එජාප අන්තිම බලාපොරොත්තුවට තිත.. පොහොට්ටු-ශ‍්‍රීලනිප අද පෙරවරුවේ ගිවිසුම්ගත වෙති..

October 10, 2019 at 8:02 am | lanka C news
එජාප අන්තිම බලාපොරොත්තුවට තිත.. පොහොට්ටු-ශ‍්‍රීලනිප අද පෙරවරුවේ ගිවිසුම්ගත වෙති..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද දිනයේ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි.

කොළඹ පදනම් ආයතනයේදී එම ගිවිසුම අත්සන් තැබීමට නියමිතව ඇත්තේ පෙරවර 10.00ටයි.

ශ්‍රීලනිපය වෙනුවෙන් එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, එජනිස මහලේකම් මහින්ද අමරවීර සහභාගී වනු ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සභාපති ජී.එල්. පීරිස්, ලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

16,530 Viewers

One Comment to “එජාප අන්තිම බලාපොරොත්තුවට තිත.. පොහොට්ටු-ශ‍්‍රීලනිප අද පෙරවරුවේ ගිවිසුම්ගත වෙති..”

  1. kamal says:

    සන්හිදියාව තියෙන්නෙ ගොටාගෙ පිල ලග විතරයි
    ගොටා ලග ඉන්න සිංහල දෙමල මුස්ලිම් අය ලෞකික සම්මා දෘෂ්ටිය නැතිනම් බෞද්ධ අනන්‍යතාවය පිලිගන්නවා. නමුත් ජවිපෙ මා එක්සත් ජාතික පක්ෂය හා ජනතා ව්‍යාපාරය ලග සන්හිදියාව නැ. මොකද එතන සිංහල දෙමල මුස්ලිම් සමග ඒකාත්මයක් නැ. එක්සත් ජාතික පක්ෂයේ හෙල උරුමය බදියුදින් එකට පැහෙන්නෙ නැ මොකද එයට හේතුව සිංහල බෞද්ධ අනන්න්‍යතාවය පිලිගන්නෙ නැති එක අපි රවෙටෙනවා කොටින්ම කියනවානම් දියසේන කුමාරයාත් රැවටෙනවා 2015 සිරිසේනට හා 2019 මහේෂ්ට නමුත් ගුරු දෙව් කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි අනුකරණය කිරිමෙන් එම රැවටිම වලක්වා ගන්න පුලුවන් මිට කමල්.

Leave a Comment

Main News