එජාපය සමග දිගටම යාමෙන් ශ‍්‍රීලනිප ඇමතිවරුන් කලකිරේ.. වයෝවෘද්දයන් ආණ්ඩුවේ නවතී.. පිරිසක් වික්‍ෂයට.. පිරිසක් දේශපාලනය අතහැර ගෙදර යයි..

February 20, 2018 at 2:10 pm | lanka C news
එජාපය සමග දිගටම යාමෙන් ශ‍්‍රීලනිප ඇමතිවරුන් කලකිරේ.. වයෝවෘද්දයන් ආණ්ඩුවේ නවතී.. පිරිසක් වික්‍ෂයට.. පිරිසක් දේශපාලනය අතහැර ගෙදර යයි..

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය තව දුරටත් ජාතික ආණ්ඩුවේ සිටීමට තීරණය කිරීමෙන් පසු ඒකාබද්ද විපක්‍ෂය සමග සිදු වූ සාකච්චා මුළුමනින්ම පාහේ බිද වැටී තිබේ.

පසුගිය සතිය පුරාවටම ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට නිරන්තරයෙන් දුරකතන ඇමතුම් දුන් ශ‍්‍රීලනිප ඇමතිවරුන් සියළු දෙනාම පාහේ මේ වන විට දුරකතනවලට පිලිතුරු නොදෙන තත්වයකට පත්ව සිටින බව ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කියති.

අගමැති රනිල් හා එජාප ඇමතිවරුන්ගේ වැරදි කියමින් ඔවුනට දිගට හරහර බැණ වැදුනු ශ‍්‍රිලනිප ඇමතිවරුන් එජාපය සමග තව දුරටත් ආණ්ඩු කිරීමට තීරණය කිරීමත් සමග මෙම තත්වය මතුව ඇති අතර ඔවුන් කිසිවෙකු මාධ්‍යවලටද පිලිතුරු නොදෙන තත්වයට පත්ව සිටී.

ඇමති එස්.බී. දිසානායක පමණක් මෙම අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පල කිරීමට පත් කර ඇතත් ඔහුද සම්බන්ධ කර ගත හැක්කේ ඉතා අසීරුවෙන් යයිද මාධ්‍යවේදීහු කියති.

මේ අතර වාර්තා වන්නේ ජීවිතයේ සැදෑ සමය ගෙවන ශ‍්‍රිලනිප ඇමතිවරුන් කිහිප දෙනා හැර සෙසු ඇමතිවරුන්ගෙන් පිරිසක් ඉදිරියේදී විපක්‍ෂයට එක්වන බවත් සෙසු පිරිස ඇමති ධුරය දිගටම දරා ඊළග මැතිවරණයේදී තරග නොකර දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බවත්ය.

0 views

16 Comments to “එජාපය සමග දිගටම යාමෙන් ශ‍්‍රීලනිප ඇමතිවරුන් කලකිරේ.. වයෝවෘද්දයන් ආණ්ඩුවේ නවතී.. පිරිසක් වික්‍ෂයට.. පිරිසක් දේශපාලනය අතහැර ගෙදර යයි..”

  1. නවරත්න says:

    මොලේ කලඳක් හෝ තිබෙන මැති ඇමැතිවරු සිටියිනම් මිය යමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්වන්න. එම පක්ෂය ශක්තිමත් කර ප්‍රධාන විපක්ෂය සේ සංවිධානය වන්න.

    • samuvel says:

      මියයමින් සිටින ස්‍රී ලන්කා පක්ශය? අපෝ ඇනිබල් නැන්දා සහ සිරා සතුට වැඩි කමට අද ගහයි ඩබල්.

      • නන්දන says:

        හරියට හරි, ඒ ගොල්ලන්ට තියෙන්නේ කුණුවෙන්න ගහලා දෙපර හැන්දේ අත් දෙක හිරකරගෙන නිදාගන්න, අන්තිමේට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතුරු වෙන්නේ ඒ දෙන්න විතරයි. දෙන්නම ඔප්පු කරලම පෙන්නුවා ඒ දෙන්නට දේශපාලන පක්ෂයකට නායත්වය දෙන්න බැහැ කියලා

    • Brainless ministers says:

      We may not have the brain to understand complicated political or financial issues. But we have the brain to sneak through the law and steal your money and stash to last a few generations, after lavishly spending on tamashas. After all don’t forget that it is you who elected us (except for 8-10 Ministers who lost but came through backdoor to strengthen our presidents hand).

      Now after weighing the pros and cons of leaving the Yahapalana government, we decided to stay and continue the next 2 years, going with the proverb ” Make hay whilst sun shines”. Isn’t it better than sitting idle in the parliament doing nothing.

    • Attanagalle banda says:

      S.L.F.P. ekta nivan suva !!

  2. Asaranaya says:

    Come or go Chicago, Enough is enough , Better to hand over to Paathaalaya

  3. All of them are in SLFP’s should have gone pension, no way them to come again.

  4. pp says:

    naki hatha dannawa nta amathikam karanna thibena anthimakale kiyala ema nisa un meke ellila innawa.

  5. kamalasirikuruwita says:

    රට ගැන නොසිතන, කොන්දක් පන නැති, ආත්මාර්තකමි ඔය වගේ එවුන්ට ඔහොම වෙලා මදි. අපායට යන්නත් වෙයි. විඳවන්නත් වෙයි.

  6. Open mind says:

    අනේ……දේශපාලන ය අතහරින්න එපා.ඔබ නැතිව මේ රට ගොඩ ගන්නේ කවුරුන් ද ?

  7. indunil says:

    wasikili walae panuwangae loakaya……..

  8. Rupa says:

    පව් අනේ, වයසට යන කම්ම රටට සේවය කරලා, නිකම්ම ගෙදර යන්න පුලුවන්ද. ඔය ඇමතිකමේ ඔයටිකත් හිටපුවාවේ. රට විකිනුවත් කතා නැතිවම ඉන්න . රෝද පුටුත් ඉල්ලා ගන්න. තෙරුවන් සරනයි අපේ සීයලාට.

  9. nimal says:

    ඊ ළඟ මැතිවරණයේදී ඒකාබද්ද විපක්ෂයේ සිටි 52 දෙදෙනා සමඟ අලුත් තරුණ තරුණියන් ට පාර්ලිමේන්තු යන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අවස්ථාවක් දෙන්න .දේශපාලනය අලුත් විය යුතුයි .

Main News