එජාපෙයෙන් හදන අලූත් ව්‍යවස්ථාව කැලේ.. ජනපති වෙනම අලූත් ව්‍යවස්ථාවක් හදයි..

April 1, 2017 at 2:10 pm | lanka C news
එජාපෙයෙන් හදන අලූත් ව්‍යවස්ථාව කැලේ.. ජනපති වෙනම අලූත් ව්‍යවස්ථාවක් හදයි..

ජනමත විචාරණයකට නොගොස් පාර්ලිමේන්තුවේ 2/3කින් පමණක් සම්මත කර ගත හැකි ආකාරයේ ව්‍යවස්ථා සංශෝධන යොජනා ඇතුළත් කෙටුම්පතක් සකස් කරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් ඔහුගේ නීති විශාරදයන්ට දැනුම් දී ඇත.

පසුගියදා ශ‍්‍රීලනිප මහ ඇමතිවරුන් සමග පවැති සාකච්චාවේදීද ජනාධිපතිවරයා විසින් මේ බව සදහන් කර ඇත.

ෆෙඩරල් ක‍්‍රමයක් ඇති කිරීමට තමන් කිසිසේතම ඉඩ නොදෙන බවද සදහන් කර ඇති ජනාධිපතිවරයා රට බෙදන ව්‍යවස්ථාවක් සකසා ඇතැයි ඇතැමුන් කෙතරම් චෝදනා කලත් ව්‍යවස්තා කෙටුම්පතක් හෝ තවම සකස් කර නැතැයිද ජනාධිපතිවරයා පවසා තිබේ.

76 views
Main News