එජාප ආණ්ඩුව රැක දුන්නාට කතානායකට සම්මානයකින් පුදයි..

January 31, 2019 at 12:00 pm | lanka C news
එජාප ආණ්ඩුව රැක දුන්නාට කතානායකට සම්මානයකින් පුදයි..

පසුගිය කාලයේ ඇති වූ සිදුවීම්දාමය මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිබඳව යම් තිගැස්මක් ජනිත කල නමුත්, අවසානයේ සියල්ල ප්‍රජාතන්ත්‍රවාදීව විසදාගැනීමට හැකිවීම ශිෂ්ඨසම්පන්න රටත් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක් බවත්, පාර්ලිමේන්තු ක්‍රමයේ පරිතන පරමාදර්ශි රටක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකය තුල හිමි ගෞරවය එලෙසම පවතින බවත්” කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

දේශපාලනයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදය සහ දියුණු සමාජ ක්‍රමයක් වෙනුවෙන් පෙරට පැමිණෙන සිවිල් සමාජ සංවිධාන රටට හිමි එම ගෞරවනීය තත්වය ආරක්ෂා කරන ප්‍රධානතම බලවේගයක් බවද මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ නායකත්වයෙන් පෙරට පැමිණි සිවිල් සමාජ සංවිධාන පුළුල් සමාජ පෙරලියකට මඟපෙන්වීමට සමත්ව ඇති බවද හෙතෙම සඳහන් කලේය.

කරු ජයසුරිය මහතා මෙම අදහස් දැක්වූයේ ආණමඩුව “සුදම්පාය” ශ්‍රවණාගාරයේදී පැවැති “ජනඅරගලයට යුක්තිය” උපහාර උළෙලහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමෙහිලා අරගලයට සහභාගිත්වය දැක්වූ ජනතා නියමුවන්ට උපහර පිදීම සඳහා පුත්තලම දිස්ත්‍රික් සහභාගීත්ව සංවර්ධන පදනම විසින් මෙම ඇගැයීම් උළෙල සංවිධානය කර තිබිනි.

කථානායක කරු ජයසුරිය මහතා වෙනුවෙන් මෙහිදී ප්‍රධානතම උපහාර සම්මානය පිරිනැමුනු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර , ආචාර්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේ, මහාචාර්‍ය සරත් විජේසුරිය , සිවිල් සංවිධාන වෘත්ති සමිති එකමුතුවේ කැවුම්කරු සමන් රත්නප්‍රිය, ශ්‍රීලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරා, ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ රසිකා සෙනෙවිරත්න, සාධු ජනරාව නිර්මාතෘ ජයතිලක බණ්ඩාර,රයිට්ටු ලයිෆ් සංවිධානයේ පිලිප් දිසානායක , ජාතික සාම මණ්ඩලයේ සමන් සෙනෙවිරත්න යන අයවළුන් මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

ඔක්තෝම්බර් 26 දින සිට දින 51 කාලයක් පූරා රටතුල ඇති වු සිද්ධිදාමය හෝ එහිදී පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමට ගොස් තමන් මුහුණ දුන් අත්දැකීම් සියල්ල දේශපාලනිකව විග්‍රහ නොකර කථානායකවරයා ලෙස උපේක්ෂා සහගතව දැකීමට තමා කැමති වන නමුත්, එම අර්බුදය නිසා රටට ඇති වූ පසුබෑම් පිළිබඳව තමා බෙහෙවින් කණගාටුවට පත් වන බවද කථානායකවරයා පැවසීය.

උත්සවය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ කරු ජයසුරිය මහතා සඳහන් කලේ “අප මුහුණ දුන් අමිහිරි අත්දැකීම් අනාගත පරපුරට අත්කර නොදීමට වගබලා ගැන්ම වත්මන් වැඩිහිටි පරපුරේ පරම යුතුකම බවයි”.

“මන්ත්‍රීවරුන් මිලදී ගැනීම පිළිබඳව අපකීර්තිමත් ප්‍රවෘත්ති මැද මුදලට ස්වකීය හෘද සාක්ෂිය පාවා නොදුන් මහත්වරුන්ද දේශපාලන‍යේ සිටින බව ඔප්පු වුනා, පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා එහිදී නිර්භයව පෙරට පැමිණියා, එම නිසාම එතුමන්ට මිලදී ගැනිමේ ක්‍රියාදාමය කණපිට හරවන්න හැකි වුනා”.

ඇත්ත වශයෙන්ම මේ බල හුවමාරුවට වඩා ජනතාවට රටට වැදගත් වන අභියෝග තිබෙනවා, අප රට දේශගුණ විපර්යාස නිසා සිදුවන අනතුරු වලින් ලෝකයේ ඉදිරියෙන්ම සිටිනවා, මෙන්ම ලෝකයේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙනවා.

අපරාධ සහ මීනීමැරුම් නිතර අසන්නට ලැබෙනවා, මෙම තත්වයෙන් රට මුදාගැනීමේ අභියෝගයට අප මුහුණ දිය යුතුයි. ඒ සඳහා මුහුණ දිය හැකි ස්වාධින රාජ්‍ය සේවයක් දේශපාලනිකරණයෙන් තොර වූ පොලිසියක්, ශක්තිමත් අධිකරණ පද්ධතියක් 19 වන සංශෝධනයේ ප්‍රතිඵල ලෙස අද රටට ලැබී ‍තිබෙනවා.

ලෝකයේ හොදම මානවහිමිකම් කොමිසන් සභාවක්, ලෝකයේ ශක්තිමත්ම තොරතුරු දැන ගැනීමේ පනතක් අපට තිබෙනවා. එම සියළු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ යුක්තිගරුක , විනයගරුක සමාජ ක්‍රමයක් නිර්මාණ කිරිමේ මෙවලම් බවට පත් කර ගත යුතු යැයිද කථානායකවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ,

“ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කථානායකතුමා ගෙන ගිය සටන කිසි ලෙසකින්වත් පාවා දීමට ඉඩ නොදිය යුතු බව මා දැඩිව විශ්වාසකලා, ඒ නිසා අනුකම්පා විරහිතව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි බලවේග පරාජය කිරීම සඳහා මා පෙනී සිටියා. ප්‍රජාතන්ත්‍රවාදයත්, නීතියත් ජනතාව සතු අවියයි, එය භාවිතා කිරිමට ජනතාව තුල අව‍බෝධයක් තිබිය යුතුයි හෘද සාක්ෂියට එකඟව නිවැරදි දේ වෙනුවෙන් කරන සටන දුෂ්කරයි, එහි ප්‍රතිඵල ලැබෙන්නේ සෙමින්. නමුත්, සධාරණත්වය සඳහා වූ සටන නියත ලෙසම ජයග්‍රහණය කරනවා”.

මෙහි දී අදහස් දැක්වූ මහාචාර්‍ය සරත් විජේසුරිය මහතා

“ජනාධිපතිවරයා‍ බලඅරගලයට කොටස්කරුවෙකු නොවිය යුතු බවත්, අප විශ්වාස කරනවා, ඒ නිසාමයි ව්‍යවස්ථාවෙන්ම ජනාධිපති ධුරය උත්තරීතර තැනක රදවා තිබෙන්නේ සෝභිත නා හිමියන් පොදු අපේක්ෂකයෙක් බිහි කිරිමෙන් නිර්මාණය කරන්න අපේක්ෂා කලේ එවන් ජනාධිපති ධුරයක් බව අප මතක තබා ගත යුතුයි.”

– චමින්ද ගමගේ

48 views

10 Comments to “එජාප ආණ්ඩුව රැක දුන්නාට කතානායකට සම්මානයකින් පුදයි..”

  1. W M Fernando says:

    Funding of NGOb by foreign parties to act according to their wish is also a bribery. Most of NGOs serve to foreign bodies and not for local society.

  2. ක්‍රිමිනල් says:

    ඇයි බොල මහින්දට විපස්ස නායක කම අරං දුන්නට සම්මානයක් දෙන්නැද්ද ?

  3. siri says:

    NGO Nadaya sammana labuwa wagai?

  4. cw says:

    Traitors of he nation.

  5. සමන් says:

    උත්සවේදී කෑමට දුන්නෙත් ඩොලර් ද? රට පාවාදෙන සෙට් එකේ එකතුවට හෙනයක් පාත් උනේ නැති එක පුදුමයි.

  6. බන්ඩා says:

    සෝපිත හිමි අද ජීවතුන් අතර සිටියා නම් සිරිකොතේ ස්පීකර් ගෙ කෙරැවාව ගැනය් රනිලගෙ චන්ද නැති ‘යහපාලනය’ ගැනය් රටේ ආර්තිකය ගැනය් මොනවා නොකියාවිද?

    • 77 UNP says:

      සෝභිත තමන් කල කෙරුවාව නිසා රටට වුන විපත දිහා බලල දිව ඇදන් කා මැරෙනවා සිකුරුයි.

  7. Kadiya says:

    ඔය උපහාර ලබපු සෙට් එකේ කතානායක ජඩසූරියත් හිටිය එක බොහොම හොඳයි. UNP, TNA, JVP, NGO තමයි උපහාර ලබපු සෙට් එක. මහබැංකු හොරකමෙන් ඉපයූ මුදල් බෙදල රැකගත්තු බහුතරය තමයි පාර්ලිමේන්තුවේදී කථානායක සහ ඔහුගේ ස්වාමීන් වන බටහිර තානාපතිලා පිළිගත්තේ. ඔවුන්ට ඕනෑ වුනේ රට බෙදන සුමන්තිරම්+රනිල් ව්‍යවස්ථාව හෝ JVP+රනිල් 20 වන ව්‍යවස්ථා රෙපයාර් එක කරනකම් UNP අටමගල ගෙනයන්න. ඒක කරපු උන් තමයි ඔය උපහාර ලබපු සෙට් එක.

  8. Saradiel says:

    ලිපේ ගිනි මොලවනතුරැ; දිය සැළියේ, , කකුළුවා; සැපකැයි සිතා; දිය .කෙළියේ

  9. සිරිසේන says:

    චන්ද කල් දමන රටක මොන ප්රජාතන්තවාදයක්ද

Main News