එජාපෙ නායකයන් සජිත්ව වටේ යවයි.. එජාප කැමැත්ත අරන් එන්නැයි හරවා යවලා.. ඊයේ හමුවේදී වූ දේ මෙන්න..

September 15, 2019 at 2:10 pm | lanka C news
එජාපෙ නායකයන් සජිත්ව වටේ යවයි.. එජාප කැමැත්ත අරන් එන්නැයි හරවා යවලා.. ඊයේ හමුවේදී වූ දේ මෙන්න..

එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයින් සමග පැවති සාකච්ඡාවේදී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පත් කරන්නට කිසිම එකඟතාවයකට පත්ව නැති බව එක්සත් ජාතික පක්‍ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවට අදහස් පල කර ඇත්තේ රවුෆ් හකීම් මහතා පමණක් යයිද අනෙක් සියලුම පක්ෂ නායකයන් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසින් නම් කරන අපේක්ෂකයාට තම සහාය ලබාදීමට සූදානම් බවත් වාර්තා වෙයි.

තමනට එක්සත් ජාතික පක්ෂයට පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් බලපෑම් කළ නොහැකි බව එහිදී පක්ෂ නායකයන්ට පෙන්වා දී ඇති බවත් ඉක්මනින් පක්ෂ අපේක්ෂකයා නම් කරන්න බලපෑම් කළ හැකි බව පක්ෂ නායකයන් පෙන්වා දී ඇති බවද සඳහන්ය.

මෙම හමුව පැවැත්වුණේ ඇමැති මංගල සමරවීර මහතාගේ නිවසේදීය ඊයේ රාත්‍රී කාලයේදීය.

රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, චම්පික රණවක, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන් යන පක්ෂ නායකයින් සමග සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා කළේය.

එම හමුව සඳහා සජිත් පාර්ශ්වයෙන් මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන මහත්වරුන් ද එක්ව තිබිණි.

35,248 Viewers

5 Comments to “එජාපෙ නායකයන් සජිත්ව වටේ යවයි.. එජාප කැමැත්ත අරන් එන්නැයි හරවා යවලා.. ඊයේ හමුවේදී වූ දේ මෙන්න..”

  1. RAYMOND says:

    රවුප් හකීම් ගෝඨාභය රාජපක්ෂ මහතා ට සහායට එනවා

  2. කං කං බූරූ..සිං සිං නෝරූ..
    මං කියන දේ කරනවද….
    එහෙනං දුවලා දුවල ගිහිල්ලා..
    පෙළපත් කුළගොත් වෙනස් කරං වරෝ…

    සුද්දො ටයි කෝට් පැළැන්තියට බාර දීල ගිය බටහිර ගැති යූඇන්පියෙ, සජී වගේ අයට කොහෙද ඉඩ…වටේ ගිහිං ගිහිංං ආපහු එනකොට හිටපු තැනත් ගහල ගිහිං තිබුනොත් තමා මරු..

  3. Rata Wenuwen says:

    දාන් පෙතේ ඉත්ත වගෙ සජියා දුවනවා,
    රනියා මූට ලනුව දිලා කොක් හඬලනවා,
    තඹයා සමග අජියා දැන් අයින් ගහානවා,
    ඔටු මන්තර මොලේ වැදී පිස්සු කෙළිනවා

  4. Love nature says:

    ගොළුවා දුටු හීනය වගෙයි

  5. gothaya says:

    Penewa neda…. gaanunta thirana ganime shakthiya adui kiyala dan therenewa neda moda yakune

Main News