපය සජිත්ට විකිණීමට කරූ කුමන්ත‍්‍රණයක..

August 28, 2020 at 12:00 pm | lanka C news
එජාපය සජිත්ට විකිණීමට කරූ කුමන්ත‍්‍රණයක..

හිටපු කථානායක කරු ජයසුරිය මහතා එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය ට විකිණීමේ කුමන්ත්‍රණයක නිරත සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

කරු ජයසූරිය මහතාට සමගි ජන බලවේගයට එක්වන ලෙස කරන ආරාධනා අනුව ඒ බව පෙනී යන බවද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙක් සමඟ එවකට පැවැති ආණ්ඩුවට එක්වූ බවත් එවන් පුද්ගලයකු පක්ෂ යාවජීව සාමාජිකයෙකු යැයි ප්‍රකාශ කිරීම තරම් තවත් විහිළුවක් නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

සමගි ජන බලවේගය ට එක්සත් ජාතික පක්ෂයේ බලය ඇල්ලීමට නීත්‍යානුකූලව නොහැකි නිසා කුමන්ත්‍රණ මගින් බලය ඇල්ලීමේ සූදානමක් ඇති බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් කුමන්ත්‍රණකරුවන්ට එක්සත් ජාතික පක්ෂ විනාශ කිරීමට කිසි ලෙසකින් ඉඩ නොතබන බවද ඔහු පැවසීය.

24,823 views

7 Comments to “එජාපය සජිත්ට විකිණීමට කරූ කුමන්ත‍්‍රණයක..”

  1. Karu says:

    ‘කියනව නම් මම සූදානම්’, ‘හුඟ දෙනෙකු ගේ ඉල්ලීම මම කල්පනා කළා’ වගෙ වචන කරු ජයසූරියගේ ශබ්ද කෝශයේ බහුලයි. නවීන් නිහඬව සිටින්නේ කරුට අවස්ථාවක් එන තුරු.දෙන්නම යුද්ධය ඉවර කරන්න අත් හයි කරපු අය. හැබැයි නවීන්ට ඒ කාලයේ කිව්වෙ පතෝල කියල.

  2. kamal says:

    Indians i will help you. you love your teacher kamal and kamals’ teacher Buddha and kiribathgoda monk. What is love it is all about kindness and cunning cruelty. if you eradicate cruelty then farther’s love and mother’s love will remain. You know who am i . idiots i am 47 old but i didn’t do any sex until now. you know who am i now. i am not idiot or paining killer or not even single bird suffering because of me. You love your teacher kamal. he will guide you enormously.

  3. Janaka from Matara says:

    ..go Vajira go!
    Nothing so macho like a man who calls a spade a spade.

    • ඊරි යකා says:

      මතකද මේ’කරුවා’ මන්ත්‍රී රොත්තක් අරගෙන ගූඇන්පියත් නැතිකර මහින්ද රජයට ඇතුල්වුනා, මේ රැවටිලි- කරු – වාගෙන්
      වජිර ගාල්ලේ අලියාණෙනි ! ගූඇන්පිය බේරාගන්න , මෙවර රදවාට ඕක විකුණනවා

      • Janaka from Matara says:

        ..ඔය මිනිස්සු කැලෑ පත්තර නං ගහනවා තමයි. මට නං හිතෙන්නේ UNP එකේ අවශ්‍ය වෙනස කරන්න පුලුවං එක්කෙනෙක් තමයි වජිර​. වෙන අයත් නැති වෙන්නමත් බැහැ. වයසක අයත් ඕන නෑ රෝයල් / තෝමියන් / ආනංද උනුත් ඕන නෑ . මොලයක් කොංදක් තියන​, පක්සයට ලැදි, ගම ගැන දන්න, ගමේ මිනිහෙක් තමයි අවශ්‍ය​.
        ( අනෙක මාතරටත් ඔය හැටි දුරක්‍ යැ ගාල්ල​? 🙂 )

  4. ෂෝයි බබා says:

    රනිල් ලොක්කා අපට හොඳා

  5. ගිහාන් එල් පී ජයතුංග says:

    රටේ ප්‍රජාතන්ත්‍ර වාදය රැකගැනීම උදෙසා ම හෝ කරු ජයසූරිය හිටපු කථානායක තුමා (බෞද්ධ පදනම උදෙසා) සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමා (ජනප්‍රිය තාව හා තරුණ ජවය උදෙසා) රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති තුමා (දේශපාලන හා ආර්ථික පරිණතභාවය උදෙසා) එක්සත් විය යුතුය හෙවත් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකමුතු විය යුතුයි.
    වජිර අබේවර්ධන වැනි මංත්‍රී ධූරයත් ජයග්‍රහණය නොකල නායකත්වය ගන්න දඟලන කාඩ්බෝඩ් වීරයෝ එ ජා පක්ෂයේ බොහෝ වෙති.

Main News