එජාපය සමග හවුල් ආණ්ඩුව 2020 තෙක් ගෙනයනවා..- ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව නොතකා මහ ලේකම් කියයි…

February 5, 2018 at 12:00 pm | lanka C news
එජාපය සමග හවුල් ආණ්ඩුව 2020 තෙක් ගෙනයනවා..- ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව නොතකා මහ ලේකම් කියයි…

2020 වසර වන තුරුත් මේ වත්මන් ආණ්ඩුව රැගෙන යන බවටත් 2020 න් පුසව ඇරඹෙන ජනාධිපතිවරණයෙන් පසුව තිනි ආණ්ඩුවක් යටතේද ජනාධිපතිවන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවට ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ04) රාත්‍රියේ වව්නියාව ඇටඹගස්කඩ ප්‍රදේශයේ පැවති ශ්‍රීලංකා නිදහස්පක්ෂ ජන හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍ය වරයා විසින් වැඩිදුරටත් කියා සිටියේ,

‘අපේ මේ රට සමරණ 70 වැනි නිදහස් දිනයේදී ඓතිහාසික සිදුවීම් දෙකක් සිදු වුනා ඒ ලොකුම සොරකම වුන බැදුම්කර ගනුදෙනුවේ ප්‍රධානයා වෙච්චි අර්ජුන් ඇලොසියස් හා පසුගිය ආණ්ඩුවේ මිග් යානා ගනුදෙනුවේ ප්‍රධානියෙකු වූ රැසියාවෙ හිටපු තානාපති වූ උදයංග වීරතුංග අත්අඩංගුවට අරන් තියනවා මේ හොරුන් ගැන අපේ වත්මන් ජනාධිපතිතුමන් කියපු දේවල් දැන් දැන් ඇත් වීගෙන යනවා.

2020 වෙනකම් ජනාධිපති මේ ජනාධිපතිතුමන්ම තමයි ඒ වගේම 2020 වන තුරු අපි ජාතික ආණ්ඩුවේ ඉන්නවා. පසුව 2020 දී අපි හදන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් එකෙදී ඔය කව්රු කොහොම කොතනක මොනව කිව්වත් නැවත වතාවක් ජනාධිපති පුටුවේ වාඩි කරවන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති වන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තය කියන එක අපි කියනවා.ඒ නිසා ඔබ සියලු දෙනා ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග අත්වැල් බැඳගන්න’ යනුවෙනි

– වන්නි රොමේෂ් මධුෂංඛ

210 views

18 Comments to “එජාපය සමග හවුල් ආණ්ඩුව 2020 තෙක් ගෙනයනවා..- ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව නොතකා මහ ලේකම් කියයි…”

  1. Niru says:

    I think 2030 is better. Because your boss likes 30.

  2. leel says:

    හු………

  3. kamalasirikuruwita says:

    2020 ට පස්සෙත් මේ ගොල්ලන්ට එයාල එක්කම තමයි අවීචි මහා නරකයට යන කම්ම ඉන්න වෙන්නේ. මොකද මෙයාලට එයාල නැතුව අනාගතයක් නැහැ. රනිල්ලාටත් මෙයලාගෙන් තොර අනාගතයක් නැහැ. ඉතින් මොකෑ කොරන්නේ. බලයේ ඉන්නකොට බලය හැමදාමත් තමා ලා ළඟ තියාගන්න පුළුවන් කියල මෝඩ විස්වාසයක් එනවා. ලෝකයේ එහෙම හිතපු අය ඉක්මනටම බිමටම ඇදගෙන වැටුන උදාහරණ ඕන තරම් තියෙනවා.

    • සාධාරණ මිනිසා says:

      ඇත්ත තමා මහින්ද තව අවුරුදු 2 ක් තියෙද්දී ආයිත් බලය ඉල්ලුවෙ දිගටම ඉන්නනෙ

  4. Senani Jayaratne says:

    යහපත් පවුල් පසුබිමක් නැති දික්කසාද වී නන්නත් තාර පවුල් ජිවිත ගෙවන මෙවැනි පුද්ගලයන් කිසිවිටකවත් සාදාරණ ගුණයහපත් පුද්ගලයන් නොවේ.

    • Rupa says:

      එහෙම කියන්න එපා අනේ , බලන්න නිලියන් පවා වසඟ කල සිරියාවන්ත මහත්තයෙක්.

  5. BARCARDI says:

    This man represents the My3’s true mind.

  6. Alapaluwa says:

    යකෝ මෝඩ ගොන්වස්සනේ තොපිලට වෙනත් විකල්පයක් නැත.ඔය අලියාගේ නැට්ටේ එල්ලී එලොව යාම මිසක් .එහෙත් අමතක නොකරන් අතරමගදී වෙනදේ.,උඹලා දැන් අවලංගු වූ කාසි හා සමානයි.

  7. Saradiel says:

    එදා සහා අද

    1993 . සිරිසේන එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය. එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කළ යුතුය යන මතයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර සිරිසේන පෙරමුණ ගත්තේය.

  8. SUNIMAL says:

    මේ රජය ජනතාවට සේවයක් නොකළත් ඇමැතිවරුන්ට නම් අලුතින් වාහන ලබා දෙනවා. මත්තල ගුවන්තොටුපොළ විකුණා ලබාගත් මුදලටත් වඩා වැඩි මුදලක් ගෙවා පරණ නැවක් මිලදී ගත්තා. රජය මේ කරන්නේ රටේ ආර්ථිකය විනාශ කිරීමයි. බැඳුම්කර මගඩිය නිසා රටට අහිමි වූ ධනය සුවිශාලයි.’
    ‘අද ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන අය හිරේට දමනවා. පහර දෙනවා. මේක කනගාටුදායක තත්ත්වයක්. බෞද්ධ භික්ෂුන් වහන්සේ පවා සිරගත කරලා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිරගත කරනවා.’
    ‘මේ රටේ ඉඩම් විදේශිකයන්ට කුණු කොල්ලයට මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා. මෙය බරපතළ ගැටලුවක්.’
    ‘මේ රජය කරන්නේ ජාතික සම්පත් විකුණා දැමීමයි. ඊට විරුද්ධව නැඟෙන ජනතා විරෝධය මේ ආණ්ඩුව තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. ජනතාවගේ අනුමැතියක් නොමැතිව රාජ්‍ය සම්පත් මේ අන්දමට විකුණා දැමීම බරපතළ වරදක්.’

  9. john the baptice says:

    සිරිසේන හා රනිල් එකම කාසියේ පැතිදෙක.

  10. love nature says:

    අමතක කරන්න එපා මේ පළාත් පාලන චන්දයේදී ඔබ සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණට හෝ බුලත් කොලයට පුටුව ලකුණට දෙන හැම චන්දයක්ම දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට බව.

Main News