එජාපය සමග තවත් ඉන්න මරික්කාර් කොන්දේසි දමයි..

November 25, 2018 at 12:00 pm | lanka C news
එජාපය සමග තවත් ඉන්න මරික්කාර් කොන්දේසි දමයි..

පසුගිය අවුරුදු 03 හමාරක කාලය තුළ එක්සත් ජාතික පාක්ෂිකයා වෙනුවෙන් සාධාරණය ඉටු නොවූ බවත්,මෙවර ආණ්ඩු බලය ලබා ගත් පසු එය තවදුරටත් එය නොවන්නේ නම් ආණ්ඩුවේ නොසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසිය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, රුපියල් මිලියන 16 ක ප්‍රතිපාදනයෙන් කොළොන්නාව ආසනයේ සංවර්ධනය කර ඇති මාර්ග 14 ක් ජනතා අයිතියට පත් කිරීමට පෙර පැවැති සමාරම්භක උත්සවයට වැල්ලම්පිටියේ දී එක්වෙමින්ය.

මේ  පාර අපි ආණ්ඩුව ගත්තාම අපේ පක්ෂයේ ඉන්න ටයිකෝට් කාරයින්ට ආණ්ඩුව ගෙනියන්න දෙන්නේ නෑ. අපි අවුරුදු 03 හමාරක් පරිප්පුව කෑවා. දැන් මේ අපි දුක් විදලා, බෙදිලා වෙන්වෙලා ගිය සියළු දෙනා එකතු වෙලා ඉන්නේ.ටයි කෝට් කරයන්ට බලය අරන් දීලා හොරකම් කරන්න නෙමෙයි. අපේ යූන්පී කාරයින්ට ප්‍රතිලාභ ලබා දෙන්න. ඒක කරන්න බැයිනම් අපි ආණ්ඩුවේ ඉන්නේ නෑ. මොකද හැමදාම කැප කිරීම් කරන්න බෑනේ. අපේ ආණ්ඩුව තියෙන කාලේ මේ රටේ සංස්ථා, දෙපාර්තමේන්තු වලට සභාපතිලා , අධ්‍යක්ෂකලා 1600 ක් විතර පත් කලා. වැඩිපුරම පත් කලේ ඉංග්‍රිසි කතා කරන ටයි කෝට් කාරයන්ව. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගමැතිකම නැති වෙච්ච දවසේ ඉදලා මේ මොහොත වෙනකම් ඔය 1600 න් 10 ක් වත් ආවේ නෑ.ප්ලෙන්ටියක් හම්බවුනේ නැති යූන්පී  කාරයෝ තමයි පක්ෂයයි , පාක්ෂිකයයි අරලියගහ මන්දිරය ආරක්ෂා කලේ. දැන්වත් යථාර්තය තේරුම් අරගෙන හැම ආසනයකටම ප්‍රතිලාභ සමානව බෙදලා දෙන්න.

ඇමතිලා ඒ අයගේ ආසනේ 300 ක් 400 ක් රස්සාවලට දානවා.මන්ත්‍රී වෙච්ච අපි 2 යි 3 යි මන්ත්‍රීකම නැති ආසන සංවිධායකට මුකුත් නෑ. උන්ට පහුගිය අවුරුදු 03 හමාරේ අරලියගහ මන්දිරයේ‍ පස් පාගන්න දුන්නේ නෑ. ඒ නිසා මේ පාර ආණ්ඩු ගත්තාට පස්සේ  අපි කටවහගෙන ඉන්නේ නෑ. ගරු කරන්න ඕනේ , විනයක් තියෙන්න ඕනේ. එහෙමයි කියලා කටවහගෙන හිටියොත්  අහිංසක පාක්ෂිකයාට  අවුරුදු 23 ක් තැලිච්ච පොඩි වෙච්ච පාක්ෂිකයාට  තමයි පාඩු වෙන්නේ. ඒ නිසා මෙතනින් පස්සේ අපි ඉන්න ඇතුලේ ගේමෙන් , ඩීල් දාන්න දෙන්නේත් නෑ ඒවාට විරුද්ධව අපි එළියට එනවා කියලාත් පැහැදිලිව කියන්න ඕනේ.

– මිනුර රෂාන්ත

27 views

12 Comments to “එජාපය සමග තවත් ඉන්න මරික්කාර් කොන්දේසි දමයි..”

  1. Sam Fernando says:

    Vedi bana to cheat common people.😅😅😅

    • dayas says:

      me arukkal, galle amanussa naayakkaar .koti sirasen mola soodala desapaalanayata ewwe rata
      hadanta nowei, koti hadanta.maha bnakuwa kollakaapu, rata wikunapu gahalayaage U,N,J.V.P.
      narumayoth ekka ratata idiri gamanak nehe kiyala owunma oppu karala iwarai.
      mu wedagathhh widiyata kathaa karantawath nodanna amu thirisanek.

  2. Hirantha says:

    I have noticed that his guy is always using third class language
    Also I came to know that he is an extremist.

  3. Sadda says:

    මේ ගොබ්බයින්ට මෙච්චර කල් ගිහිනුත් තේරිලා නැහැ, සරම් කාර මුන් රිවල්ලු වගේ එල්ලිලා ඉන්නෙ ටයි කෝට් කාර පක්ෂයක කියලා. උබලා රෙදි බැනියම් නම් අදින්නෙ, නියම තැන වේකන්සි තියෙනවා. අන්න එතෙන්ට යමල්ලා.

  4. buddhadasa says:

    WELL STATEMENT, SAID THE TRUTH,
    CONGRATULATIONS!

  5. Sampath says:

    බුරු උලමෝ, දෙපාර්තමේන්තුවල සභාපතිලා , අධ්‍යක්ෂකලව පත්කරන්න ඕනේ සුදුසුකම් හා උගත්කම බලල මිසක් වෙන කෙහෙල් මලක් බලල නෙවෙයි. උගත් මිනිහ ඉන්නේ නිල්, කොළ, රතු කියන පති වල නෙවෙයි. උගත් මිනිහ ඉන්නේ හරි පැත්තේ. මු කියන විධියට අර අරලියගහ මන්දිරයේ බුරු ගහපු සෙට් එක දෙපාර්තමේන්තුවල සභාපතිලා, අධ්‍යක්ෂකල කරලා තව අවරුදු පහක් මුළු රටම එකතුවෙලා බුරු ගහමු.

    • Sadda says:

      උගත් බුද්ධිමත් .මිත්‍රයා , කියන්න බලන්න මංගල තුමාගෙ අධ්‍යාපන සුදුසුකම් .

  6. NAK says:

    So, he admits openly that the tie coat gang of Ranil stole!!!

  7. Suren says:

    ලොක්කා නැති තැන චංඩියා,ලොක්කව දැක්කම කකුල් දෙක මැඩ්ලින් ගහනවා.පුළුවන් නම් ඔික ලොක්කගෙ මුනට කයනවකෝ

  8. Rumy says:

    මුංට මන්ත්‍රීකම් ලැබෙන්නේ තමන්ගේ පාක්ෂිකයන්ට උදව් කරන්න නෙවෙයි. මුළු රටේම ජනතාවට සේවය කරන්න. තමන්ට තියන වගකීම්වත් දන්නැති මේවගේ එවුං කොච්චර උගත් උනත් පාර්ලිමේන්තුවටපත් කරලා වැඩක් නෑ

  9. Kammale Marikkar says:

    මූ මේ සූදානම් වන්නේ මහින්දගේ ආණ්ඩුවට පැනීමට ය. ලිඳෙන් දිය බී මුහුදට ආවඩන ගුණමකුවෙකි. මූ වැනි වසලයින් කිසිසේත්ම සන්ධානයට වැද්දගත යුතු නැත. ගසා පන්නාගත යුතුය.

  10. susa says:

    mu tanikarama kolonnawa tambi karanaya karana paharayek mamat kolonnawe mu tambiyodala kolonnawedi sinhalayanta gahuwa gan watura welawe muge kattiyata witarai salakuwee

Main News