එජාපය සීසීකඩ වේ.. නවීත් සිරිකොතේ බඩු අස්කර ගනී..

September 16, 2020 at 9:20 am | lanka C news
එජාපය සීසීකඩ වේ.. නවීත් සිරිකොතේ බඩු අස්කර ගනී..

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එම පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ පිහිටුවා පිහිටා තිබූ ඔහුගේ කාර්යාලයේ ලිපි ගොනු ඉවත් කරගෙන තිබේ.

ඊයේ පස්වරුවේ තම හිතවතුන් පිරිසක් සමග පැමිණි හිටපු මන්ත්‍රීවරයා මෙසේ තම ලිපිගොනු ඉවත් ගොස් ඇත.

රුවන් විජේවර්ධන මහතා පක්ෂයේ නව නියෝජ්‍ය නායක ධුරයට පත්වී දිනක් ගත වීමට ප්‍රථම දිසානායක මහතා සිය කාර්යාලය ලිපිගොනු ඉවත් කර ගැනීම විශේෂත්වයක් දරයි.

දිසානායක මහතාද එජාප පක්ෂ නායකත්වය බලාපොරොත්තුවෙන් සිටි අතර ඔහු ඒ බව අවස්ථා ගණනාවක ප්‍රසිද්ධියේ කියා සිටියේය.

95,097 views

24 Comments to “එජාපය සීසීකඩ වේ.. නවීත් සිරිකොතේ බඩු අස්කර ගනී..”

  1. පව්;;;කුනුවෙච්ච මලකුණකට පොරකන හිවල්ලු.
    රුවනයටත් සජියට වගේ එළියට යන්න වීසා එක දීල තියෙන්නේ####

  2. මැදමුලනෙ මුත්තා says:

    නවින් උද්දචිඡ එකෙක්. බක පණ්ඩිතයෙක්. ඉවසීම නැහැ. ගාමිණී⁣ දිසානායකගෙ නියම ප්‍රතිරෑපය තියෙන්නෙ මයන්ත දිසානායකට. මයන්තට කෙදිනක හෝ මෙිරටෙි නායකත්වයට පත්වෙන්න අවකාශය තියෙනවා.
    රනිල් නවින්ටයි, රවිටයි දෙන්නටම නියමෙට ජංගි ඇන්දුවා.
    කිමිදෙන කොට කඹෙි දෙන්නෙ වඩාත්ම විශ්වාස මස්සිනාට කියනවනේ. ඒවගේම රනිල් මස්සිනාට නායකත්වය දෙන්න තමයි කල්පනාව. ඒත් දැමිම නං දෙන්නෑ.

  3. Saradiel says:

    මුන් ඔක්කොම එක වල්ලේ පොල් රැවටෙන්න එපා

  4. සජිත්ට ගේමක් දෙනවනම් UNP එකේ නායකත්වය දෙන්න හිටිය එකම සුදුස මිනිහ නවීන්. දැන් මෙයත් ගිහින් සජිත්ට එකතු උනොත් නම් රුවන් සමග එජාපය සදා වලේ.

  5. සිරිසේන කුරේ says:

    මොනව උනත් රනිල් බිමට ඇදල දැමිමෙ සජිත් තමයි. සජිත් එජාපයෙන් වෙන්නොවී රනිල් සමග හිටියත් ඔහු සජිත්ට කවදාවත් පක්ෂ නායකත්වය දෙන්නෙ නෑ. දක්ෂයා, වැඩකාරය, ජාත්‍යන්තරය පිළිගන්න මිනිහය කිවි රනිල් නිකමිම නිකමි හිස් පඹයෙක් බවට පත්කළේ සජිත් නායකත්වය දුන් මැතිවරණයකින්. නවින්, රවි වගේ අය සජිත්ට එරෙහිවී රනිල්ගෙ උගුලට අහුවෙලා ඔවුනුත් රනිල් සමගම කපෝතියි. රැවන් විජේවර්ධන කියන කමිමැලියට UNP ය ගොඩගන්න බෑ.

  6. අබු විජි හේරා says:

    එතකොට ඔය හූඇන්පී එකේ නායකත්වයට කෝට් මහමින් සිටිය අපේ අසහාය මිත්‍ර හිටපු කථානායක කරෑමයාට මොකද වුනේ, හත් දෙයියනේ?

  7. ෂෝක් අනේ says:

    රුවන් නැගිටින්නේ 10ලුනේ

  8. දුටුගැමුණු says:

    උබලා ගේ එ ජා ප ආන්ඩුව රටට කල මහා විනාශ යේ විපාක තව ඉදිරියටත් විපාක දීමට තිබේ එ ජා ප ය මේ මහපොලොවෙන් අතුරුදහන් වනතුරු එය සිදුවන්නේ ය

Leave a Comment

Main News