එජාප ආණ්ඩුව අධිවේගීව බිද වැටේ.. තවත් ඇමතිවරුන් රොත්තක් ඉල්ලා අස්වේ.. චම්පික, මලික් කබීර් ඒ අතරයි..

November 17, 2019 at 10:32 pm | lanka C news
එජාප ආණ්ඩුව අධිවේගීව බිද වැටේ.. තවත් ඇමතිවරුන් රොත්තක් ඉල්ලා අස්වේ.. චම්පික, මලික් කබීර් ඒ අතරයි..

එක්සත් ජාතික පෙරමුණු රජයේ තවත් ඇමතිවරුන් ගණනාවක් ඇමතිධූර අතහැර තිබේ.

ඇමැති මලික් සමරවික්‍රම මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

එමෙන්ම ඇමැති කබීර් හෂීම් මහතා ඇමැති ධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත.

පාඨලී චම්පික මහතා ද සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

රුවන් විජේවර්ධන මහතාද සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ලබා දී ඇත.

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා පරාජය වීම මත මෙම පියවරයන් ඔවුන් විසින් ගෙන තිබේ.

මංගල සමරවීර, හරීන් ප‍්‍රනාන්දු, අජිත් පෙරේරා ඇමතිවරුන් මීට පෙර ඇමති ධුරවලින් ඉවත් විය.

76,519 Viewers

5 Comments to “එජාප ආණ්ඩුව අධිවේගීව බිද වැටේ.. තවත් ඇමතිවරුන් රොත්තක් ඉල්ලා අස්වේ.. චම්පික, මලික් කබීර් ඒ අතරයි..”

  1. "පාපය ගෙවයි " says:

    බුරුතු පිටින් අස්වෙලා රටින් පලා ගියද
    දීමනා ලැබේ තිබු විදියටම අඩු නැතිවද
    කුඩු රජාලා බිහිකර මන්ඳිර හිටිය මුන්ද
    පාපය ගෙවයි කවදා හෝ කරපු සාපයද

  2. චේතියසේන says:

    අපෙ කාණුමුඛ අමාත්‍ය තුමයි වණජීවී තුමයි සද්දක් බද්දක් නැත්තෙ මොකද දන්නෙ නෑ!

  3. Rata Wenuwen says:

    අනේ අනිච්චන්! වෙච්ච දේක මහත, සියලු සන්ස්කාර දර්මයෝ වෙනස් වන සුලු බව දැනගනිල්ලා.
    සුවපති තුමනී ඔබගේ අස්වීම රටවෙනුවෙන් අපට වැදගත්, ඔබගේ වාචාල කටට දැන්වත් නිවාඩුවක් දුනහොත් රටටම සෙතකි

  4. Andy Wije says:

    Arrest them all and prosecute to the fullest extent of the law for the treason, money laundering, theft from the treasury, bond scam, theft from the people.

  5. Buddhadasa says:

    All ministers especially Champika Ranawaka who has no where to go now resigning and will come after Rajapakses to get attached and beg for ministerial posts.
    The public trusted Gota and defeated Sajith & this lot and Gotabaya Rajapakse should not give two hoots for these traitors. There are sufficient brainy people in SLPP and SLFP to govern the country, guided by Gatabhaya and Mahinda.

Main News