එජාපය සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා.. සභාපතිලා අපි පත් කරනවා..- සන්ධාන සුළු පක්ෂයේ මහ ලේකම් කියයි..
March 4, 2018 at 12:00 pm | lanka C news
පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලයක් කිසිම පක්ෂයකට ලබා ගැනීමට නොහැකි වූ ආයතනයන්හි එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් සුළු පක්ෂවල සහයෝගයෙන් බලය ලබාගන්නා බව සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් ඇතැම් පළාත් පාලන ආයතනවලද විපක්ෂයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව වැඩි බවත් එවන් අවස්ථාවලදී සන්ධානය අනෙත් පක්ෂවලද සහයෝගයෙන් බලය පිහිටුවන බවද ඔහු පැවසීය.
එවැනි ආයතනවලදී ශ්‍රීලනිප සභාපතිවරයකු පත්කිරීමට කටයුතු කරන බව ඔහු කීය.
කෙසේ වෙතත් මැතිවණ කාලයේදී ශ්රීලනිපය දිවුරා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්නේ නැති බවයි.
මේ සම්බන්දයෙන් අප කල විමසීමකදී ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තව දුරටත් මෙරට ප්‍රධාන පක්ෂයක් නොව සුළුතර පක්ෂයක් බව තරයේ සිට ගෙන ඊට ගැලපෙන ලෙස කටයුතු කල යුතු බවයි.
සභාපතිවරු හා නගරාධිපතිවරු තෝරා ගැනීම මහ පක්ෂවලින් සිදු කරනු ඇති බවත් සුළුතර පක්ෂවලට ඇත්තේ බලය පිහිටුවීමේදී යම් මදිපාඩුවකට ආරාධනා කලහොත් ඊට කැමති හෝ අකමැති වීම පමණක් බවත් ඔහු කීය.
මෙවර ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පක්ෂ බවට පත්ව ඇති අතර ශ්‍රීලනිප හා සන්ධානය ඇතුළු සෙසු සියළු පක්ෂ සුළු පක්ෂ බවට පත්ව තිබේ.
dossthora wenna handana konndossthora