එජාප ආණ්ඩුවකට මැති ඇමති වෙන්දේසිය ඇරඹේ… ලන්සුව කෝටි දහයයි.. ශ‍්‍රීලනිප දහයක්.. දෙමල සන්දාන තුනක් පෝලිමේ..

February 14, 2018 at 1:20 pm | lanka C news
එජාප ආණ්ඩුවකට මැති ඇමති වෙන්දේසිය ඇරඹේ… ලන්සුව කෝටි දහයයි.. ශ‍්‍රීලනිප දහයක්.. දෙමල සන්දාන තුනක් පෝලිමේ..

තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීම සදහා දේශපාලන ස්ථාවරයන් මාරු කරමින් නව ආණ්ඩුව එක්වන මැති ඇමතිවරුන් සදහා ඉහලම මිල නියම කිරීමක් සිදුව ඇති බව දේශපාලන කවයන්හි සාකච්චා වෙයි.

ඒ අනුව එක් අයෙකුට යෝජනා වී ඇති මුලද රුපියල් කෝටි දහයක් පමණ වන්නේ යයිද වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්‍ෂයට මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන 106ක් ඇති අතර සරල බහුතර ආණ්ඩුවක් පිහිටුවීම නම් පාර්ලිමේන්තුවේ ආසන 113ක් අවශ්‍යය.

මෙම පුරප්පාඩුව සදහා දැනටමත් ශ‍්‍රිලනිප ඇමතිවරුන් දස දෙනෙකු හා දෙමල සන්ධාන මන්ත‍්‍රීන් තිදෙනෙක් සූදානමින් සිටිතැයිද සදහන්ය.

86 views

22 Comments to “එජාප ආණ්ඩුවකට මැති ඇමති වෙන්දේසිය ඇරඹේ… ලන්සුව කෝටි දහයයි.. ශ‍්‍රීලනිප දහයක්.. දෙමල සන්දාන තුනක් පෝලිමේ..”

  1. Love nature says:

    පරම්පරා හතකට සහගහන අපරාධයකට සැරසේ

  2. Love nature says:

    අප අද කල යුත්තේ, ලොකු කාඩ්බෝඩ් කෑල්ලක පඹයෙක් ඇඳ එහි කොල, පාට ගා එය ගේ අසල ලීයක හිටවා හෝ වැටේ අමුණා එයට පර මන්ත්‍රී! හොර මන්ත්‍රී! පර දේශපාලකයා! යනුවෙන් පරුෂ ලෙස බනිමින් දිනපතා උදේ හවස කෙළ ගැසීමය.

  3. AluthKade Saita says:

    අන්න වෙන්දේසි .IPL පරාදයි

  4. පිල්මාරු කරන උන් says:

    පිල්මාරු කරන උන් අල්ලලා ගමේ ලයිට් කණුවල බැදීම් රෙදි ගලවලා, දෙන්නෙක්ට කලාම ආයෙම කොරන්නේ නැහැ.

Main News