එජාප කුණාටුව මැද මහ ලේකම්ගෙන් නිවේදනයක්.. අඩි ගණනාවක් පස්සට ගනී..

August 4, 2019 at 12:01 pm | lanka C news
එජාප කුණාටුව මැද මහ ලේකම්ගෙන් නිවේදනයක්.. අඩි ගණනාවක් පස්සට ගනී..

එක්සත් ජාතික පක්ෂයේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මැද එම පක්ෂ මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ සියලු අදහස් සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණෙන තෙක් නව සන්ධානය පිහිටුවීම කල් දැමීමට තීරණය කළ බවයි.

නව සන්ධානය පිහිටීම සඳහා නව යෝජනා ගණනාවක් ද ඉදිරිපත් වූ බවත් ඒ ගැන සියළු පක්ෂ සමඟ තවදුරටත් සාකච්ඡා කරන කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කළ බවත් ඔහු කියා සිටී.

ඒ අනුව එම සාකච්ඡාවන් නිමවුණු සංවිධානය සඳහා අත්සන් තැබීම කල් දැමිය යුතු බවට එකඟතාවයකට එළඹුණු බව ද ඔහුගේ නිවේදනයේ දැක්වේ.

56 views

12 Comments to “එජාප කුණාටුව මැද මහ ලේකම්ගෙන් නිවේදනයක්.. අඩි ගණනාවක් පස්සට ගනී..”

  1. J. R. J. says:

    Maama karapuwa karanna gihilla, Bana anagagannai haďanne.
    Kohomatath, Aandiýanage kanda heliwala bath naha wathura witharai!

    • අවුරුදු ගණනාවක් මිනිසුන්ගේ අහිංසක ජීවිත කාබාසිනියා කරපු පක්ෂෙකට කල දේ පලදෙන්නයි යන්නෙ.. තමන්ගේම ඒකාධිපති සට කපටිකම් වලට දැන් තමන්ගෙම එවුන් එක්ක හැප්පෙන්න වෙලා.. දැන් ජනතාවට පුළුවන් බලා ඉන්න UNP කපටි-කපටි යුද්ධ නාට්‍යය..

    • jsk says:

      බෑනට ඕනෙ මැරෙනකම් විපක්ශ නායක පුටුවෙ ඉන්න. ඇයි මොනම වැඩක්වත් කරන්න ඕනෙ නෑනෙ. වරප්‍රසාද විඳගෙන ඉන්නනෙ තියෙන්නෙ. මේ නාකි හමා මහපොලවටත් බරක්. හනේ මෙහෙම තන්හාවක්. හැබැයි උසනම් සිකුරිට් විකල්පයෙනුත් රටට ඇතිවෙන කිසිම සෙතක් නෑ. අන්තෝ ජටා. බහි ජටා. අපිට හුටා !

  2. බන්ඩා says:

    කෙලවෙන්න යනකොට රනිල් ⁣කොහොමත් අඩි කිහිපයක් පස්සට අරන් රිටර්න් එකට ලැහැස්ති වෙනවා.

  3. gunapala says:

    Thats real democracy. Thnx to the Hon Leader. Very different from the Family Party.

  4. Open mind says:

    ප්රජාතන්ත්රවාදී ලක්ෂණයක්. ඒත් ඒක තේරුම් ගන්න බහුතර ජනතාවකට බැහැ.(පක්ෂ භේදයෙන් තොරව)

  5. Kumari says:

    සන්ධානයක් යනු එක්සත් ජාතික පක්ෂයටම තනතුරු බෙදා ගන්නා එකක් නම් අනෙකුත් පක්ෂ තම තමන්ගේ පක්ෂ හදාගෙන නොඉඳ එජාපයේම සාමාජිකයන් වනවා ඇත. එසේ නොවන්නේ ඇයිදැයි කට්ටිවාදීන් කල්පනා කළ යුතුය. එජාපයට කෙළ වූ දින 52 දී සජිත්ලා රවිලා දින ගණනක් යන තුරු කල් මරමින්, මැස්ස ගැහීමට වැල යන අත බලද්දී රාජිතලා චම්පිකලා එක එල්ලේම පැමිණ එජාපය බේරා ගන්නා විට ඔවුන් හොඳය. හරි විශ්වාස ය. නමුත් සන්ධානයක් හදද්දී ලේකම්කම දෙන්නට බැරිය. බයය. රාජිතලාට චම්පිකලාට චන්ද තිබේදැයි ප්‍රශ්න කරන්නේ ය. චන්ද ගණන අනුව තීන්දු ගන්නවා නම් ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ ය. මන්ද යත් අවසන් මැතිවරණයේ දී ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවක් නිසා ය. නමුත් ඔවුන් යෝජනා කරන්නේ අවසන් මැතිවරණයේ දී එජාපය අනෙකුත් සෑම දිස්ත්‍රික්කය කදීම එක් මන්ත්‍රීධූරයක් හෝ වැඩි කර ගනිද්දී හම්බන්තොට හැමදාම තිබූ ආසන 2 පමණක් ලබා ගත් සජිත්ව ය. එබැවින් මේ කට්ටිවාදීන්ගේ තර්ක කිසිදු ගණිතයකට හෝ යථාර්තයකට හසුවන්නක් නොවේ.

    පොහොට්ටුවාදී බයියෝ ගෝඨාව ඉල්ලනවා සේ එජාප බයියෝ සජිත්ව ඉල්ලති. මේ දෙදෙනාම තම තමන්ගේ පක්ෂ වල පහල අඩු දියුණු ස්ථරයේ වීරයන් වුව ඔවුනට අනෙකුත් අය දිනා ගත නොහැකිය. ගෝඨාට සුළු ජන කොටස් දිනා ගත නොහැකි සේම සජිත්ට සුළු ජන කොටස් පමණක් නොව බුද්ධිමත් මධ්‍යම පාන්තික ඡන්ද ද දිනා ගත නොහැකිය. නමුත් මේ දෙදෙනාම ඒ ඒ පක්ෂවල පහළ තට්ටුව උද්දීපනය සඳහා අත් හැරිය හැකි චරිතද නොවේ. ප්‍රධාන කණ්ඩායම් ‌දෙකටම ‌මෙය ‌පොදු ප්‍රශ්නයකි.

    • රටට හිතැති says:

      රටට කෙල වෙලා ගිහින් තියෙන්නේඔය සුලු ජාතික චන්ද පස්සෙ දුවපු නිසයි.

    • Gams Zighy says:

      E-news ekenda kumari nangi oka copy karala gaththe oyage oya bara sara comment eka….ane adu gane eka yantham wath sadahan karanna… ekaney sadacharaya

  6. සයිමන් අප්පු says:

    එදා ……………(අතීතයේ දවසක) ඉවසලා ඉවසලා බැරිම තැන රතු කට්ට පැනපු UNP කාරයෝ රනිල් වික්‍රමසිංහත් ඔහුගේ රාජකීය ගජමිතුරු රැළත් කණෙන් ඇද පස්සහා පැත්තට පයින් ගසා සිරිකොතින් දොට්ට දමන්නට ගිය දවසේ සිරිකොතට පිවිසෙන මාර්ගයේ කාපට් ඇතිරීමක් යොදාගනිමින් රනිලානෝ බේරා නොගත්තේනම් මෙවන් කාලක්නනි සිව් වසරක් රටට කිසිසේත්ම උදානොවන්නට ඉඩ තිබුන අතර එජාපයටද මෙවන් කාලකණ්නි ඉරණමක් අත්නොවන්නට ඉඩ තිබුණි.

  7. David Milli-banda says:

    PLaying with the lives of the people and the progress of the Country.

Main News