එජාප ආණ්ඩුවක් හදනවා.. බහුතරය අපි පෙන්වන්න සූදානම්..- ශ‍්‍රීලනිපයට අභියෝග කරමින් එජාපය දන්වයි..

February 15, 2018 at 9:20 am | lanka C news
එජාප ආණ්ඩුවක් හදනවා.. බහුතරය අපි පෙන්වන්න සූදානම්..- ශ‍්‍රීලනිපයට අභියෝග කරමින් එජාපය දන්වයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට පෙර එක්සත් ජාතික පක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට කඩිනම් සැලැස්මක් මේ වන විට දියත් කර තිබේ.

ශ‍්‍රීලනිපයට එක්වෙතැයි සැක සහිත එජාප මැති ඇමතිවරුන් ඉලක්ක කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ හිතවාදී පිරිස් විසින් හිත් හැදීමේ හා සංතෝෂම් දීමේ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වෙමින් ඇත.

එමෙන්ම දෙමල ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු සමගද සාකච්චා කිහිපයක්ම සිදු කර ඇති බවද වාර්තා වෙයි.

මේ අනුව එක්සත් ජාතික පක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේ 113ක සරල බහුතර බලයක් පෙන්වීමට සැලසුම කර ඇති බවත් ඉන් පසු අගමැති රනිල් වික‍්‍රමසිහං මහතා සමගින් ඉදි ඉදිරි කාලය ආණ්ඩුව පවත්වාගෙන යාමට සුලසුම් කර ඇති බවත් සදහන්ය.

79 views

26 Comments to “එජාප ආණ්ඩුවක් හදනවා.. බහුතරය අපි පෙන්වන්න සූදානම්..- ශ‍්‍රීලනිපයට අභියෝග කරමින් එජාපය දන්වයි..”

  1. Karu says:

    ඕන් අපේ ලොක්කගෙ කඩුව!
    අපි දන්නව ඔය කඩුව තියෙන්නෙ කොහෙද කියල.
    වචාලගේ මිස්ටර් කුණුදත්ලගෙ ගෙදරත් ඔය වගේම ලූනු බිකක් තියනවා.

  2. bleo says:

    මේ බාන මොකුත් වෙනසක් කරන්නෙ නැහැ. පඩ ශෝ එකක් තියල වෙනද වගේම රට විනාස කරන එක දිගටම කරගෙන යනව. රටට අබ සරනයි.

  3. Aussie says:

    President gradually becoming a laughing stock. What he should do is to quit presidency immediately and pave the way for Mahinda Rajapaksa to form a government,if he follow his own theory. Please go-ahead and do it without pointing the finger at others.

  4. Critic says:

    What’s the country needs now is to organize one more general strike,and then they, RW & MY3, can see how they form a new government.

  5. Sooraseana says:

    Mr.beenwa pakshayean wahaama iwathkara sajith wa agamethikara pakshaya idiriyata yana waga balanda

  6. sri lankan says:

    මෛත්‍රී ජනාධිපතිතුමාට සිදුවූදේ… කුම්බලා මාලුකෑවානම් විදවපන් බළළෝ මෛත්‍රී ජනාධිපතිතුමාට හිතෙනදේ…….
    යකෝ මම මේ තේරෙන්නැති මගුල් ජනාධිපති කමක් කරන්න ගිහිල්ල කන පරිප්පුවක් දැන්වුනේ හරියට නටපු නාඩගමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ වැඩක්.

    • samuvel says:

      උන් කුම්බලා මාලු කෑවානම් ….උන් විඳවන්න එපායෙ. දැන් උන් චන්දෙනුත් පරද්දලා මක්කටැයි අපි රට වැසියෝ ඔක්කොම තවත් විඳවන්නෙ හිටන්.

  7. yaldewi says:

    In 2015 January Sirisena did nor care about the majority. but why he care too much this time. it says that there is hidden agenda.

  8. Gemunu says:

    වත්මන් රජය පලාත් පාලන චන්දයෙන් පැරදීමට ප්රුධාන හේතුව නම් ගැටලු සඳහා ජනතාව බලාපොරොත්තු වන විසඳුම් නොලැබීමයි.
    1. සයිටම් ගැටලුව සඳහා රතුපස්වල, කටුනායක ආරයේ විසඳුමක් නොදීම.
    2. දෙරණ, හිරු වැනි පකෂග්රා හී මාධ්යය ආයතන සඳහා “සිරස මැදිරි සංකීර්ණයට” ලබා දුන් ආරයේ විසදුමක් ලබා නොදීම.
    3. නීතිපති, අගවිනිසුරු වැනි තනතුරු සඳහා තමන්ගේ හෙන්චයියන් පත් නොකිරීම.
    4. ස්වාදීන කොමිෂන් සභා ඇතිකර දෙශපාලුවන්ට අතපෙවීමට තිබූ අයිතිය නැති කිරීම.
    5. සුදු වෑන් යොදා ගනිමින් මිනිසුන්ට දුන් ආතල් නතර කිරීම.
    6. දළදා මාලිගය වටා කාර් රේස් පැදීමට මිනිසුන්ට තිබූ අයිතිය නැති කිරීම.
    7. රාජ්යම සේවක වැටුප එකවර රු. 10000/=කින් වැඩිකර රාජ්යි සේවකයින් විශමාචාර වලට පුරුදු කිරීම.
    ඉදිරි කාලයේදී මෙම ගැටලු සඳහා විසඳුම් නොලැබුන හොත් නැවත රාජපක්ෂ රජයක් ගෙන ඒමට සිදුවනු ඇත.

  9. රාහුල මල්ලී says:

    රට අස්ථාවර නොකර තවදුරටත් පිස්සු කෙළින්නේ නැතුව පාර්ලිමේන්තුවේ ඉන්න සියළු මන්ත්‍රීන්ගේ යෝඡනා සම්මතයෙන් පාර්ලිමේන්තුව විසුරුවාලීමට ඡනපතිට බලය දිය යුතුය.. එවිට ඡනතාව කැමති නම් රනිල් හරි මහින්ද හරි තොණ්ඩමන් හරි හකීම් හරි අනුර හරි සම්බන්ධන් හරි ඔය මොකා හරි තෝර ගන්නේ නැතෑ….. රට අස්ථාව වුනොත් අනාථ වන්නේ ඔය 225 ට වැඩිය මේ රටේ එක්කෝටි විසි ලක්ෂයක ඡනතාව.. අන්න උං ගැන හිතපල්ලා…

Main News