එජාපය 04ට කැඩෙයි..

February 15, 2020 at 4:40 pm | lanka C news
එජාපය 04ට කැඩෙයි..

එක්සත් ජාතික පක්ෂය අද කණ්ඩායම් හතරකට බෙදි ඇති බවත්, එම අය මතුපිටින් එකතු වි ඇති බව පෙන්නුම් කිරිමට උත්සහ කලද ඔහුන් එකට එක් වි නොමැති බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසිය.

එස්.බි.දිසානායක රාජ්‍යය අමාත්‍යවරයා එ බැව් කියා සිටියේ (15) දින හැටන් නගර සභා ශාලාවේ පැවති පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස් .බි.දිසානායක රාජ්‍යය අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන මන්ත්‍රිවරුන් 150ක්  දිනා ගන්නිද්දි එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේදි ලබා ගත් ජන්ද ප්‍රතිශතයට වඩා අඩු ජන්ද ප්‍රතිශතයක් ලබාගෙන අන්ත පරාජයක් ලබාගන්නා බවත්, එක්සත් ජාතික පක්ෂයේ අය අද තරග කරන්නේ නයි පොලොන්ගු වගේ බවත් ,ඔහුන් අතර මේ වන විට විශාල අභ්‍යන්තර ගැටළුවක් පවතින බවයි  රාජ්‍යය අමාත්‍යවරයා කියා සිටියේ.

මහ මැතිවරණයෙන් පසුව මැතිවරණ ක්‍රමය වෙනස් කර සැම ආසනයකටම මන්ත්‍රිවරයෙකු සිටින ආකාරයට මැතිවරණ ක්‍රමය වෙනස් කරන බවත්, අමාත්‍යවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

24,262 Viewers

5 Comments to “එජාපය 04ට කැඩෙයි..”

  1. kkuruwita says:

    ” මැතිවරණ ක්‍රමය වෙනස් කර සැම ආසනයකටම මන්ත්‍රිවරයෙකු සිටින ආකාරයට මැතිවරණ ක්‍රමය වෙනස් කරන බවත්, අමාත්‍යවරයා පැවසිය. ” මේය ඉතාම වැදගත් කරුණකි. රටේ සියලූම අංශ වලින් රට විනාශ මුකයට යැවීම ආරම්බ කල ජයවර්ධන අපතයාගේ ගේ කාලකන්නි අච්චාරු චන්ද ක්‍රමය වහාම වෙනස් වියයුතුයි

  2. Aurora says:

    හැම මැතිවරණ කොට්ටශයකටම මන්ත්‍රී කෙනෙක් පත් කරණ එක හොඳයි. නමුත් එක පක්ෂයකින් නම් 3 යෝජනා කරන්නත් වැඩිම ජනතා කැමැත්ත තියන අපේක්ෂකයා තෝරාගන්නත් පුලුවන්නම් ජනතා කැමැත්තට මුල්තැන ලැබෙනවා. පක්‍ෂයට ලැබෙන චන්ද ගණනත් වැඩි වෙනවා. නාමයෝජනා සඳහා මරගැනිල්ලත් අඩු වෙනවා. පක්ෂෙට කතිරයයි මනාප කතිරයයි. වැඩිම කතිර ලැබුණ පක්ෂෙට මන්ත්‍රී දීල එයින් මනාප වැඩිම කෙනා මන්ත්‍රී වෙනවා. ඔහු මැරුනොත් හෝ පක්ෂේ මාරු කලොත් හෝ ඉල්ලලා අස්වුනොත් දෙවෙනියා මන්ත්‍රී වෙනවා. ප්‍රජාවගේ කැමැත්ත පක්‍ෂ නායකයාගේ කැමැත්තට උඩින් තියේවි.

  3. 77 UNP says:

  4. Buddhist says:

    Me thakkadiyata UNP gana katha karanne nathuwa inna ba. Ai Pohotuwa gana katha karapanko.

  5. 🤣🤣🤣😄😄😄 says:

    ඇමතිතුමා…
    කල්මුණේ “‘සයින්දමරුදු’ නව නගරයට ඇතුලු වෙනවා වගේ …
    අපේ කටුනායකින් රටට ඇතුලුවන දොරටුවෙත් …
    ඒ නිර්මානයම කරලා දාන්නකෝ එතකොට රටම ලස්සනයි..!😄😄😄

Main News