එජාපෙ පරාජය සහතික කරමින් අනුර දිසානායක ජවිපෙන් ජනාධිපතිවරණයට.. ලක්ෂ 62න් ලක්ෂ 05ක් අහිමිවේ..
August 13, 2019 at 12:00 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්රධාන කරගත් නව බලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කිරීමට නියමිත යැයි වාර්තා වෙයි.
ඒ සඳහා වූ ජනරැළියක් එළැඹෙන 18 වැනි දා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.
අනුර දිසානායක මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම එම පක්සයේ වැඩිම කැමැත්ත වී ඇති බවද වාර්තා වෙයි.
ඒ අනුව ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වනු ඇති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.
පසුගිය ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළ අතර ඔවුන් අනියමින් මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ සන්ධානයට සහයෝගය දුන් බවට මත පලවිය.
මේ තත්ත්වය මත ආසන්න වශයෙන් ලක්ෂ පහක ඡන්ද ප්රමාණයක් ජනතා විමුක්ති පෙරමුණ ලබාගනු ඇත්තේ 62 ලක්ෂයක් වූ 2015 ජනාධිපතිවරණ ජයගත් පාර්ශවයෙනි.
If a party leader contests the election he/she should resign from the party leadership if defeated paving the way for a ‘new leader’ in this case Lalkantha..
මේවා බොරු JVP එවුන් ඉල්ලන්නෙ නෑ .මේ පාරටත් පොදු අපේක්ෂ ක තමයි .1999 පස්සේ මේ යක්කු ඉල්ල ලා නෑ .කවුරු හරි බිල්ලට දෙනවා .
aththa aththa 88,89 kalaye me polawe hitapo ekek wath nam anurayata saha sajiyata chande denne naha.
මම දකින්නේ මේක වෙනස් විදියට. Jvp මේ වතාවේ පොදු අපේක්ෂකයෙක් වෙනුවෙන් UNP එක්ක සන්ධාන වෙන්න බැහැ මොකද සජිත්, රනිල් වෙනුවෙන් jvp එකට පෙනී සිටින්න බැහැ. Unp එකෙන් වෙන කෙනෙක් ඉදිරිපත් වෙන්නෙත් නැහැ. Unp එකත් එක්ක සන්ධාන හැදුවොත් jvp ජන්ද ටික ගෝටාට යනවා. එක වලක්වන්න සහ තියෙන ජන්ද ටික රැක ගන්න තමයි jvp එක මේ වතාවේ ඉල්ලන්නේ.
අවරුදු 55 කට ජේවීපිය රටට කල සේවය කුමක්ද.???????
තනියම ඉල්ලන එක හොඳයි , තමුන්ගෙ ඇත්ත තත්වෙ තේරුම් ගන්න…
Paw Anura kawruhari murunga attaka naggala wage.’katanayakata’ duwana liyum dunna vijithayage wadakkda?