එජාපය සමග ආණ්ඩුවක් පිහිටුවන්නේ නෑ.. නමුත් බහුතරය පවත්වාගෙන යන්න සහාය දෙනවා..- TNA

December 2, 2017 at 6:48 pm | lanka C news
එජාපය සමග ආණ්ඩුවක් පිහිටුවන්නේ නෑ.. නමුත් බහුතරය පවත්වාගෙන යන්න සහාය දෙනවා..- TNA

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් එක්සත් ජාතික ඵක්‍ෂය සමග අක්ව ආණ්ඩුවක් පිහිටුවීමේ අදහසක් තම පෂක්‍යට නැති බව දෙමල ජාතික සන්ධානය පවසයි.

නමුත් එවත් තත්වයකදී ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය සහයෝගය පිටත සිට ලබා දෙන බවත දෙමල සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

තම පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක තනතුරු ලබා ගැනීමට අදහසක් නැති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මේ වන තෙක් ආණ්ඩුවක් පිහිටුවීම සදහා තම පක්‍ෂයට නිල ආරාධනාවක් එජාපය විසින් සිදු කර නැති බවද පවසන ඔහු ආරාධනා කලද ආණ්ඩුවකට එක්වීමේ අදහසක් නැතැයිද සදහන් කරයි.

එසේ වුවත් ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා අවාශ්‍ය සහයෝගය ලබා දෙමින් අවශ්‍ය අණපනත් සම්මත කරදීමට කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

12 views

One Comment to “එජාපය සමග ආණ්ඩුවක් පිහිටුවන්නේ නෑ.. නමුත් බහුතරය පවත්වාගෙන යන්න සහාය දෙනවා..- TNA”

  1. පර්සි මහේන්ද්‍රන් says:

    අන්න වැදගත් ප්‍රතිපත්ති ගරුක මිනිස්සු.
    ඒකට පොහොට්ටුවේ ඒකාබද්ධ එවුන් බන්දේසියක තියලා අගමැති කම මහින්දට ඉල්ලනවා. බලන් හිටහන් මහින්ද අගමැති වෙනකම්. හීන තමා

Main News