එජාපය සමග හවුල් ආණ්ඩුව 2020 තෙක් ගෙනයනවා..- ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව නොතකා මහ ලේකම් කියයි…

February 5, 2018 at 12:00 pm | lanka C news
එජාපය සමග හවුල් ආණ්ඩුව 2020 තෙක් ගෙනයනවා..- ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව නොතකා මහ ලේකම් කියයි…

2020 වසර වන තුරුත් මේ වත්මන් ආණ්ඩුව රැගෙන යන බවටත් 2020 න් පුසව ඇරඹෙන ජනාධිපතිවරණයෙන් පසුව තිනි ආණ්ඩුවක් යටතේද ජනාධිපතිවන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවට ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ04) රාත්‍රියේ වව්නියාව ඇටඹගස්කඩ ප්‍රදේශයේ පැවති ශ්‍රීලංකා නිදහස්පක්ෂ ජන හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍ය වරයා විසින් වැඩිදුරටත් කියා සිටියේ,

‘අපේ මේ රට සමරණ 70 වැනි නිදහස් දිනයේදී ඓතිහාසික සිදුවීම් දෙකක් සිදු වුනා ඒ ලොකුම සොරකම වුන බැදුම්කර ගනුදෙනුවේ ප්‍රධානයා වෙච්චි අර්ජුන් ඇලොසියස් හා පසුගිය ආණ්ඩුවේ මිග් යානා ගනුදෙනුවේ ප්‍රධානියෙකු වූ රැසියාවෙ හිටපු තානාපති වූ උදයංග වීරතුංග අත්අඩංගුවට අරන් තියනවා මේ හොරුන් ගැන අපේ වත්මන් ජනාධිපතිතුමන් කියපු දේවල් දැන් දැන් ඇත් වීගෙන යනවා.

2020 වෙනකම් ජනාධිපති මේ ජනාධිපතිතුමන්ම තමයි ඒ වගේම 2020 වන තුරු අපි ජාතික ආණ්ඩුවේ ඉන්නවා. පසුව 2020 දී අපි හදන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් එකෙදී ඔය කව්රු කොහොම කොතනක මොනව කිව්වත් නැවත වතාවක් ජනාධිපති පුටුවේ වාඩි කරවන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති වන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තය කියන එක අපි කියනවා.ඒ නිසා ඔබ සියලු දෙනා ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග අත්වැල් බැඳගන්න’ යනුවෙනි

– වන්නි රොමේෂ් මධුෂංඛ

82 views

18 Comments to “එජාපය සමග හවුල් ආණ්ඩුව 2020 තෙක් ගෙනයනවා..- ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව නොතකා මහ ලේකම් කියයි…”

  1. Saradiel says:

    මේ තක්කඩි යහපාලනයෙන් ගැලවෙන්නට නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පොහොට්ටුව ලකුණට චන්දය දෙන්න. ඒ පක්ෂයට පමණයි ලංකාව වැටිලාතියෙන අගාදියෙන් ගලවාගන්නපුලුවන්.

  2. සමන්මලී says:

    බඩු මිල අහස උසට ඉහල නැග ඇත. බැදුම්කර හොරුන්ගෙන් රට විනාස වී ඇත. පාලනය බර ගත්තේ ජනතාවගේ සාක්කු සල්ලි වලින් පුරවන බව කියමිනි. මේ වන විට ජනතාවගේ කටේ පස් පමණක් ඉතුරුව ඇත. චන්ද හිගා කන්නට එන අමන දේශපාලුවන්ට හරක් ලින්ගෙන් තලියයුතු කාලය එලබ තිබේ . ජනතාවනි මේ පච රාලලලට රැවටුන ඇති . මුන් සුර සැප විදින්නේ හොරකම් කරන්නේ හොර අබුවන් නඩත්තු කරන්නේ ඔබේ වටිනා චන්දයේ පිහිටෙනි. මෙම පහර අමනයන් එලවා දැමිය යුතු කාලය එලබ තිබේ.

  3. Dr Lakshman Fernando says:

    PLEASE TAKE CARE OF SABITHA ALSO.

  4. Pala dumiya, gombetta yanna yana ahakata apita pavu nodee. Yako, thopi vage evunta kunuharupen banina eka apita honda nehe. Nethnam mama dannawa tho oya dodavana evata thota kiyanna one theval tika.

  5. indunil says:

    ithiri banku tika sudda karannada?

  6. විස්ස යි විස්සයි says:

    විස්ස යි විස්සයි කිව්වට විස්ස පරවෙන දවස 10 වෙනිදා දන ගන්ට පුළුවන්.

Main News