එජාපය සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා.. පොහොට්ටුව සමග හවුලක් නෑ..- ශ්රීලනිප මහ ලේකම්
February 24, 2018 at 3:00 pm | lanka C news
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂය සහ සෙසු පක්ෂ සමග සාකච්චා පවත්වමින් සිටින බව ශ්රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා සදහන් කරයි.
එහිදී ශ්රි ලංකා පොදුජන පෙරමුණ විසින් ජයග්රහණය කරන ලද ඇතැම් පළාත් පාලන ආයතනවලද බලය ශ්රීලනිය හා එජාපය එක් වී පිහිටුවීමට හැකියාවක් පවතින්නේ යයිද ඔහු සදහන් කරයි.
සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.
මේ අතර එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම්ද සදහන් කර ඇත්තේ ශ්රීලනිපය හා එජාපය එක් වී පළාත් පාලන ආයතන 150ක පමණ බලය පිහිටුවන බවයි.
පිස්සූ කම පිස්සුකමින් වැඩිකලාම පිස්සූ ඩබල්.
ඕක තමයි වෙන්ඩ ඕනිම දේ. මුන් දෙගෙලොල්ලට එකතු වෙන්ඩ අරින්ඩ. එතකොට මුන්ගෙ ඔය තියන චන්ද ටිකත් නෑත්තට නෑති වෙලා යනවා.
මෙන්න මෙහෙම කෙලින් වැඩ කරන්වානම් හොඳයි.
ගුඩ් බෝයි.