එජාප ආධාරකරුවන් පාර්ලිමේන්තුවට කඩා පනින්න සූදානම්.. බලය අල්ලන බව කියයි..

November 4, 2018 at 3:00 pm | lanka C news
එජාප ආධාරකරුවන් පාර්ලිමේන්තුවට කඩා පනින්න සූදානම්.. බලය අල්ලන බව කියයි..

පාර්ලිමේන්තුව 07 වනදා නොකැදවන්නේ නම් ජනතාව සමඟින් කඩා වැදී පාර්ලිමේන්තුව අත්පත් කරගැන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සදහන් කරයි.

එහිදී යම් වරදක් වුවහොත් එහි සම්පූර්ණ වගකීම ගත යුත්තේ පාර්ලිමේන්තුව කල් දමනා අය බවත් ඔහු කියා සිටී.

ව්‍යවස්ථා විරෝධීව කරන මෙම කටයුතුවලට විරුද්දව ජනතාව ඉදිරියෙදි ක්‍රියා කරනු ඇතැයිද ඔහු පැවසීය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

99 views