එජාප ඌවේ හා දකුණේ ප‍්‍රබලයෙකු ඇතුළු 06ක් මහින්ද හමුවේ..

January 25, 2020 at 11:20 am | lanka C news
එජාප ඌවේ හා දකුණේ ප‍්‍රබලයෙකු ඇතුළු 06ක් මහින්ද හමුවේ..

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු මෑත දිනවලදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා කර තිබේ.

06 දෙනෙකුගේ පමණ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී මෙසේ සාකච්ඡා සිදුකර ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෙකු හා එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද මහින්ද රාජපක්ෂ මහතා හමුවී පැය භාගයකට ආසන්න කාලයක් සාකච්ඡා කර ඇත.

එමෙන්ම ඌව පළාත නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් ඇමතිවරයකු ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර ඇත.

දකුණු පළාත නියෝජනය කරන ප්‍රභලයකු මෙන්ම හිටපු කැබිනට් ඇමතිවරයෙකු ඌව පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද අගමැතිවරයා මුණ ගැසී කථා බස් කර ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

34,331 Viewers

7 Comments to “එජාප ඌවේ හා දකුණේ ප‍්‍රබලයෙකු ඇතුළු 06ක් මහින්ද හමුවේ..”

  1. Saibal says:

    Happoooo, Google balloon kittuwatawath ganna epooo

  2. බන්ඩා says:

    අද කාලෙ පක්ෂ මාරැ කලාට මංත්‍රී කම රැක ගන්න ලෙහෙසි නැහැ. ඊලඟ ඡන්දෙන් පක්ෂ දෙකේම ප්‍රභලයන් කියන බොහෝ උන් පැන්ෂන් යාවි.

  3. desta says:

    chinnu ewith thopita crona virus dila yanakam hitapalla gon hettha perethayo tika yako e gena mulu lokema baya wela me gon hettha labbak kiya kiya innawa

  4. sl says:

    කුණු නම් ඊළඟ චන්දෙදි කුණු ගොඩවල් වලටම දාමු .රටට වැඩක් නැති ,පාර්ලිමේන්තු ගිහින් බැක්සයිඩ් ෆ්රන්ට්සයිඩ් කතා කරලා මහජන මුදල් නාස්ති කරන උන් ගෙවල් වල !තියමු

  5. සරා says:

    මහා මැතිවරණයෙන් පස්සේ එජාපයේ 10ක්15ක් අනිවාර්යෙන් ආන්ඩුවට එකතුවෙනවා වගේම ව්‍යවස්තාවත් සංශ‌ෝධනය කරනවාමයි.‌ෙමෝඩ සජිත් හා වටේට ඉන්න අඳබාල මන්ත්‍රිලා යුඑන්පි එක නැත්තටම නැති කරනවා.

  6. kkuruwita says:

    පනින එවුන් ගැන විශ්වාස කරන්න බැහැ අප්ප. බලාගෙන , පරිස්සමෙන් !!!!!!

  7. gamarala says:

    නයින් රෙද්ද අස්සේ දමාගෙන කනවා කියා කෑ ගසන්න එපා

Main News