එජාපය සීසීකඩ වේ.. නවීත් සිරිකොතේ බඩු අස්කර ගනී..

September 16, 2020 at 9:20 am | lanka C news
එජාපය සීසීකඩ වේ.. නවීත් සිරිකොතේ බඩු අස්කර ගනී..

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එම පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ පිහිටුවා පිහිටා තිබූ ඔහුගේ කාර්යාලයේ ලිපි ගොනු ඉවත් කරගෙන තිබේ.

ඊයේ පස්වරුවේ තම හිතවතුන් පිරිසක් සමග පැමිණි හිටපු මන්ත්‍රීවරයා මෙසේ තම ලිපිගොනු ඉවත් ගොස් ඇත.

රුවන් විජේවර්ධන මහතා පක්ෂයේ නව නියෝජ්‍ය නායක ධුරයට පත්වී දිනක් ගත වීමට ප්‍රථම දිසානායක මහතා සිය කාර්යාලය ලිපිගොනු ඉවත් කර ගැනීම විශේෂත්වයක් දරයි.

දිසානායක මහතාද එජාප පක්ෂ නායකත්වය බලාපොරොත්තුවෙන් සිටි අතර ඔහු ඒ බව අවස්ථා ගණනාවක ප්‍රසිද්ධියේ කියා සිටියේය.

95,217 views

24 Comments to “එජාපය සීසීකඩ වේ.. නවීත් සිරිකොතේ බඩු අස්කර ගනී..”

  1. kamal says:

    Indians i want to introduce international law for the peace. Example Modi cannot kill me i am sri lankan. One country government or who execute the power cannot interfere other countries.sri lanka will look after sri lankan problems india has to lookafter indian problems neither china nor the pakistan. International community interfere if some one interfere other country only. international law should be changed internationally not national vice or country vice. today international law should be changed this from diysena world govern president.

  2. රවුන් යෝනි says:

    අනේ පව් අනේ නවින්

  3. හරි මම කිව්වම කියන්න……” කවුද හොරා….මහින්ද හොරා…..” … (හොරකම් කලානේ බ්‍රෝ……..)……කෝ හු හැම් පී ..එක…?

  4. සිංහල බන්ඩා says:

    එජාපය පර ගැත්තන් සමග එකතු වී සිරි ලකට කල විනාශයට ඔහොම වෙලා මදි. එජාපයෙන් පැනල සජබ අටවා ගත් උන්ටත් වෙන්නෙ ඕකමය්.

    • ජනජය says:

      හරියටම හරි …

      • Rata Wenuwen says:

        දවල් හීන දැකපු අපේ “නවින්” ගොයියට වෙච්චදේ, මේකා හිතුවේ තත්තාට පක්ශයේ තැනක් තිබුනු නිසා මූව නායකයා කරයි කියලා,මහින්ද මහතා සමග හිටියානම් චන්දෙනුත් දිනලා අද හොඳ ඇමතියෙක් එහෙනම්., කියලා වැඩැක් නැහැ හිනාවෙලත් බැහැ හිනානොවිත් බැහැ, අනේ අම්මපා

        • අබු විජි හේරා says:

          එතකොට ඔය හූඇන්පී එකේ නායකත්වයට කෝට් මහමින් සිටිය අපේ අසහාය මිත්‍ර හිටපු කථානායක කරෑමයාට මොකද වුනේ, හත් දෙයියනේ?

          • hakim says:

            අයියෝ ! ඌ ගැන අහන්න එපෝ, උගෙ හමෙන් එල්ලෙන ඇට දෙකත් බිම ගැවෙන තරමට පාත්වෙලා, දැන් මර ඇඳේ, අනේ අම්මපා නරුම “කරු” මයා

  5. den ithin ubatath thiyenne sajithta ekathuwenna oya ranila ekka inna setteka ta thawath merate kisida balayek ganna beha

  6. Sunil says:

    It is the beginning of the “end” and the start of a “new era”.. ? Hope so…

  7. wijebahu says:

    Now go to Sajith, worship and and get the pardon.

  8. On The Spot says:

    ප්‍රේමදාසගෙ කැපැසිටියෙන් දාහෙන් එකක්වත් සජිත්ට නැහැ,ඒ වගේම ගාමිණී දිසානායකගෙ කැපැසිටියෙන් දහ දාහෙන් එකක්වත් නවින්ට නැහැ.දෙන්නම වැඩ බැරි ටාසන්ල​. නායකත්වයට නවීන්ට වඩා රුවන් හොඳයි.

  9. පිුයන්ත says:

    මටනමි හිතෙන්නේ පාලිත තෙවරප්පෙරුම නායකයා උනොත් ඉක්මනින් ආයෙමත් ජනතාව අතරට යන්න හැකියාව ලැබෙයි මොකද ඔය කියන කිසිම නායකයෙකුට ඔහුට තරමි ජනපුසාදයක් හෝ ජනතාවගේ හදගැස්ම තේරැමි ගැනීමෙි හැකියාවක් නැහැ

  10. පොඩි එකා says:

    රුවන්ගේ කිසියම් තැන්පත් බවක් පේනවා.. නවීන්ට තද වෙන හැටි අර මොකක්ද සිද්ධියේදී රූපවාහිනියෙන් දැක්කා…ඔය ටිකම තමයි කවද හරි සඡිත්ටත් වෙන්නේ…මොකද එයා දිහා ඩීස් ඩඩලි කොතලාවල ඡේආර් බලාගෙන ඉන්නවා… ඒ හතර දෙනාගේ කල්ලියෙන් ඔහුව ආරක්ෂා කරනවනං කරන්නේ ප්‍රේමදාස විතරයි…

    • තදවෙන්නෙ ඕනෙදෙයක් ගැන හැගීමක් තියෙන එකෙකුට විතරයි. අසාධාරණය බලාගෙන ඉන්න බැරි එකෙකුට.. නැතුව චන්ද්‍රිකා බලය පැහැරගත්ත වෙලාවෙත් චොකලට් අයිස්ක්‍රීම් ද කන්නෙ.. නැත්නම් වැනිලා අයිස්ක්‍රීම් ද කියල හිත හිතා හිටපු රනිල වගේ පොන්සියෙකුට නෙවෙයි . තදවීම ගැන කතාකරොත් මහින්ද , ගෝඨාභය කියන දෙන්නටම හොදට තද වෙනව

Leave a Comment

Main News