එජාප කෑල්ලක් ගලවාගෙන අලුත් පක්‍ෂයක් එයි.. ලකුණ කෙහෙල් ඇවරිය..

October 14, 2017 at 8:03 am | lanka C news
එජාප කෑල්ලක් ගලවාගෙන අලුත් පක්‍ෂයක් එයි.. ලකුණ කෙහෙල් ඇවරිය..

ශ්රි ලංකාවේ තවත් දේශපාලන පක්ෂයක ආරම්භය 12 දා සිදු විය. කොළඔ ජාතක පුස්තකාල ශ්‍රවණාගාරයේදි එක්සත ජාතික නිදහස් පෙරමුණ බිහිවිමත් සමගයි.

පක්ෂයේ නම ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, ධරණීය සංවර්ධනය,වංචාවෙන් දූෂණයෙන් තොර යහපාලනය, ගුණාත්මක දේශපාලනය තහවුරුකිරීමට ඇප කැපවන පක්ෂය “එක්සත් ජාතික නිදහස් පෙරමුණ” යනුවෙන් ඔවුන් නම්කොට තිබුණු අතර එක්සත් ජාතික නිදහස් පෙරමුණ නම තෝරා ගැනීමට බලපාන ලද හේතුව ලෙස ඔවුන් පවසන්නේ මේ රටේ පවතින ඕනෑම දේශපාලන පක්ෂයක සාමාජිකයකුට පැමිනීමට හැකි ලෙස පක්ෂය එක්සත් ජාතික නිදහස් පෙරමුණ ලෙස නම් කළ බවයි.

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලාංජනය ලෙස සෞභාග්‍යයේ සංකේතයක්  ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ඉතාමත්ම සමීප ලකුණක් ලෙස කෙසෙල් ඇවරිය තෝරාගනු ලැබු බව ඔවුන් එහිදි සදහන් කළේය. පක්ෂයේ වර්ණය ලෙස වර්ණ04කින් යුතු තොරා ගැනීමක් සිදුකොට තිබෙනවා ඒ කොල පැහැය,කහ පැහැය, නිල් පැහැය, සහ රතු පැහැය යනාදි වශයෙනුයි.පක්ෂයේ දැක්ම ලෙස  ශ්‍රී ලංකාව යළිත් පරිපූර්ණත්වයට පත් කිරීම තෝරාගෙන ඇති අතර පක්ෂයේ අරමුණු ලෙස ශ්‍රී ලාංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම හා රටට ගැලපෙන පාලන තන්ත්‍රයක් බිහිකිරීමේලා පෙනීසිටීම ශ්‍රී ලංකාවට ගැලපෙන්නාවූ ධරණීය සංවර්ධනයක් වෙනුවෙන් ඇපකැපවීම හා දූෂණය,වංචාව තුරන් කිරීමට ඇපකැපවීම දේශාපලන දැනුමින් හා වෘත්තීමය භාවයෙන් යුත් ගුණාත්මක දේශපාලඥයන් බිහිකිරීම හා සාමාන්‍ය ජනතාවගේ දේශපාලන දැනුම වර්ධනය කිරීමට ඇපකැපවීම දක්වා තිබේ.

එක්සත් ශ්‍රී ලාංකික ජාතියක් සඳහා ජාතික ආගමික සංහිදියාව ගොඩනැගීමට ඇප කැපවීම. දේශපාලනය තුළ උගත්,වෘත්තීමය තරුණ හා කාන්තා  නියෝජනය ඉහල නැංවීම සදහා ඇපකැපවීම අපගේ දේශපාලන මතය ප්‍රචාරය කිරීම,ඒ මතය හා සමාන මත දරණ හෝ අපගේ මතය පිළිගන්නා සංවිධාන,පුද්ගලයින්,කණ්ඩායම් හා පක්ෂ සමග ඒකාබද්ධව කටයුතු කිරීමගේ දේශපාලන මතවාදය සඳහා ජනාධිපතිවරණ,මහමැතිවරණ,පළාත් සභා මැතිවරණ,පළාත් පාලන මැතිවරණ සඳහා තරඟ කරබලය ලබාගැනීම. අපගේ දේශපාලන මතය ප්‍රචාරය කිරීම,ඒ මතය හා සමාන මත දරණ හෝ අපගේ මතය පිළිගන්නා සංවිධාන,පුද්ගලයින්,කණ්ඩායම් හා පක්ෂ සමග ඒකාබද්ධව කටයුතු කිරීම ඔවුන්ගේ දේශපාලන මතවාදය සඳහා ජනාධිපතිවරණ,මහමැතිවරණ,පළාත් සභා මැතිවරණ,පළාත් පාලන මැතිවරණ සඳහා තරඟ කරබලය ලබාගැනීම. යනාදි කරුණු තොරාගෙන ති‍බේ.

මීට අමතරව නව දේශපාලන පක්ෂයක අවශ්‍යතාව පෙන්වා දෙන එක්සත් ජාතික නිදහස් පෙරමුණ 2015 ජනවාරි 08 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරන්න ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුන බවත් අධික බලයක් සහිත ආණ්ඩුවක් පෙරලීමට හේතු වුනේ දේශපාලන පක්ෂවල දැඩි ක්‍රියාකාරීත්වයට වඩා ජනතාවට ඇතිවුන උනන්දුව  බවත් පෙන්වා දෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියා අභිමානය බලාපොරොත්තුවෙනවා 2015 ජනවාරි 08 වෙනසක් බලාගෙන වෙනසක් කරපු ජනතාවට අද බලාපොරොත්තු වුන වෙනසක් පේන්න නැති බවද ඔවුන් පෙන්වා දෙයි. ඉතින් ඒ ජනතාව වෙනසක් සදහා අවස්ථාවක් ඉල්ලනවා. ඒ වෙනස ජනවාරි 08 පරාජය කරපු බලවේග නොවන බවද සදහන් කළෙය.  එක්සත් ජාතික නිදහස් පෙරමුණෙ දේශිය හා විදේශීය ප්‍රතිපත්ති ලෙස දක්වා ඇත්තේ පහත කරුණුය.

ඔවුන්ගේ සම්පූර්ණ  ප්‍රතිපත්ති ප්‍රකාශය ජාතික මහා සම්මේලනයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් මෙහිදි දළ අදහසක් ඉදිරිපත් කරන බවත් ප්‍රකාශ කළේය.පහතින් දක්වා ඇත්තේ ඔවුනිගේ ප්‍රතිපත්ති ලේකනයෙන් උපුටා ගත් කොටසකි.

ආර්ථිකය-අපි නිෂ්පාදන ආර්ථිකය සේම වෙලදපොළ ආර්ථිකය පිළිගන්නවා.නමුත් ඒ වෙලදපොල ආර්ථිකය තුළ වල් බූරු නිදහසක් ලබාදීම අපි පිළිගන්නේ නෑ..ඒ සදහා විධිමත් රාජ්‍ය නියාමනයක් තිබිය යුතු බව අපි තරයේ විශ්වාස කරනවා.

නිදසුනකට පුද්ගලීකරණය ගනිමු. එය යම් තැනකට අවශ්‍යයි. තවත් තැනකට අනවශ්‍යයි. ජලය වගේ දෙයක් පෞද්ගලීකරණය කරන්නම බෑ.. විදුලිය වගේ දෙයක් ගත්තොත් නිෂ්පාදනය පුද්ගලික අංශයට දෙන්න පුළුවන්- සම්ප්‍රේෂණය,බෙදාහැරීම රජය සතු විය යුතුයි.

වෙලදපොල හා රාජ්‍ය මිශ්‍ර ආර්ථිකයක් පැවතිය යුතු බව අපි විශ්වාස කරනවා. ලංකාවෙන් ගන්න පුළුවන් හොදම නිදසුන ටෙලිකොම්. ස්කැනේඩියානු රටවල මෙම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මකයි. ග්‍රීන් ලන්තය,ස්වීඩන්,නෝර්වේ, යම් ප්‍රමාණයකට ජර්මනියෙත් ක්‍රියාත්මකයි.
විදේශ ප්‍රතිපත්තිය-ඉන්දියන් සාගර කලාපීය නොබැදි ප්‍රතිපත්තිය අනුගමනය කලයුතු බව විශ්වාස කරනවා.

දේශපාලන ප්‍රතිපත්තිය-මෙහිදී අපේ අවධානය පුළුල් ලෙස යොමු කරනවා.ලංකාවේ දේශපාලන දෘෂ්ඨිවාද 4ක් තිබෙනවා.ලිබරල් මතවාදය, මාක්ස්වාදී මතවාදය, සිංහල ජාතිකවාදී මාතවාදය, සිංහල නොවන ජාතිකවාදී මාතවාදය

මේ කාරණාවන් එක්ක අභියෝග 04 ක් තිබෙනවා.
බෙදුම්වාදයට හිස ඔසවන්න දෙනවාද?
නැවතත් යුද්ධයකට තල්ලුවෙන්න ඉඩ දෙනවාද?
අනාගත අභිවෘද්ධිය පිණිස කටයුතු කරනවාද?
පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් ගොඩනගනවාද?
යනුවෙන් සදහන් කළෙය.

මෙම අවස්තාව සදහා එක්සත ජාතික නිදහස් පෙරමුණේ සභාපති හිටපු ප.ම උපාලි අමරසිරි, එක්සත ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් හිටපු පලාත් සභා මන්ත්‍රි මෛත්‍රි ගුණරත්න,මධ්‍යම කාරක සභිකවරුන් වන අජන්තා රත්නායක හා එන් ඒ නිහාල් යන මහත්ම මහත්මීන් සහභාගි විය.

– unff

79 views

6 Comments to “එජාප කෑල්ලක් ගලවාගෙන අලුත් පක්‍ෂයක් එයි.. ලකුණ කෙහෙල් ඇවරිය..”

  1. ජනක says:

    මේක තනිකරම ජාතික නිදහස් පෙරමුණේ චන්ද ඩැහගන්න අටවල තියෙන පක්ෂයක් ජනතාව් මේ පක්ෂය ගැන දැනුවත් කරන්න .මේක අන්තිමේ මුක්කු ගහන්නේ unp එකටම තමයි .මේකට ඇත සිත unp එකෙන්ම තමයි

  2. Gayantha says:

    Thawath threewheel pakshayak. Thaniyen illuwot epath nai.

  3. Saradiel says:

    බැටළුහම පොරවාගත් කොටි ප්‍රවේසමෙන්

  4. john the baptice says:

    බැටළුහම පොරව ගත් හිවල්ලු…

  5. අසිත says:

    ඇවරියෙ ගෙඩි ගානට චන්ද වැටෙයි කියලා මම හිතනවා.

  6. kate says:

    බැටළුහම පොරව ගත් cunning Elephants. They will join with UNP.

Main News