එජාපය සමග සන්ධානගත විමට බොහෝ පක්ෂ අකමැත්ත පල කරලා..?

August 3, 2019 at 6:48 pm | lanka C news
එජාපය සමග සන්ධානගත විමට බොහෝ පක්ෂ අකමැත්ත පල කරලා..?

එක්සත් ජාතික පක්ෂයට  සන්ධානගත වි හෝ  ජනාධිපතිරණය සදහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කල නොහැකි බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දා නන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දා නන්ද අලුත්ගමගේ මහතා එ බැව් කිය සිටියේ අද (03) ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ගෙයින් ගෙට යාමේ වැඩසටහන නාවලපිටිය නගරයෙන් ආරම්භ කරමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත විමට බොහෝ පක්ෂ අකමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.

ශ්‍රි ලංකා පොදු ජන  පෙරමුණේ ජනාධිපතිවරණ අපෙක්ෂකයා ගොඨාභය රාජපක්ෂ  මහතා බවත්, එය කිසිසෙත් වෙනස් නොවන බව මහින්දා නන්ද අලුත්ගමගේ මහතා කියා සිටියි.

නාවලපිටිය ආසනයේ ගෙයින් ගෙට යාමේ වැඩසටහන දින තුනක් පුරා සිදු කරන බවද මහින්දා නන්ද අලුත්ගමගේ මහතා කියා සිටිහ .

48 views

4 Comments to “එජාපය සමග සන්ධානගත විමට බොහෝ පක්ෂ අකමැත්ත පල කරලා..?”

  1. sinha le says:

    එකතුවන වන අය මහා බැංකු හොරකමට අත දීමක්

  2. Saman says:

    පොඩ්ඩක් ඉවසලා ඉම්මු මහත්තයෝ 5වෙනිදා
    වෙනකම්..

  3. සිංහලයා says:

    ඔව් ඉතින් ගිලෙන නැවකට කවුද ගොඩවෙන්නේ…

  4. ExUNPer says:

    Gota…the new hope for Sri Lanka !
    Please…
    We need one country, one law, for all citizens.
    We need prosperity for everyone.
    We need freedom for everyone.
    We need better relationships with all countries.
    We do not need revenge, wastage, slavery, lack of vision, making foolish statements etc as done by the present government.

Main News