එජාප කපටි යෝජනාවට පයින් ගහයි.. මෛත්රී-මහින්ද රන් අකුරින් ලියැවෙන තීන්දුවකට එති..
August 29, 2019 at 9:20 am | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පෙරේදා රාත්රියේ දී ජනාධිපති නිල නිවසේ දී පැවැත් වී තිබිණි.
මෙම සාකච්ඡා පැයක පමණ කාලයක් පැවතී ඇති අතර වත්මන් දේශපාලන තත්ත්වය, ශ්රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එක්ව පිහිටුවන සන්ධානය, විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
එක්සත් ජාතික පක්ෂය පාර්ශවයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
මේ මොහොතේ විධායක ජනාධිපති ධූරය අහෝසි නොකිරීමට දෙදෙනාම එකඟතාවයකට පැමිණ ඇතැයිද විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා කරයි.
ජනාදීපතිවරණය පැවැත්වීමට තවත් මාස කීපයක් පමණක් ඇති නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මේ මොහොතේ සුදුසු නොවන බවට ඔවුන් දෙදෙනාගේම මතය වී ඇත.
188 views